මේ වන විට උසස් පෙළ අවසන් වී මාස කිහිපයක් ගත වී ඇත. විභාගය නිසා පරිගණකය දෙස වත් බලන්නට අවසර නොලත් අය දැන්අන්තර්ජාල පහසුකම් ද ලබා ඇත. මදක් සොයා බැලු විට, වත් පොතේ අලුතෙන් ගිණුම් නිර්මාණය කරගෙන දවස පුරා ම 'චැට්' කරනු දදැකිය හැකි ය.
ඒ අතර සයිබරයේ අලුත් පිරිසෙන් කිහිප දෙනෙක් බ්ලොග් ලිවිල්ලට ද එකතු වී අති බව මම නිරීක්ෂණය කළෙමි.මම ද උසස් පෙළ අවසන් ව බ්ලොග් ලියන්නට පිවිසුණෙක් මි. බ්ලොග් එකකට - දෙකකට වඩා නොදැක බ්ලොග් ලියන්නට පටන් ගත් මට, නිවැරදි ව බ්ලොග් එකක් යනු කුමක්ද යන්නත්, එයින් කෙරෙන දේ සහ කළ හැකි දේ පිළිබඳවත් අවබෝධ කර ගැනීමට කලක් ගතවිය. නමුත් මේ වන විට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සයිබරය ඔස්සේ දැන හඳුනා ගත් අයගෙන් දැන උගත් කරුණු මත පදනම්ව මා යම්දැනුමක් ලබා ඇති යි සිතෙයි.
බ්ලොග් ක්ෂේත්‍රයට අලුතින් පැමිණියවුන්ට මා මේ ලියන සටහනෙන් යම් දෙයක් ලබා ගත හැකි වේ නම් මම සතුටු වෙමි.සයිබරය පුරා බ්ලොග් අඩවි දස දහස් ගණනක් විසිරී ඇත. ඒ අතර සිංහල බ්ලොග් දහස් ගණනකි. ඒවායින් සමහරක් අතහැර දැමූ ඒවා ය.තවත් සමහරක් කිසිවෙකුට හෝ කිසි ම පලක් නැති ඒවා ය. තවත් ඒවා හිට්ස් බලාපොරොත්තුවෙන් කුණුගොඩවල් මාකට් කරන ඒවා ය.සමහරක් ඒවා දිනපොත් ය. බොහෝ විට බ්ලොග් එකක් ලියන්නට පටන් ගත් ඔබ, ඒවා අතර අතරමං ව මගේ බ්ලොගයෙන් කවරක් කළයුතු දැයි සිතා ගත නොහැකිව සිටිනවා විය හැකි ය.
සැබවින් ම බ්ලොග් එකක් යනු කුමක් ද?
තමන් විසින් ලියන ලද හෝ උපුටා ගන්නා ලද හෝ නිර්මාණය කරන ලද හෝ සටහන්,අන්තර්ජාලයේ පල කළ හැකි පහසු ම සහ ලාභදායි ම මාර්ගය ලෙස බ්ලොග් එකක් සරලව හඳුන්වා දිය හැකි ය. බ්ලොගර්, වර්ඩ් ප්‍රෙස්ඇතුළු සේවා සම්පාදකයන්ගේ සහය ඇතිව මිනිත්තු කිහිපයක දී, පහසුවෙන් අපට අවශ්‍ය පරිදි බ්ලොග් එකක් නිර්මාණය කර ගත හැකි ය.
හැමදේම මාකට් වෙන කාලයකදී බ්ලොග් මාකට් වීම වැලක්විය නොහැක්කකි! නමුත් අප දන්නා තරමින් සිංහල බ්ලොග් ලියන අතිමහත් බහුතරය වාණිජ පරමාර්ථයකින් බ්ලොග් ලියන්නේ නැත.එනම් සිංහල බ්ලොග් කලාවට වෙළඳපොළ කියන දේ ගැවී නැත. ඒ කියන්නේහැමදේටම මුල්‍යමය වටිනාකමක් ඇති මේ ක්‍රමයට විරුද්ධව යා හැකි පහසු මාධ්‍යයක් ලෙස බ්ලොග් කලාව හැඳින්විය හැකි ය.
පුවත්පතක, මාධ්‍යවේදියාගේ පටන් කතුවරයා දක්වා කරන්නේ රැකියාවකි. සමස්තයක් ලෙස ඔවුන් සිය වෘත්තියෙන් යම් තෘප්තියක්ලබනවා විය හැකි ය. නමුත් අවසානයේ එය රැකියාවක් හෙවත් මුදල් ඉපයීමේ මාර්ගයක් බවට පත් වී ඇත. මෙහි වරදක් මම නොදකිමි.එහෙත් මෙය සමහර අවස්ථා වල දී මුදලට විකිණීම දක්වා ම දරුණු වීමක් දැකිය හැකි ය. සරලව කියන්නේ නම් පත්තරය ද මාකට් වී ඇත.එය කෙසේ වත් සාධාරණීකරණය කල නොහැක්කකි. නමුත් සංසන්දනාත්මකව, බ්ලොග් එකක් ලියැවෙන්නේ හුදෙක් ආත්ම තෘප්තියසඳහා ම පමණි. (Ad Sense හෝ වෙනත් දැන්වීම් හරහා බ්ලොගය විකුණන්නට උත්සාහ කරන්නන් හැර)
බ්ලොග් එකක් ලිවීමේ අරමුණු මොනවා ද?බ්ලොග් එකක් සමාන වන්නේ, පත්තරයක තීරු ලිපියකට යැයි සරලව කිව හැකි ය. එක් තීරු ලිපියක් හේතුවෙන් පුවත්පතක අලෙවිය ශීඝ්‍රලෙස වැඩි කරවීමට මෙන් ම, සමාජයට දිය යුතු පණිවුඩයක් පහසුවෙන් සහ වඩාත් සංවේදී ලෙස ලබා දිය හැකි ය. බ්ලොග් එකක් යනුසයිබරයේ සැරිසරන බොහෝ දෙනෙක්ට කිසිඳු අමතර වියදමකින් තොරව ප්‍රවේශ විය හැකි තැනකි. ඒ නිසා බ්ලොග් එකක් මගින් අප ලබාදෙන පණිවුඩය පහසුවෙන් ම වැඩි පිරිසක් වෙත ගෙන යා හැකි ය.
වෙළඳ දැන්වීම් සඳහා ද බ්ලොග් බෙහෙවින් භාවිත කෙරෙන්නේ මේ නිසා ය. වෙළඳ අරමුණු වලින් බැහැරව පුළුල් සමාජ කතිකාවතක් ඇති කෙරීමට බ්ලොග් එකක් භාවිත කිරීම එතරම් අපහසු නොවේ.
අද සමාජයේ සාරධර්ම පිරිහී ඇති බවට සමහරු චෝදනා කරති. භාෂාව සහ සාහිත්‍යය වැරදි ලෙස භාවිත වන බවට සහ විනාශ කෙරෙනබවට සමහරෙක් දොස් නගති. තවත් උන් කියන්නේ මාධ්‍ය සිය මෙහෙවර නිසි පරිදි ඉටු නොකරන බව යි. සුභාවිත සිංහල ගීතය ජනතාවඅතරට නිසි පරිදි නොයන බවත්, හොඳ ගීත දැන් අහන්න නොලැබෙන බවත් අයෙක් කියති. දක්ෂ නිර්මාණකරුවන්ට තැනක් නැති බවත්,ඔවුන්ගේ නිර්මාණ ජනතාව අතරට යවන්නට ක්‍රමයක් නැති බවටත් දොස් නැගෙයි. එමෙන් ම යම් යම් විෂයය කරුණු හොඳින් දන්නා අයට, ඒ කරුණු අන් අයට කියා දෙන්නට කාලය මදි වීම නිසා හෝ ක්‍රමයක් නොමැති වීම නිසා අදාළ දැනුම අපතේ යයි.
අන්‍යයන්ට දොස්කියමින් ගත කළ කාලය දැන් අවසන් කළ යුතු ය. ඔබ දන්නා දේ, ඔබට කිව යුතු යැයි හැඟෙන දේ කිසිඳු බාධාවකින් තොරව කියන්නටබ්ලොග් අඩවියක් භාවිත කළ හැකි ය.මේ සියල්ලට ම පිළිතුරු බ්ලොග් කලාව සතු වෙයි.
ඔබ ලියන බ්ලොග් එකකින් භාෂාව සහ සාහිත්‍යය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ හැකි ය.එමෙන් ම ඔබ දන්නා විෂයය කරුණුවෙනත් අයට කියා දීමට, ගීතය, කවිය වෙනුවෙන් ඉදිරිපත් වීමට, ඔබ සතුව ඇති හොඳ ගීත බෙදා හදා ගැනීමට, ඒවාට පසුබිම් වූ සිදුවීම් සහ ඒ හා බැඳුණු කරුණු පල කිරීමට, ඔබේ නිර්මාණ පල කිරීමට, ඔබට හැඟෙන පරිදි සමාජය වෙත දිය යුතු පණිවුඩයක් දීමට ඔබට මෙයින්අවස්ථාව සැලසෙයි.මෙහි එක් ගැටලුවක් ඇත. සියල්ල අවසානයේ ඔබට ආත්ම තෘප්තිය විනා වෙනත් යමක් හිමි නොවේ. බ්ලොග් එක වෙත එන පිරිසත්, පලවන අදහස් ටිකත් ඒ සඳහා හේතු වේ.
බ්ලොග් එකක් පටන් ගත් කාලයේ බොහෝ විට ලැබෙන හිට්ස් ගණන අඩු විය හැකි ය. එමෙන් ම එහි සටහන් වලට අදහස් පල වීම බොහෝ අඩු විය හැකි ය. බොහෝ දෙනා බ්ලොග් ලිවීම එපා කර ගන්නේ හෝ කිසිවෙකුට වැඩක් නැතිඑහෙත් හිට්ස් බොහෝ ලැබෙන වල්පල් ලියන්නට පෙළඹෙන්නේ මේ හේතුව නිසා ය. නමුත් මෙයින් බ්ලොග් එකෙහි Ranking ඉහළට එනනිසා Google වැනි සෙවුම් යන්ත්‍ර වලින් බ්ලොගය සොයා ගැනීමේ දී අදාළ ලයිස්තුවේ ඉහළට පැමිණීම සිදු වේ. මෙය වාසියකි.
ඔබට හිට්ස් අවශ්‍ය නම් Traffic Source එකක සහය ලබා ගත හැකි ය. දිනකට හිට්ස් දහසක් ලබා ගැනීම එතරම් දෙයක් නොවනු ඇත. නමුත් 'මා ලියන දේවල් කියවන්නට කැමැත්තෙන් මෙහි පැමිණි එවුන් මේ තරම් විණි යැ' යි ලැබෙන ආත්ම තෘප්තිය එවිට ඔබට නොලැබෙනු ඇත.
උසස් නවකතාවක් කියවා එහි රසය ලබන්නට උත්සාහ කරනවාට වඩා බොහෝ දෙනා පෙළඹෙන්නේ මල් නවකතාවක් කියවා ක්ෂණිකසතුටක් විඳීමට ය. රසය ද වාණිජකරණය වී තිබීම මෙයට හේතුව යි. 'චිංගීස් අයිත්මාතව්ගේ' "අම්මා සහ මිහිකත" පොතේ (පරිවර්තන)පිටපත් වලට වඩා ලංකාවේ 'සුජීව ප්‍රසන්න ආරච්චිගේ' "සින්දුර්" විකිණෙන්නේ ඒ නිසා ය. එය සමාජයේ වරදක් නොවේ. අප හුරුව ඇත්තේ එවන් රටාවකට ය.ටොපියක් කද්දී දැනෙන පැණි රසය ක්ෂණික ය. මිහිර මුළු සිරුරට ම දැනෙයි. එමෙන් ම එය නැති වී යන්නේ ද ඒ වේගයෙන් ම ය.
නෙල්ලිගෙඩියක් කෑම ටොපියක් තරම් පහසු නැත. නොයෙක් රස සමුහයක් දිවට දැනෙයි. ඒ රසය බොහෝ වෙලා දිවෙහි රැඳී තිබෙයි. අවසානයේටොපිය හරහා රසකාරක පොදියක් ඇඟට ඇතුළු වී ඇත. නෙල්ලි හරහා රෝග බොහොමයක් නසන ඔසු ලැබී ඇත. නමුත් නෙල්ලි ගෙඩියට වඩා මාකට් වන්නේ ටොපියයි. නමුත් නෙල්ලි වලට පිරිසක් හුරු කරවා ගන්නට ඔබ සමත් වුයේ නම් ඔවුන් ක්ෂණිකව රසය දෙන, ඒ ක්ෂණයෙන් ම නැති වන ටොපි පසුපස නො දුවනු ඇත. අවසානයේ මාකට් එක නෙල්ලි වෙත යොමුවනු ඇත.
බ්ලොග් එක ටොපි විකුණන්නක් නොවිය යුතු ය. මුලින් ඔබ වටා වැඩ පිරිසක් නො රැඳෙනු ඇත. නමුත් අවසානයේ ඔබ හා රැඳෙන පිරිසඔබ හැර නොයනු ඇත. ඒ හැරත් කමෙන්ට් සහ හිට්ස් පස්සේ එළවා නොගොස් සමාජයට යමක් දුන්නේ යැයි තෘප්තියක් ඔබ සතු වනු ඇත.