Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සිත, සෙසු අවයව, මම, නුඹ සහ වෛරය

Saturday, April 20, 2013

නුඹට වෛර කළ කඳුළ,
බිම වැටී, රිද්දවා ගන්නට අකමැතිව,
නුඹ වෙනුවෙන් වග උත්තර බඳින
මගේ නෙත් බොඳ කළා...

නුඹට වෛර කළ කේශ නාලිකා,
නුඹ දැක ගන්නට
නොනිත් ආශාවෙන් පෙළුණු
දෙඇස, ලෙයින් පිරවුවා..

නුඹ වෙනුවෙන් නික්මන්න
අකමැති වුණු ඉකිය,
නුඹ වෙනුවෙන් හෙලුණු සුසුම
මොහොතකට ඇද සිර කළා..

නුඹේ සුවඳට වෛර කළ නාසය,
ඒ සුවඳ යළි නො එන්නට,
ඇසෙහි පිරවුණු කඳුළු ගෙන
සංවේදක වසා දැමුවා..

නුඹේ හඬ අසන්නට රිසි ව
වට පිට බලන විට හිස,
නුඹේ හඬට වෛර කළ දෙකන්
තදින් අගුළු වැටුණා..

සර්වාංගය දෙපිළකට බෙදී
නුඹ නිසා ගැටෙන විට,
අන් මත නො ඉවසූ සිත
නුඹ වෙත ම සිත් ඇති ව
නුඹ වෙන අතක යනු දැක
හදේ දොරගුළු වසා දැමුවා!

වෙන් ව ගිය මිතුරාට

Tuesday, March 19, 2013

සහසක් සතන් සුව සදවන වරම් ලබා

පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා
පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා
කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා..

මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු
නිල් දිය දහර වී එක ගඟකට වැටුණු
සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු
ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු..

සසර සරන තුරු අප අතරේ ඉපදේවා
නුඹේ සිනා මුව මඩලේ දිදුලාවා
මින් මතු සසර මග අනතුරු නොම වේවා..
මෙතේ බුදුන් දැක නිවනෙන් සැනසේවා.

ප.ලි:
මේ පද පෙල, මියගිය වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙනුවෙන් ගැයෙන ගීතයක් සඳහා සුදුසු ද? අඩුපාඩු සහ වෙනස් විය යුතු තැන් මොනවා ද කියා පුළුවන් නම් පහළින් කොමෙන්ටුවක් විදිහට යොදන්න.. 

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

Sunday, March 3, 2013

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.

නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..

ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර




රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?

සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !

යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !

එහෙයින්ම අපි ප්‍රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්‍රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !

අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්‍රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්‍යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .

දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්‍රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,

ප්‍රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්‍යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්‍යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්‍යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු

මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ

අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "

ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්‍යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්‍රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්‍රේමයේ සැබෑ ප්‍රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !

සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //

පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්‍රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්‍රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්‍රියකි ,
අපේ රටවල යොවුන් ප්‍රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ

(ගණිකා නිවාස සහ කන්‍යා භාවය පිළිසකර කිරීමේ ශල්‍යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය 



උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765

වෙන් වීම

Thursday, February 21, 2013



දෑත බිම ඔබා, පස්සට වාරු වී
ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ
නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම
සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම..


වක්කඩ ළඟ, දිය බොර කර නටාපු
තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි
තටු අකුලාගෙන,කඳුළු දරාගෙන,
මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි
ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම..


රතු රෝස මල් වෙනුවට දෑතේ,
සුදු අරලියා මල් පිපිලා
රොබරෝසියා මල් යහනා වෙනුවට
වතුසුදු මල් පාවඩ එළලා.
එරබදු ගස් අස, කොහෝ නාද නෑ
කණ කොක් හඬ දෙයි, සවන් උගුළුවා..


දෙතොල් අග, මුදු සිනා රැඳෙව් නුඹ,
කඳුළු විලක උල්පත වෙලා
මගුල් තුලාවට ගෙන ආ පිරුවට,
නුඹ යන මග පාවාඩ වෙලා
රන් කෙණ්ඩියෙ පැන් වෑහෙයි සොඳුරියේ,
අෂ්ටක හඬ නම් නොඑයි ගලා..


මිදුලේ කෙළවර
ගාඩිනියා ගස
කොළ එහි හැර දා,
සුදු මල් පළඳා
නුඹ' මළගම වෙනුවෙන්
සළුවක් ඇඳලා..



ප.ලි :

බොහොම කාලෙකින් අරුණැල්ල පැත්තේ වගේ ම, මුහුණු පොත පැත්තේ එන්නත් බැරි වුණේ විභාග කටයුතු නිසා, ටිකක් නෙවෙයි, බොහොම කාර්යය බහුල වෙලා හිටපු හින්දයි! කොහොම නමුත් අවසානයේ සුබ ආරංචියක් ගෙන එන්න පුළුවන් වුණා.

අපි මුහුණ දෙන විභාග බොහොමයක පළමු වාරයේ දී, බලාපොරොත්තු වුනු ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණොත් දෙවන හෝ තෙවන වර උත්සාහ කරන්න හැකියාව තිබෙනවා. නමුත් සමහර අවස්ථා ලැබෙන්නේ ජීවිතයට ම එක වරයි.

රැංගෝගේ ජීවිතයේ දී එවැනි විභාග තුනකට මුහුණ දෙන්න අවස්ථාව ලැබුණා. පළමුවැන්න 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය. දෙවැන්න සහ තෙවැන්න විදියට විශ්ව විද්‍යාලයේ පළමු වසරට අදාළ විභාග දෙක. අනාගතයේ වෘත්තීය ලෙස තෝරා ගන්නා ක්ෂේත්‍රය තීරණය කෙරෙන්නේ මේ විභාග දෙකෙහි ලකුණු මත.තමන් කැමති විෂයය ක්ෂේත්‍රය ඔස්සේ ඉගෙන ගන්න අවස්ථාව හිමි කර ගන්න නම්, අඩු තරමේ මුල් 75 අතරට පැමිණීම අවශ්‍යයි.

විභාගයට බොහොම සාර්ථකව මුහුණ දෙන්න වගේ ම, සැළකිය යුතු තරම් හොඳ තත්වයේ ප්‍රතිඵලයක් ලබා ගන්නත් රැංගෝට පුළුවන්කම ලැබුණා. ඒ අනුව විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව හදාරන්න අවස්ථාව හිමි වුණා. ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැම කෙනෙක්ට ම බොහොම ස්තුතියි!

හුණුවටයේ කතාව නැරඹුයෙමි.

Monday, January 28, 2013




හෙල ගැඹුරුයි
පුත නොබලන්

සෙලවෙන කොට
වැල් පාලම
දෑස බයෙන්
බිම නොබලන්

අපට පුතේ 
මගක් නැතේ
මේ මග මිස
යමන පුතේ 

දෙවියෝ බලයි
මුණ නුඹේ
නුඹව රකියි 
යමන් පුතේ




සිංහල වේදිකා නාට්‍ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්‍යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් අපට එය නොදැනෙන තරම් ම සිංහල ය. නම් ගම් වැනි යම් යම් වචන කිහිපයක් නොවන්නට මෙය විදේශීය බව කිසිවෙකුට නොසිතෙන තරම් ම ලාංකීය ය. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත Caucasian Chalk Circle නම් නාට්‍යය, අපට ගැළපෙන ලෙස පරිවර්තනය කළ, වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුවාදය කළ, කෘතහස්ත වේදිකා නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ 'හුණු වටයේ කතාව' නම් ශ්‍රේෂ්ඨ වේදිකා නාට්‍යයේ එන 'වැල් පාලමේ ගීතය' නම් ගීතය ඒ බව නොදන්නා වුන්ගේ දැන ගැනීම පිණිස සිහිපත් කරමි. 

දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මගින් සංවිධානය කරනු ලැබ, ගාල්ලේ 'Hall de Galle' ශාලාවේ වේදිකා ගත වුණු 'හුණුවටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය රස විඳීමේ භාග්‍යය මට ද හිමි විය. රසවින්දනයේ උච්ඡත ම අවස්ථාවට පැමිණ, මා ලද අත්දැකීම, බෙදා ගනු පිණිස, දවස ගෙවෙන්නට පළමු මෙසේ යුනිකෝඩ් කරමි.

යුද්දෙට මං ගියා
ගෑණි ගෙදර තියා 
මගේ යාළුවො මං එනතුරු
උන්දැ බලා ගනියි නිරතුරු

ස්වර්ගෙට ගිය කළේ
උන්දැ ඒවි බොලේ
අපොයි මගේ හා පැටියා
කියා අඬයි බොලේ..

හුණුවටයේ කතාවේ පළමු වේදිකා ගත වීම 1967 මාර්තු මාසයේ 8 වැනි දා කොළඹ ලුම්බිණි රඟහලේ දී සිදු වුණු අතර, 1999 දී අලුත් නළු නිළියන් කිහිප දෙනෙකු යොදා ගනිමින් දෙවන වර නිර්මාණය විය. 1967 සිට 1999 දක්වා වසර 32ක් එක ම චරිත රඟ දැක්වූ නළු නිළියන්ට, තව දුරටත් එය සිදු කිරීම සැබවින් ම අසීරු කරුණක් වන්නට ඇත. හෙන්රි ජයසේනයන් විසින් ම 'හුණු වටයේ කතාවේ' තෙවන නිෂ්පාදනය කරන්නේ ඒ හේතුවෙනි. ඒ පිළිබඳව, තෙවැනි නිෂ්පාදනය වෙනුවෙන් ඔහු දක්වන අදහසෙහි ඒ බව සඳහන් වෙයි.

මට නරඹන්නට අවකාශ ලැබුණේ මෙකී තෙවන නිෂ්පාදනය යි. පැරණි නළු නිළියන් අතුරින් තිදෙනෙක් පමණක් මෙහි රඟන අතර, සෙසු සියල්ලන් ම පාහේ අලුත් නළු නිළියන් ය. පෙර වෙනත් චරිත රඟ පෑ 'නිමල් ජයසිංහ' අද පොතේ ගුරු චරිතය රඟපායි. එදා ෂව්වාගේ චරිතය රඟපෑ 'චූලා කාරියවසම්' අදත් එම චරිතය ම රඟපායි. එදා නොන්ඩි සොල්දාදුවා ලෙස රඟපෑ 'විජිත සල්ගාදු' අදත් එම චරිතය ම වෙනත් නළුවෙකු(ලලිත් ජයකාන්ත) සමග රඟපායි.

කෙසේ නමුත් අද වෙද්දී එහි ප්‍රධාන නළු නිළි දෙපල ම ජීවතුන් අතර නැත. එදා හෙන්රි ජයසේනයන්ගේ රංගනයෙන් ඔපවත් වුණු අසඩක්ගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට නලීන් ප්‍රදීප් උඩුවෙල දරණ උත්සාහය සාර්ථක බව මගේ හැඟීමයි. එදා මානෙල් ජයසේන රඟ දැක්වූ ගෘෂාගේ චරිතයට අද පණ  පොවන්නේ රුවනි මනම්පේරියි. 
ප්‍රධාන කොටස් දෙකක් යටතේ දිවෙන මෙහි අංක 5කි. සිව්වෙනි අංකයේ දී හෙවත් විනිශ්චයකරු පිලිබඳ කතාවේ, පළමු අංකයේ දී සබයට පිවිසෙන අසඩක්, සමස්ත කතාව පුරා ම මතුවුණු සෙසු චරිත සියල්ල ම අභිබවා සිය නායකත්වය සටහන් කරන්නේ සිය රංගන කාලය පැයකටත් අඩුවෙන් ලබා ගනිමිනි. ඒ තරම් කෙටි කාලයකින්, නරඹන්නන් තුළ, ප්‍රධාන චරිතය වූ අසඩක් කෙරේ පහන් හැඟීමක් ඇති කිරීම සැබවින් ම දුෂ්කර කටයුත්තක් බව නොකිව මනා ය. ඒ සඳහා මස් වන සුවිශේෂ වූ රංගන ප්‍රතිභාවක් අදාළ රංගන ශිල්පියා සතු විය යුතු ය. හෙන්රි ජයසේනයන් සතුව  ඒ ප්‍රතිභාව තිබුණු බව අපි දනිමු. ක්ෂේත්‍රයේ හෙන්රි ජයසේනයන් තරම් ප්‍රවීනයෙක් නොවුනත්, නලින් ප්‍රදීප්ගේ රංගනය ද සැබවින් ම ප්‍රශංසනීය එකකි. 

හුණුවටයේ කතාව සැකෙවින් මෙසේ ය.

ගෘසිනියාවේ යුවරජගේ බිරිඳ දරුවෙක් ලබන අතර ඔහුට 'මයිකල්' ලෙස නම් තබයි. පාලනයේ දුර්වලතා නිසා රටේ කැරැල්ලක් ඇති වී යුව රජ මරුමුවට පත් වන අතර පිරිස පලා යන්නට සැරසෙයි. මේ අතර ගෘෂා නම් සේවිකාව, සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග විවාහ ගිවිස ගනියි. පලා යන්නට සැරසෙන බිසව සිය තණ්හාව නිසා ඇඳුම් පැළඳුම්, ආභරණ පිලිබඳ සිතමින් ලතවන අතර පසුව කුමාරයා ද දමා පැන යයි. ළදරුවාගේ ආයම්මා ද පලා යන අතර තනි වුණු දරුවා කෙරෙහි හිත උණු වන ගෘෂා, ඔහු රැගෙන යයි. නොයෙක් කම් කටොලු, දුෂ්කරතා මැද ගෘෂා, කඳුකරයේ පිහිටි සිය සොහොයුරාගේ නිවසට පැමිණෙයි. සොහොයුරාගේ බිරිඳගේ අවශ්‍යතාව නිසා, දරුවා වෙනුවෙන් විවාහයක් සිදු කර ගන්නට ගෘෂාට සිදු වෙයි. මේ අතර දරුවා කෙමෙන් වැඩෙයි. කලක් ගත වෙද්දී, යුද්ධයට ගිය සෂාවා යළි පැමිණෙයි. මයිකල් සොයා එන හේවායෝ පිරිසක් ඔහුව රැගෙන යති. 

නුවර මහා ආදිපාද වරයා පලා යද්දී, සොර දෙටුවෙක් වන අසඩක් ඔහුට සෙවන වෙයි. ඔහුගේ තියුණු බුද්ධිය නිසා යකඩයන් විසින් අසඩක් විනිසුරු ලෙස පත් කරනු ලැබෙයි. එමෙන් ම නිවැරදි තීරණ දෙමින් අසඩක් සාධාරණ නඩු විභාග පවත්වයි. යුවරජගේ බිරිඳ දරුවා ලබා ගන්නට උත්සාහ කරන්නේ ඔහුගේ පිහිටෙන් දේපල සහ ඉඩ කඩම් යළි ලබා ගැනීම සඳහා යි. නමුත් ගෘෂා ඇයට එරෙහි වෙයි. ඒ නිසා නඩු විභාගයක් පැවැත්වෙයි.  තීන්දුවක් දීමට නම්, හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස අසඩක්, මව් වරුන් දෙදෙනාට අණ කරයි. දරුවාට සැබවින් ම ආදරය කරන ගෘෂා දරුවා වේදනා විඳීමට වලක්වනු පිණිස සටන අතහරියි. දරුවා ගෘෂාට අයත් බවට අසඩක් තීරණය දෙයි. පසුව ගෘෂා සහ සෂාවා විවාහ වෙයි.

මෙවැනි කතාවක් අපි උම්මග්ග ජාතකයේ ද කියවා ඇත්තෙමු. දරු ප්‍රශ්නය ලෙස සඳහන් වන එහි වන්නේ මීට වඩා වෙනස් කතාවකි. එහි දී, දරුවාට සැබවින් ම ආදරය කරන, සැබෑ මවට දරුවා හිමි වෙයි. නමුත් මෙහි දී සිය දරුවාගෙන් වාසි ලබා ගන්නට උත්සාහ කරන සැබෑ මව පරදා නමෙහි පරිසමාප්ත අර්ථයෙන් ම මවක් වන ගෘෂා ජය ලබයි. 

වේදිකාව මත, හුණු වටයේ කතාව එසේ දිවෙද්දී වේදිකාව පිටුපස අසඩක් ඉදිරියේ වූ යුෂ්මතිය හෙවත් ගෘෂා, සැබෑ ජීවිතයේ දී, හෙන්රි ජයසේනයන්ගේ ආදරණීය බිරිඳ විය. අද ඔවුන් දෙදෙනා ම ජීවතුන් අතර නැත. නමුත් ඔවුනගේ රංගනයෙන් හැඩ වූ 'හුණු වටයේ කතාව' අපට දායාද වී ඇත. මේ සිය ආදරණිය ගෘෂා හෙවත් මානෙල් ජයසේන නම් ආදරවන්තියට, අසඩක් හෙවත් හෙන්රි ජයසේන නම් ආදරවන්තයා ලියු කවියකි. අවාසනාවකට මෙන් මෙය ලියවෙද්දී මානෙල් ජයසේන අප අතරින් සමුගෙන ගොසිනි.

අසඩක් ලෙස වෙස් ගත් මා
කොතෙක් නම් වෙලා බලා සිටියෙම් ද
වේදිකාවේ පසෙක සිට
ඔබේ විස්කම්
මගේ ගෘෂාවෙනි..

පා ඇඟිලි තුඩගින්
කඳු ප්‍රාන්තයට පිය නැඟූ ගමන්
කරේ හොවාගෙන
ළදරු මයිකල් කුමරුවන්
ඔබේ උණුසුම ඔහුට දුන් ඔබ
මුළු රටකට ම දුන්නා නොවේ ද
ඔබේ අභිරංගනයේ උණුසුම

මුළු දැයකට ම බෙදුවා නොවේ ද
ඔබේ දෑස, දෑත දෙපයේ
හුරුබුහුටි මහිමය!

තවමත් සිතින් බලා සිටිමි මම
මගේ ම ගෘෂවෙනි
ඔබේ ඒ
නො මියෙන මහා ප්‍රතිභා දෙස
ඔබේ ලලිත රුව දෙස

මට නම් 
දිවි ඇති තෙක් ම නොමියේ
ඔබේ ඒ මහා ප්‍රතිභා..

ඔබ නොලද්දේ ය 
පඬුරු - ඵලක - තිලිණ
ඔබේ මහා ප්‍රතිභාවට
මේ තාක් කල්...

මායිම් නොකළා ය ඔබ
කිසිවිටෙකත් 
ඒ සා පුද පඬුරු
නිරතුරුව ම ලද නිසා
මුළු මහත් දැයක ම 
ප්‍රසාද - ප්‍රණාම

ලද නිසා ඔබ
සුවහසක් ප්‍රේක්ෂක දනන්ගේ
උණුසුම් සෙනෙහස..

අත්වැල් බැඳ සිටිමු අපි
මගේ ගෘෂාවෙනි
දායාද පුදමින්
හෙළ කරලියේ 
අලුත් පරපුරකට..




ප.ලි: 
අද නාට්‍යය නරඹන්නට ගොස් සිටිය දී, එහි දී ම හමු වී, හරි හැටි මුහුණ වත් නොදැක, නිකමට කළ ඉල්ලීමකින්, නුඹට ලැබුණු නාට්‍යයේ විස්තර අඩංගු සමරු පොත මට දෙන්නට තරම් කාරුණික වුණු නාඳුනන මහත්මයාණෙනි. නුඹට බොහොම ස්තුතියි.

අද හෙට ඔබ අප අතහැර යන බව දැනගන්නට ලැබුණා...

Saturday, January 12, 2013

ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්‍රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් මේ පිලිබඳ නොලියා ම බැරි නිසයි කාලෙකට පස්සේ අරුණැල්ල දිහාවට ආවේ.

එක ම පාසලක, එක ම පන්තියක බොහෝ වෙලාවට ඉගෙනුම ලබන්නේ එක ම ගමක, එහෙම නැත්නම් එක ම නගරයක, එහෙමත් නැත්නම් එක ම දිස්ත්‍රික්කයක ළමයි. දුර පළාත් වලින් ඇවිත්, නගරයේ පාසලක ඉගෙන ගන්න අය නැතිවා ම නෙවෙයි. නමුත් බහුතරයක් එහෙම නෑ.

පාසල් කාලයේ දී අපට හමු වෙන මිත්‍රයන්, පහ වසරේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන අදියර තුනේ දී කොටස් වශයෙන් අපෙන් වෙන් වෙලා යනවා. අපි කාටත් පාසල හැර යන මොහොතේ දුකක් දැනුණත්, ඔවුන්ගේ වෙන් වීම ඒ තරම් ම නොදැනෙන්නේ ඔවුන්ගෙන් බහුතරයක් පසු කාලිනවත් නිරන්තරයෙන් මුණ ගැසෙන නිසා. 

නමුත් විශ්ව විද්‍යාලයකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මුළු රට ම නියෝජනය වන පරිදියි තෝරා ගැනෙන්නේ. බොහොම වෙලාවට එක් දිස්ත්‍රික්කයකින්, එක් පීඨයකට තෝරා ගැනෙන ශිෂ්‍ය සංඛ්‍යාව උපරිමව අදාළ කණ්ඩායමේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 10 % ඉක්මවන්නේ නැහැ. (නමුත් සමහර අවස්ථා වලදී නම් මෙය වෙනස් වෙනවා.)

කොහොම නමුත් අපට විශ්ව විද්‍යාලයේ දී හමු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බහුතරය, වෙනත් දිස්ත්‍රික්ක වල සිට පැමිණි අය කියන කරුණ මා සම්බන්ධව නම් නිවැරදියි. වසර හතරක කාලයක් එකට ගත කරලා, දුක සැප බෙදාගෙන ආයෙත් සුපුරුදු පරිදි තම තමන්ගේ ගම් බිම් බලා යන්න අපි හැමෝට ම සිදු වෙනවා. විභාග, කුප්පි, Assignments, Tutorials, One to One, Practicals, Report Writing අතරේ ගෙවෙන මේ කාලය ජීවිතයේ වටිනා ම කාල වලින් එකක් කියලයි බොහෝ දෙනා කියන්නේ. ඒ අතරේ විවිධ වයස්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ගනුදෙනු කරන්නත්, ඔවුන් එක්ක සුහදව කටයුතු කරන්නත් අපට සිදු වෙනවා.



වරින් වර ක්‍රියාත්මක වුණු වර්ජන හේතුවෙන්, අනෙක් වසර වලට තිබුණු දේශන කාල සටහන් සංශෝධනය කළ නිසා, අපි කැම්පස් එකට එද්දී සහ මේ වන තුරු ම වැඩි කාලයක් ගත කරන්න සිදු වුනේ අවසන් වසරේ අයියලා අක්කලා එක්ක. සමහර කාල වල දී මුළු කැම්පස් එකට ම හිටියේ අපේ 200ත්, අවසන් වසරේ 200ත් විතාරයෝ. කැම්පස් එකට ආගන්තුක අපිට, කැම්පස් එකෙන් යන්න ඔන්න මෙන්න හිටපු ඒ අයියලා අක්කලාගෙන් ඉගෙන ගන්න බොහොම දේවල් තිබුණා. අපි විශ්ව විද්‍යාලයට ඇවිත් ගත වුණු වසරකට ටිකක් වැඩි ඒ කාල සීමාව තුළ ඔවුන් හා අප අතර ගොඩ නැගුණේ පුදුමාකාර බැඳීමක්. අධ්‍යයන කටයුතුවල දී වගේ ම විවිධ බාහිර කටයුතු හා ක්‍රීඩා වලදී ඒ බැඳීම තවත් ශක්තිමත් වුණා.

නමුත් ඔවුන්ට සමු දෙන්න කාලය ඇවිත්. අද ජනවාරි 12 වෙනිදා. හෙට හවස් වෙද්දී ඔවුන් පීඨයෙන් පිට වී යෑමට නියමිතයි. බොහොම දුර පළාත් වල ඉඳලා ආපු ඔවුන්ගෙන් බොහොම දෙනෙක් ආයෙත් අපිට දකින්න ලැබෙන එකක් නැහැ. ආසියාවේ ආශ්චර්යයට පිං සිද්ධ වෙන්න බොහොමයක් දෙනා විදේශ ගත වේවි. තවත් අය ලබන රැකියා, අපි ඉගෙන ගන්නා ක්ෂේත්‍රයේ නොවෙන නිසා වැඩ බිම් වලදී හමු වීමේ ප්‍රවණතාවත් බොහොම අඩුයි. ඒ නිසා සමහර අය දැක ගන්න ලැබෙන අවසන් වාරය හෙට වෙන්න පුළුවන්.

සිව් වසරක සරසවි ජීවිතය තුළ, තමන්ගේ කණ්ඩායම හැර අඩු ම ගණනේ තවත් ශිෂ්‍ය කණ්ඩායම් 6ක් එක්ක ගනුදෙනු කරන්න අපි හැමෝට ම සිදු වෙනවා. ඒ අතරින් ශිෂ්‍ය කණ්ඩායම් තුනක් අපෙන් සමු අරගෙන නික්ම යන අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. මේ ඒ අතරින් පළමුවැන්න. ඒ නිසා සමහර විට මේ වගේ හැඟීමක් දැනෙනවා ඇති. ඒ කොහොම වුණත්, අපිට වඩා බොහොම කල් මේ බිමේ විස්කම් කරපු, විශ්ව විද්‍යාලය වෙනුවෙන් බොහොම දේ කළ ඔවුන් නැති අඩුව පුරවන්න සමහර විට අපිට කවදාවත් බැරි වෙයි. නමුත් ඒ දේ කරන්න උත්සාහ කළ යුතුයි කියලා හැඟීමක් තදින් දැනෙනවා.

තවත් අවුරුදු තුනකින් අපිත් විශ්ව විද්‍යාලය හැර යා යුතුයි නේ ද කියලා කල්පනා වෙද්දී, සාංකාවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ කවිය උපුටා ගත්තේ අපේ ම අක්කා කෙනෙක්ගේ සටහනකින්.


අඹ ගහ, තාමත් හොයනවද අපිව
බංකුව අදත් අපි ගැන ඇහුවලු නේද
එතකොට අර හොස්ටල් එකේ
එක පෙළට තිබ්බ මේස ටික එහෙම
වෙන කාට හරි අයිති ඇති නේද
සිවිල් එක ගාව ලොකු ගහ යට
මිකැනිකල් බෙන්ඩ් එක ලඟ
තාමත් කට්ටිය මුණගැහෙනවැති
උදේට අපි ලෙක්චර්ස් යන පාරෙ
තාමත් මැයි මල් වැටෙනවා ඇති
වේලිච්ච කොල අහුලනවද තව අයත්?

ලෙක්චර්ස් අස්සෙ අපි තරම් හොඳට
කවුරුත් චිට් පාස් කරාවිද මන්දා
ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් වල ගහපු හොර සයින්
තාමත් මතකයි අද වගේ මට
රෑ තිස්සෙ නිදිමරන් ගොඩ දාපු ටියුට්
මෙච්චර ගොඩක් තිබුනද මන්දා

ලයිබ්‍රරියෙ තුන්වෙනි මේසෙට
දැන් නම් වෙන අය ඇවිත් ඇති
කැන්ටින් එකේ තාමත්
කුප්පි එහෙමත් යනවත් ඇති
කැම්පස් එකේ කොට තාප්ප උඩ
පෝළිමට දැනුත් වෙන අය ඉඳන් ඇති
කොල්ලොන්ගෙ හොස්ටල් එකේ
සිංදු සද්දෙ දෝංකාර දෙනව ඇති
ෆැකල්ටිය ඇතුළෙ මේ දැනුත්
කැන්ටින් එකේ පුටු මේස වලට
ඉඳහිට අපිවත් මතක් වෙනව ඇති

Bucket, Social ,Going Down අස්සෙ
අවුරුදු හතරක් ගෙවුනද මන්ද
මතක ඇහිඳිනව මං නම් තාම
අද ඊයෙ වගෙ, 
දයාබර රුහුණ....




විශ්ව විද්‍යාල ශිෂ්‍යයා, එහෙමත් නැත්නම් ඉංජිනේරු ශිෂ්‍යයා කියන භුමිකාවේ සිට ඉංජිනේරුවා කියන භූමිකාව දක්වා සංක්‍රමණය වන 10th එකේ එහෙමත් නැත්නම් දහ වන ශිෂ්‍ය කණ්ඩායමේ අයියලා අක්කලා හැම දෙනාට ම ප්‍රීතිමත් සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.

සොබාදහම සහ අනුවර්තනය

Monday, December 3, 2012

කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා.
නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා.

ගසුත්, කොළ අතු වියලිලා - බුරුත, නැදුන් ගස් මැලවිලා.
ලූණු කොළ, කඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා.

තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලා
හාමතේ, පිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්, කතර තනි වෙලා.

හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළි, එයි ගලා
වැටෙයි මහ වැහි ගුගුරලා - වියළි ඉරි බිම ඇඳි මකා

නැවුම් පුසුඹ එන විට හමා - ලූණු දලු යළි මතු වෙලා..
බුරුත නැදුන් කඳ තෙත් වෙලා - එහෙත් ඒ නෑ පණ ලබා..

නිකන් තියන Facebook එකෙන් සල්ලි???

Friday, November 16, 2012


ඔබ නොදැනුවත්ම ඔබගේ කාලය විශාල ලෙස මිඩංගුකරන Facebook හරහා මුදල් ඉපයීම මගින් ඔබගේ වටිනා කාලයට මිළක් ලබාගැනීමට පහසු අවස්ථාවක් !!!


විදේශිකයින් විශාල ප්‍රමාණයක් මේවනවිටත් ඉතා රහසිගතව උපයන මෙම මුදල් ශ්‍රී ලාංකික ඔබටද ලබාගැනීම පිණිස මෙසේ ඉදිරිපත්කරනලදි............!

අවශ්‍ය සුදුසුකම්......

* Facebook ගිණුමක්. (පින්තූරය සහිත හා මිතුරන් අවම වශයෙන් 5 දෙනෙක් සිටිය යුතුයි )
* FanSlave ගිණුමක්.

* මුදල් ලබාගැනීමට PayPalගිණුමක්. 
(ගිණුමක් ඇරඹිමට කිසිදු වියදමක් නැත.....Credit Card අනවශ්‍යය)

පියවර..... 

(1) ඔබට Facebook ගිණුමක් තිබේයැයි විශ්වාසකරමි....... අවශ්‍ය අයෙකුට
http://www.facebook.com මඟින්පහසුවෙන් ගිණුමක් ඇරඹිය හැක.

2) දැන්, ඔබට මුදල් ලබාදෙන FanSlave ගිණුමක් අරඹන්න පහත් බැනරය ක්ලික් කරන්න.


3) දැන් FanSlave වෙබ් පිටුවේ ඇති "Join Now for free" බොත්තම ක්ලික් කරන්න..

4) අදාල තොරතුරු නිවැරදිව පුරවා "I ACCEPT. CREATE MY ACCOUNT" ක්ලික් කරන්න.

5) මෙයට සම්භන්දවීමට ප්‍රථම Facebook ලොග්වියයුතුබව සලකන්න........ ඒවගේම මෙම මෘදුකාංගය ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්භන්දවීමට අවසර පැතීමේදී එයට අවසර දෙන්න.

6) දැන් ඔබට කරන්න තියෙන්නේ දිනපතා ඔබට ලබාදෙන Fan page වලට ගොස් (පහත දක්වා ඇති පරිදි) එම පිටුවල ඇති "Like" බොත්තම ක්ලික්කිරීමයි........Fan page අවසන් වූ විට refresh / update බොත්තම (page reload) මඟින් අලුත් Fan page ලබාගතහැක...

7) ඔබගේ දවසේ කෝටාව ඉවරවූපසු තමුන්ට යලිත් Fan page ලබාදීමට ගතවන කාලය වෙබ් පිටුවේ දක්වයි........ තමුන්ට ලබාදෙන Fan page ගනන ඔවුන් කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වැඩිකරයි.


                                                      
ඔබගේ ඉපයීම $15 වූ පසු ඔබට PayPal ගිණුමක් හරහා මුදල් ලබාහතහැක.

*** මොනම විදියකින්වත් වැඩි තන්හාවට ව්‍යජ ෆේස්බුක් ගිණුම් මගින් කිහිපවරක් ලියාපදින්චි නොවන්න එක පරිඝණකයකට එක ගිණුමක් පමණක් පාවිච්චිකරන්න..... මොනම අවස්ථාවකහෝ ඔබ ව්‍යාජ ගිණුම් මගින් මෙම වෙබ් අඩවියට එක්වරකට වඩා සම්භන්දවුවහොත් ඔවුන් ඔබගේ සියලු ගිණුම් මුදල්ද සමග අවලංගු කරණුඇත...... ඔබගේ ඉපයීම් වැඩිකරගැනීමට අදාල පරිච්චේද හොඳින් අධ්‍යයනය කරන්න.....

* මුදල් ලබාගැනීමට PayPal ගිණුමක් ආරම්භකිරීම ඉතා පහසුවෙන් කරගතහැක. පහත ලින්ක් එක මගින් PayPalවෙබ් පිටුවට ගොස් "Sign up with PayPal" select කොට තමුන් ජීවත් වන රට නිවැරදිව තෝරා "PayPal for your personal use" ට අදාල "Get started" click කරන්න, පසුව අසා ඇති දත්තයන් ඉතා නිවැරදිව පුරවන්න. PayPal log in ID එක තමුන්ගේ ඊමේල් ලිපිනය බව මතකතබාගන්න, නිවසේ ලිපිනය නිවැරදිව පුරවන්න (චෙක් එවන්නේ අදාල ලිපිනයටයි ) සියල්ල නිවැරදිව සම්පූර්නකොට "Create Account" clickකිරීම මගින් ඔබගේ ගිණුම විවෘර්තකරගන්න. අවශ්‍යනම් පමනක් තමන්ගේ බැන්කු ගිණුම මෙයට සම්භන්දකරගතහැක (optional).......

Fanslave මගින් මුදල් ලබාගන්නාවිට PayPal ගිණුම් විස්තර ලබාදීමෙන් ඉතා පහසුවෙන් ඔබට මුදල් ලබාගතහැක.
https://www.paypal.com

 *** Fan Slave කියන්නෙ Scam සයිට් එකක් නෙවෙයි. මම හොදට අන්තර්ජාලයේ තොරතුරු හොයල බැලුවා. ඉතාම වගකීමෙන් කියන්න පුලුවන් මෙය හොද සයිට් එකක් බවට. ඔයාලටත් අන්තර්ජාලයෙන් ඕනෙනම් හොයල බලන්න පුලුවන්...***

 මේ පහල තියෙන්නෙ Fan Slave ගැන වීඩියෝ එකක්...


උපුටා ගැනීම : http://magemixedbag.blogspot.com/2012/11/facebook-1.html

දිගේලි කන්දේ සිට නුඹට ලියමි!

Wednesday, November 14, 2012

සරා හෙවත් ආදරණීය නෑනන්ඩියේ,

පාරමී දම් පුරා අපිස් වන්නට
නඟෙ මා වෙසතුරු නොවේ..
ඈත හිම සේ දුකක් වෙන්නට
දිගේලි කන්ද, බරණැස නොවේ
නුඹේ ගීයට, නාඬා නිදියන
ක්‍රිෂ්නජිනාලා නොම ලැබේ
වංකගිරියේ දුක් නුහුරු නුඹ
මන්ද්‍රි දේවී නම් නොවේ..

ලන්සු තියලා අහවරයි උන්
තීන්දුයි දෑවැදි වෙන්දේසියේ..
චැප්ලින් කතගේ මදහස නොකැපෙයි
නා දලු දෙතොලට රන් රුවේ
කඳුළු පුරෝගෙන, දෙපා වැළඳගෙන
නාඬා ඉඳින් මගේ නංගියේ
ඔහු හා බැඳෙන්න අවසර ඉල්ලන
ඇවැස්ස නෑනන්ඩියේ...

කඳුළු වියළන මහා ගින්නෙන්
නුඹේ ලෝකය පහන් වුණාවේ
හදෙහි ඇවිලෙන වියෝ ගිනිදැල්
නිවී නිවී නුඹ සැනසුනාවේ
දිගේලි කන්දේ මහ සිටු මැදුරේ
කිරුළ ඉවත ලූ ප්‍රියාවියේ
මෙතැන් පටන් නුඹ සිරිකත වේවා,
පහන වේවා දොළොස් මාසේ..

නුඹට පෙම් කළ - නුඹත් පෙම් කළ,
දිගේලි කන්දේ සිටුතුමා (ආබාධිත)

ප.ලි :
පාඩම් කටයුතු වලින් විවේකයක් ගන්න, ඉඩක් ලැබුණු ගමන් 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු සිටුවර පුවත පොත කියවද්දී හිතුණු දේ කෙලින් ම ලිව්වේ. සංස්කරණය කරන්න තරම් විවේකයක් ලැබුණේ නැහැ.

පොත ගැන කියනවා නම්, ටිකක් වෙනස් විදියේ නවකතාවක්. බොහොම සංවේදීව ලියවිලා තිබෙනවා. නමුත් සැළකිය යුතු තරම් ව්‍යාකරණ වැරදි සහිතයි. ඒ නිසා වෙන්න ඇති සමහර විට සම්මානය නොලැබෙන්නත් ඇත්තේ.. කොහොම වුණත්, ආදරය කරන අය සහ ආදරය කරන්න බලාපොරොත්තු වන අය වගේ ම කවාදාක හෝ කාට හෝ ආදරය කළ අයත් කියවිය යුතු ම පොතක් විදියට හඳුන්වන්න පුළුවන්.

මේ දවස් ටිකේ තරමක් කාර්යය බහුල නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබුණේ නැහැ. ඒ ගැන අමනාප වෙන්න එපා.. ඉඩක් ලැබුණු ගමන් හැම බ්ලොග් එකකට ම වගේ එනවා!

ජය වේවා!

සංසාරගත ප්‍රේමය

Saturday, November 10, 2012


මා මුසපත් කරවන
උපුල් නයන යුගැත්තිය,
කන මී සා මිහිර වගුරන
සිහින් සරැත්තිය,
නෙතඳුන් සා දසුන් මවන
සියුම් රුවැත්තිය,
අමා රසයෙන්
ම' සිත කුල්මත් කරන්නිය,
දිමුතු දසන් දිදුලවා
මුතු සිනා වස්සානය හැඩ කරන්නිය,
ම' පුන් රත් පියුම නුඹ
සිත් විල සරසවන්නි ය..


ශ්වේත වර්ණ වළා වියන යට
සුපුෂ්පිත නේක කුසුම් මැද
පංච කල්‍යාණිය,
නුඹ විරාජමානවන්නීය..

පබාවතිය සේ නුඹ,
වීරිය පෙරුම් පුරවන්නී ය.
මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,
සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...

සංසාර සයුරු වෙරළ අසබඩ
නුඹේ නවාතැන පල වෙත,
තීර්ථ යාත්‍රාව පදවන්නා වෙමි මම
පරිබ්‍රාජක වෙස් ගෙන..














 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading