Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දුල් මන බැන්ද ඉඳුරන් ද දල්වා තියා (ගීතයක් ගැන)

Sunday, March 3, 2013

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක මෙන් ම ගීතය නමැති ප්‍රකාශන මාධ්‍යය මගින් කෙරෙන භාව ප්‍රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්‍රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි.

නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්‍යංගය මගින් කියැවෙන අර්ථය ශ්‍රාවකයා වෙත යන්නේ බොහෝ ප්‍රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ විචාරයක් ලබා දීමට සුදුසු ම පුද්ගලයා වන්නේ එහි කතුවරයා යි. එසේත් නැතිනම් පද රචකයා යි. සයිබරය තුළ ඔබ මොබ සරද්දී හමු වුණු තවත් එක් සුමධුර ගීයක් පිළිබඳව, එහි පද රචකයා විසින් ම තබන ලද සටහනකි මේ..

ගීතය : දුල් මන බැන්ද
ගායනය : ශානිකා මධුමාලි
පද රචනය : නාරද විජයසුරිය
සංගීතය : උදාර සමරවීර




රාගයෙන් තොර ප්‍රේමයක් ඇතිදැයි නැවත සිතන්නට මසිත මට බල කරයි .රාගය නම් ඇලීමකි ; එහෙයින්ම ප්‍රේමය නම් ඇලීම් බැඳීම් තුල රාගය නැතැයි කිව හැක්කේ කෙලෙසද ?

සඳ එලිය පවා "රාගික " හැගීම් අවුලුවයි !

යොවුන් ප්‍රේමය නිසගයෙන්ම රාගික විය යුතුය . එය වරදක් නොවේ ! රසායනික හා හෝර්මෝන උත්තේජය තුලින් කුළු ගන්වන ශාරීරික ඉල්ලීම් මානසික ලෙස සපුරාලන මාර්ගය" අපේ රටවල" විවර කරන්නේ ප්‍රේමය හරහා පමණි !

එහෙයින්ම අපි ප්‍රේමණීය ලෙස ඉඳුරන් සතපවමු ! ප්‍රේමයක් නොමැතිව ආශාව පමණක් ඉටු කර ගැනීමට යාම සම්බෝල නැතිව ඉඳි ආප්ප ගිල දැමීමකි !

අපේ රටේ පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ප්‍රේමය පිලිබඳ ඉරණම විසඳීම දෙයාකාරය ! මන්ද යත් ආශාවන් සතපා ගත් පසු ඉතිරිවන්නේ හිස් බවක් නම් ප්‍රේමයක් අත් නොදකින පිරිමියා පලා යයි ;
ගැහැණියට එසේ යන්නට නොහැක .ඇය " කන්‍යා භාවය " නම් දඬුවමෙන් බැඳ තබා ඇත .

දුල් මන බැන්ඳ ඉඳුරන්ද දල්වා තියා
මල් මකරන්ද සිප ගත්තු බඹරුන් ගියා
කල් කෙතරම්ද නුඹ ආයෙ ඒ යැයි කියා
නිල දෙනුවන්ද පුර වන්නෙ කඳුලින් ඔයා

ලෝකය මවන ලද්දක් නම් , සර්වබලධාරියා අසාධාරණයක් කර ඇත ; මහා බ්‍රහ්මයා අව සිහියෙන් සිට ඇත ! එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට
යටත් කරයි ,

ප්‍රේමය සහ ආශාවන් සන්තර්පනය කර ගැනීම මානුෂික අවශ්‍යතාවයකි ; වැඩිහිටි සමාජයට එය උහුලන්නට බැරිය ! සංස්කෘතිය සහ සභ්‍යත්වය ඔසවා එයින් පහර දී සමාජය ඉදිරියේ තරුණ පෙළ මාණසිකව ඝාතනය කරති .
වරක් ලත් පහස නැවත නැවත ලැබීමේ ආශාව උපතේ සිටම ජීවීන්ට පොදු ධර්මතාවයකි ;
යටපත් කර ගන්නා තරමට පොළා පනින ආශාවන් අත්‍යන්තයෙන්ම ස්වභාවික බව පිළිගන්නට
මේ ධාර්මික සමාජය ඔබට ඉඩ නොදෙයි !අපි අපව රවටා ගනිමින් සිටිමු

මුදු සියොලඟම පහසින්ද කැළඹී සැලේ
කඳු නිම්න තුඩු මතින මදිරා හැලේ
පිදු අනුරාව කෙලෙසින්ද අමතක කළේ

අවසානයේ අසරණ වන්නේ ගැහැනියයි ; අපේ සමාජය මේ කතාව කියන්නට අපූරු වාග් මාලාවක් යොදා ගනී . "පිරිසිදු කම නැති කළා " " ගැහැනියක් බවට පත් වුණා "

ගනු දෙනුවේ අනෙක් පාර්ශ්වය වූ පිරිමියාට කිසිවක් සිදු වන්නේ නැත . ඔහුව නාවා ගෙට ගත හැකිය ! ගැහැණිය සියලු පව් කර ගසා ගත යුතුය ! ඇය සමාජයට මැසිවිලි කියයි
" මාව අනාථ කළා " ඇතැම් විට ඇය "කන්‍යා භාවයම " ආයුධයක් කර ගනී .
තමා විසින්ම පොළඹවා ගත් පිරිමියා වරද කරුවෙකු බවට පත් කොට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කර ගනී ! ආදරණීය සම්භෝගය අවසන් කර නැගිටින විට ස්ත්‍රී දුෂකයෙක් බවට පත් වී හමාරය !
ගල් යුගයේ පවා නොතිබුණු වනචාරී සංකල්ප දේවත්වයෙන් සළකන සමාජයකට ඔහොම වෙලා මදිය !
ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !
ගැහැනියගේ පැත්තෙන් මේ වනාහී වටිනා පුජා භාණ්ඩයකි ! ලේ තැවරුණු රෙදි කඩ වනාහී පාරිශුද්ධ භාවයේ සංකේතයකි ! එහෙයින් ප්‍රේමයේ සැබෑ ප්‍රහර්ෂය විඳ ඇත්නම් විවාහ වන්නට බාධාවකි ; පිරිමියෙකුට ඕනෑ තරම් ජීවිතය විඳින්නට අවසර තිබේ .
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැතැයි ඔවුහු දනිති !

සිඳු සඟවයිද ඔරු පාරු ගිය මං තලේ ......... //

පෙම්වතා හැර යාමෙන් තනිවන තරුණිය , ප්‍රේමය අහිමිවීමේ වියෝ දුකට වඩා වැඩි භයානක ඉරණමකට මුහුණ දෙයි , ඈ විවාහ විය යුතුය . ඒ පිරිමියෙකු සමගය . ඔහුද මේ තිරිසන් සමාජයේ අංශුවකි . තමා අතීතයේ කෙතරම් ගැහැණුන් සමග යහන් ගත වූවත් තම මනාළිය කාන්යාවක් විය යුතුය . විවාහයට මුහුණ දෙන තරුණිය ප්‍රේමය දත යුතුය ! කන්යාවියක්ද විය යුතුය !
මධු සමය අවමංගල රාත්‍රියකි ,
අපේ රටවල යොවුන් ප්‍රේමය ඛේදවාචකයකි !
මධු සඳපාන මේ කුලක පැටළී සැලේ
රුදු ඉරණමක පෙරනිමිති දසුනේ වෙලේ
හැදු මන්දිරය සුන්බුන්ව මිහිමත හැලේ
හුදු ප්‍රේමයද මියැදෙන්නේ යව්වන විලේ

(ගණිකා නිවාස සහ කන්‍යා භාවය පිළිසකර කිරීමේ ශල්‍යාගාර වලට ඇඟිල්ල දිගු කිරීමට මේ සමාජයට අයිතියක් නැත )

නාරද විජයසුරිය 



උපුටා ගැනීම : https://www.facebook.com/kwijewardena1/posts/408560075903765

13 comments

  1. මා ඔබේ නම නොකියා රැංගෝ කියා පමණක් කතා කරන්නම්,
    //ගැහැනුන්ට සහ පිරිමින්ට දෙවිදිහකට සලකන සමාජයකට ඉදිරි ගමනක් නැත !//
    සත්‍ය වශයෙන්ම අප රටේ පමණක් නොව, බොහෝ රටවල කාන්තාව අත්විදින පොදු ධර්මතාවයකි මේ.
    එංගෝගේ විග්‍රහය, චෝදනා සියල්ල අද සමාජය හරහා විනිවිද යැමකි. සම අයිතිය, සම වරප්‍රසාද යන මේවාද කාන්තාවට ද ඇති අයිතියක් බව සිතිය යුතුය.

    ReplyDelete
  2. හොඳ විචාරයක්..! ස්තූතියි මේ ගීතය ඇසීමට සැලැස්වීමත්..!

    ReplyDelete
  3. හිතයක හැංගිච්ච ඩේ එළයට අරං! විශිෂ්ටයි!

    ReplyDelete
  4. මීට කලින් මේ ගීතය අසා නැතත් මේ විචාරය කියෙව්වාට පසුව ගීතය අසන්නට සිත්වූයේ, මෙය තවත් එක් විරහ ගීතයක් නොව, පිරිමියෙකු විසින් කාන්තාව මුහුණ දෙන අසාධාරණය තේරුම් ගෙන රචනා කල ගීතයක් බව දැනුන නිසාය.

    ReplyDelete
  5. එකම ගණුදෙනුවේ දෙකෙළවර සිටින දෙදෙනාගෙන් එක අයෙකු දඬුවමකට ලක් කිරීම කොච්චර අසාධාරණයිද..?. ගැහැනියකට යම් කිසි සීමා මායිමක් පවනවානම් ඒ හා සමාන සීමාවක් පිරිමියටද පැනවිය යුතුයි. මොකද දෙදෙනාම මිනිසුන් වන කුලකයේ සමාන අවයව වන නිසා..

    ReplyDelete
  6. සුපිරියි මචෝ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. අවාසනාවට මේ ගීයේ පදමාලාව අපේක්ෂා කරන සංගිතය වත් ගායනය වත් මේ ගීයේ නැහැ . සංගීතඥයාගේ නොසැලකිල්ලෙන් ගීතය විනාශවෙලා.. මේ පදමාලාවෙන් සෑහෙන වැඩක් ගන්න තිබුණා. පදමාලාවක් ලද ගමන් ගීත නිර්මානයක් පිලිබදව සහ එහි සාහිත්‍යමය ගුණය හෙළිකර දිමට ඔහු සතු දැනුම අවශ්‍ය වෙන්නෙ මේ වෙලාවටයි..

    ReplyDelete
  8. දයානන්ද අයියා සමඟ මම එකඟ වෙමි.විචාරය නම් හරවත්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  9. හොද කාලීන දෙයක් ගැන ලියල තියෙන්නේ.

    ReplyDelete
  10. සින්දුවෙ පද ටික හුගක් ම විදග්ධයි.ඒත් ශානිකා වෙනුවට වෙන කෙනෙක් සින්දුවේ කටහඩ විදියට යොදාගත්ත නම් කියන තැන මාත් ඉන්නවා.එයාගෙ කටහඩ හොදයි-නමුත් මේ සින්දුවෙ තියෙන ප්‍රබල බව ඒ හඩින් නැති වෙලා.පද ටික දිහා බලලායි සින්දුව ඇහුවේ.නමුත් බලාපොරොත්තු වුණ හැගීම ගීතයෙ තිබුණෙ නෑ... විචාරය පදරචකයාම ලියපු එකක් කීවානේ.බෙදාගත්තාට ස්තූතියි.

    ReplyDelete
  11. මම මේ සිංදුව මුලින්ම ඇහුවේ අද.. ඒකට ස්තූතියි මුලින්ම.. විචාරයත් හුගක් සාර්ථකයි මලයෝ..

    ReplyDelete
  12. මාත් මේ සිංදුව මුලින්ම ඇහුවෙ අද, මේ විචාරය කියෙව්වාට පසුව.
    විචාරය විශිෂ්ටයි ඔබ තුමාගෙ..:)

    ReplyDelete

 

මේලයෙන් ලිපි ගෙන්වා ගන්න

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading