Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දුයිෂෙන් නොකී කවිය

Sunday, September 16, 2012

සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..

කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ  ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..

නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..

අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..

46 comments

  1. කාලය සෙනහස මතකය ආදරය වදන් වැලක් තුල මනාවට කැටි කරලා ලස්සනයි මිතුර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා!! :)

      Delete
  2. දුයිෂේන් නොකී කවිය... ලස්සනයි මල්ලි..

    ReplyDelete
  3. උපරිමයි මචං......

    ඇත්තටම දුයිෂෙන්ට මෙහෙම හිතෙන්න ඇති එදා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියේ!! මටත් එහෙම හිතුණා!

      Delete
  4. ලස්සන කවියකි...බොහොම අලංකාරව ලියා ඇත...

    ReplyDelete
  5. ඔයාගේ හැකියාව නම් මාරයි..ඇත්තටම ලස්සනයි..දිගු ගමනකට ජය ඔබට...!

    ReplyDelete
  6. ගොඩාක් ලස්සනයි රැංගෝ සහෝ....

    ජය!

    ReplyDelete
  7. ඔච්චර ඒවා කොහොමද හිතෙන්නේ බන්..?
    එල හොඳේ

    ReplyDelete
    Replies
    1. ගුරු ගීතය ආත්මයට ම කාවැදුණු පොතක් වෙලා නේ සුදා මලයෝ!
      බොහොම ස්තුතියි!!

      Delete
  8. හරිම නිර්මාණාත්මකයි මල්ලි. දුයිෂෙන් හැමදාම ඇසට කදුළු නංවන චරිතයක්. සුබ පැතුම්. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔහු නිහඬ බව සහ දරා ගැනීම පුදුමාකාර විදියට ප්‍රගුණ කළ චරිතයක්..
      ස්තුතියි අයියේ!

      Delete
  9. අසරණව නුඹ නොදැක නික්මුණ
    වියපත් ලියුම් බෙදන්නා වෙමි මම....
    ආයිත් ගුරු ගීතය කියවන්න ආසා හිතුනා

    ReplyDelete
    Replies
    1. එහෙම නම් දැන්ම ම කියවන්න යාළුවා!! මා කියවූ විශිෂ්ඨතම පොතක්!
      ස්තුතියි මේ පැත්තේ ආවට!!

      Delete
  10. ගුරු ගීතය පත අට එකට හිඳවා එක මිටකට ගත්ත වගක් හැ‍ඟෙනවා මේ කවිය කියවන විට. ඒ තරමටම දුයිෂෙන් අපි තුල ජීවත් වෙනවා. දුයි‍ෂෙන්ගේ චරිතය රුසියාවටත් වඩා අපි අතර ජනප්‍රියයි. මේ චරිතය අපිට ආගන්තුක වුණත් ඒතුළ ඉන්නේ ලාංකිකයෙක් කියලයි මට නිතරම හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම.. දුයිෂෙන් කියන්නේ ලාංකිකයෙක් නෙවෙයි කියලා, ගුරු ගීතය කියවගෙන යද්දී මටත් බොහෝ වෙලාවට අමතක වෙනවා! ඒ තරම් ම අපට සමීපයි.. බොහොම ස්තුතියි අයියේ අදහසට!! :)

      Delete
  11. නොකී කවිය කියන්න අලුතින් ගුරු ගීතයක් ලියන්න වේවි වගේ!
    අලංකාරයි නිර්මාණය!:)

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න! :)
      ස්තුතියි මිත්‍රයා..

      Delete
  12. අපූරු කවියක් රැංගෝ..

    ReplyDelete
  13. පට්ටයි රැන්ගෝ...!
    ගුරු ගීතය මාත් අසාවෙන් කියෙව්ව පොතක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.. අරුණැල්ල ට ආදරෙන් පිළි ගන්නවා!

      Delete
  14. අතීතය මතක් කලාට පින්. බොහෝ කාළයකට ඉස්සර කියවලා මතකෙන් ගිලිහිලා තිබුනේ....

    ReplyDelete
  15. මාරම ලස්සනයි!

    ReplyDelete
  16. ගොඩක් ලස්සනයි. මගෙ මතක සටහන් ගොඩකුත් එක්ක මට මතක් වෙන පොතක් ගුරු ගීතය.

    ReplyDelete
  17. විශිෂ්ට නිර්මාණයක්.....!!!

    ReplyDelete
  18. ගුරු ගීතය, ජීවිතයේ මම ආසාවෙන් නැවත නැවතත් කියවපු පොතක්.. නිහඬ ගුරු තරුව නුඹ සදා මගේ හිතේ රැදේවා මටත්, මගේ පොඩි එවුන්ටත් .... උඹට ස්තුතියි මචන්....එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාළුවා..
      ජය වේවා!

      Delete
  19. පොත හොස්ටල් එකේ මේසෙ උඩ තිබිලත් තාම කියවන්න පින නෑනේ....මෙදා පාර නම් කියවනවමයි..
    කවිය නම් පට්ටයි මචෝ

    ReplyDelete
    Replies
    1. නියමයි! අනිවාර්යයෙන් ම කියවන්න..
      ස්තුතියි යාළුවා!
      ජය වේවා.

      Delete
  20. එකලෙක්තරා දවසක..
    අපි ඉදිද්දී කිසිවක් නොදත් වනමල් ලෙස
    තරු ලකුණක් වෙලා පායපු නුඹ,
    ආදරණීය දුයිෂෙන්!

    ස්ටෙපස් තෘණ නිම්නයෙ..
    සුළං පහරට වියළී ගියපු තණපත් වගෙ අපට
    ඉස්කෝලයක් තැනු නුඹ,
    ආදරණීය දුයිෂෙන්!

    කිර්ගීසියා පොළොවෙ ඉපදුණ..
    පිරිසිදු වතුර උල්පත් තරම් සිහිලෙන්
    මසිත සුවපත් කළ නුඹ,
    ආදරණීය දුයිෂෙන්!

    පව්කාර අත්වලින් කිළිටි වුණු මගෙ ගත..
    දොවා නුඹේ හදවතේ ඇති සෙනෙහෙන්
    මහදේ ලැගුම් අරගත් නුඹ,
    ආදරණීය දුයිෂෙන්!

    දැන දැනම මා ඈත් වී යන වග..
    නොවිමසා වදනක්වත් මගෙන් ආදරය ගැන
    අනාගතයට මාව ඇරලවු නුඹ,
    ආදරණීය දුයිෂෙන්!

    කුරුකුරේඋව අසළ..
    පොප්ලර් පත් වයන ධ්‍යානයට සම වැද ගෙන
    තවමත් මුනිවතම රකිනා නුඹ,
    මගෙ ආදරණීය දුයිෂෙන්!

    ReplyDelete
    Replies
    1. මගේ කවිය අයින් කරලා නංගියාගේ කවිය දාන්න වෙයි වගේ!! බොහොම අගෙයි! ඒ වගේ ම බොහොම ස්තුතියි නංගෝ! :)
      ජය වේවා..

      Delete
  21. මට මතකයේ එනවා චන්ද්‍රෙල්ඛා පෙරේරාගේ මේ ගීතය
    වන සිවුපාවුන් - වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් - වැනි මිනිසුන් ඇත
    සත්තකින්ම දුයිෂෙන් වැනි චරිත තවත් ඇත. ඒත් අපි ඔහුව හඳුනාගනු ලැබුවේ ගුරු ගීතයෙනි. මාසිතනුයේ දුයිෂෙන් අයිලයට ඇලුම් කළා හා සමානව, අල්තීනායි පොප්ලරයන්ට සහ දුයිෂෙන්ට ඇලුම් කළා හා සමානව අප ගුරු ගීතයට ද ඇලුම් කලෙමු. ඔබට කවි සිතුවිලි පහල වනුයේද එබැවිනි. අප එය කියවනුයේද එබැවිනි. සත්තකින්ම හොඳ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. එවැනි නිර්මාණ බිහි වන්නේ මෙන් ම ඒවා අගය කරවන සිතුවිලි පහළ වන්නේ ද මානව හිතවාදී මනුෂ්‍යයන් අතිනි. බොහොම ස්තුතියි අක්කේ..
      ජය වේවා!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading