Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරය සහ අධික අවුරුද්ද

Friday, February 24, 2012

අද පොස්ට් එකක් දාන්න නෙවෙයි හිටියේ.. ඒත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්යය මණ්ඩල වලට පිං සිද්ධ වෙන්න අද පොඩි නිවාඩුවක් ලැබුණා. අපේ mid semester exam එකේ modules 4 න් 2 ක් තිබ්බට පස්සේ තමයි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක උණේ. ඒ හින්දා ඉතිරි modules දෙක මේ මාසේ ම 27 සහ 28 වෙනිදා ට කල් ගියා.. ඒ විස්තර කියන්න නෙවෙයි නේ පොස්ට් එක දැම්මේ. වැඩි කතා ඕන නෑ... මම මාතෘකාවට බහින්නම්කො..

මේ 2012 අවුරුද්ද. 2012 කියන ඉලක්කම 4 න් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ වගේ ම අග ඉලක්කම් දෙක 00 නෙවෙයි. ඒ කියන්නේ මේ අවුරුද්ද අධික අවුරුද්දක්. මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ එන බොහෝ දුරට එක ම අධික අවුරුද්දත් මේක වෙන්න පුළුවන්. ඒ අතින් නම් එක මටත් සුවිශේෂයි. අධික අවුරුද්දක් ඕන කොල්ලෙක්ට සුවිශේෂයි නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ පොස්ට් එක ලියවෙන්නේ ඒ ගැන.

ඔන්න ඉතින් Leap Year movie එක බලපු අය කෑ ගහන්නේ නැතිව ඉන්නවා හොඳයි. මොකද මේ කියන්න යන්නේ ඒ කතාවට සම්බන්ධ කතාවක්. මොකද්ද එතකොට මේ කතාව. ඒ තමයි මේක.

සරලව කියනවා නම් අධික අවුරුද්දක පෙබරවාරි 29 වෙනිදා එහෙමත් නැත්නම් Leap Day එක දවසේ ගැහැණු ළමයෙක්ට පුළුවන්, තමන්ගේ හිත ගිය පිරිමි ළමයට ප්‍රේම සම්බන්ධයක් සඳහා ආරාධනා කරන්න.එහෙමත් නැත්නම් Propose කරන්න.

ඒක ඉතින් එදා ම වෙන්න ඕන ද? ඕන දවසක පුළුවන් නේ. මොකද වෙන දවසක කිව්වා කියලා වචන පිට නොවී තියෙන්නේ නෑ නේ.. නේද?

ඒත් මෙහෙම දේකුත් තියෙනවා. අපි ජීවත් වෙන සමාජයේ, රට මොකක් උණත් Propose කිරීම පිරිමි ළමයා සතු දෙයක් කියලා පොදු පිළි ගැනීමක්, නැත්නම් රීතියක් තියෙනවා. ඒ අනුව යම් හේතුවක් මත කෙල්ලෙක්, කොල්ලෙක්ට Propose කලොත් ඒ කෙල්ල දිහා ටිකක් අමුතු විදියට බලන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා. ඒක අපේ රටේ නෙවෙයි, යුරෝපයේ පවා අද විතරක් නෙවෙයි, අතීතයේත් තිබුණු දෙයක්.ඒත් වසර 4 ක ට වරක් එළඹෙන Leap Day එක දවසේ කෙල්ලෙක්ට නිදහසේ තමන්ගේ හිත ගිය කෙනාට ඒ බව දැනුම් දෙන්න අවකාශය සමාජය විසින් ම නිර්මාණය කරලා දීලා තියෙනවා. මම මේ කියන්න යන්නේ ඒ සඳහා පාදක වුණු කතාව.

මේ සිද්ධියට පාදක වෙන්නේ 5 වෙනි සියවස. යුරෝපා මහාද්වීපය. රට අයර්ලන්තය. St.Bridget තුමිය විසින් St.Patrck තුමාට විවාහ යෝජනාවක් කරනු ලැබ තියෙන්නේ Leap Day එකක. පුරාවෘත්ත වල හැටියට එදා St.Patrick තුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ මොහොතේ පටන් Leap Day එකක දී තමන් ආදරය කරන පිරිමි ළමයාට, ගැහැණු ළමයා විසින් යෝජනා කරනු ලැබිය යුතු බවට.

ඒ වගේ ම තවත් කතාවක් තියෙනවා. ඉංග්‍රීසි නීතියේ හැටියට පෙබරවාරි 29 වෙනිදා නොසලකා හැරෙනවා. ඒ වගේ ම නීතිමය තත්වයක් නොමැති දිනයක් විදියට එදින හඳුන්වනවා. ඒ වගේ ම මේ හේතුව නිසා ම කිසිඳු පදනමක් නැති පරණ හණමිටි රීතියක් නොසලකා හැරීමටත් ඒ දිනය ම යොදා ගන්න ඇති කියලත් සමහරු මත පළ කරනවා. මේ පිළිබඳව වන පළමු වන ලියවිල්ල හමු වන්නේ 1288 වර්ෂයෙන්. ස්කොට්ලන්තයේ මේ සම්බන්ධව නීතියක් සම්මත වී තිබෙනවා. ඒ නීතියේ හැටියට ඕනෑම කාන්තාවකට තමන්ගේ හිත ගිය පිරිමියාට විවාහ යෝජනාවක් Leap Day එකේ දී කරන්න පුළුවන්. දරුණු ම තත්වය තමයි ඒ යෝජනාවට පිරිමියා අකමැති වුණොත් අදාල කාන්තාව වෙත දඩයක් ගෙවීමට සිදු වීම. මේ දඩය හාදුවක සිට සේද ගවුමක් හෝ අත් වැසුම් දක්වා වෙන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ.

කොහොම උණත් බොහෝ රටවල් වල මේ සිරිත පිළි ගැනෙනවා. මගේ පෞද්ගලික අදහසේ හැටියටත් මේ චාරිත්‍රය වැදගත්. මොකද යම් හේතුවක් මත අදාළ තරුණිය වෙත යෝජනා කරන්න තරුණයාට බාධාවක් තිබුනොත් ලියවෙන්න තියෙන ලස්සන පෙම් කතාවක් ආරම්භ නොකර ම නැවතීමේ තිත තියන්න වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොස්ට් එක කියවන කෙනෙක්ට තවත් කෙනෙක් ගැන අදහසක් තියෙනව නම් කල් නොයවා හැකි තරම් ඉක්මණින් අදාළ කෙනාට ප්‍රකාශ කරන්න. ඒ වගේමයි ගැහැණු ළමයින් ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබ ගොඩක් ලඟින් ඇසුරු කරන තරුණයෙක් කෙරෙහි ඔබේ හිත ගිහින් නම් තියෙන්නේ ඒ බව මේ මාසේ පෙබරවාරි 29 වෙනිදාට වත් ප්‍රකාශ කරන්න. මොකද කොල්ලෙක්ට නම් අවුරුද්දේ ඕන ම දවසක ඒ බව කියන්න පුළුවන්. ඒත් ඔබේ මේ අවස්ථාව ගිලිහුණොත් නැවත ඒ අවස්ථාව ලබා ගන්න තවත් අවුරුදු 4 ක් බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන්.

වැඩිදුර විස්තර අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල තියෙන පොත පතින් හොයා ගන්න පුළුවන්.


  1. Marian Morton, "Should Women Propose?", The Scrap Book, v5, January-June 1908, page 656.
  2. Kristina Seleshanko, Carry Me Over the Threshold: A Christian Guide to Wedding Traditions, page 61.
  3. Clarissa Bye, "Take the leap today, girls", smh.com.au, February 29, 2004.



51 comments

  1. මේ කියනකම් මම මේ ගැන දැනන් හිටියේ නෑනේ.. එදාට අපිට විශේෂ වැඩ දවසක්.. ඩබල් පඩි.. ඔන්න ඕක විතරයි මම දැනගෙන හිටියේ..

    ReplyDelete
    Replies
    1. ඩබල් පඩි කතාව නම් මම දැනගෙන හිටියේ නෑ අයියා..

      Delete
  2. කලින් දැනගෙන හිටියනම් කෙනෙක්ව හොයාගෙන ඉන්න තිබුණා.. :D

    ReplyDelete
    Replies
    1. තවම පරක්කු නැහැ.ඔන්න ඔහේ කියල දන්නා.හැබැයි මම දඩ ගෙවන්න ලෑස්ති නැහැ.

      Delete
    2. මෙන්න මෙතන ආදර කතාවක් ලියවෙන්න යනවෝ...

      Delete
  3. මේ වෙනකන් දැනගෙන හිටියේ නැහැනේ අපිටත් වෙන කරපු දවසක් තියෙනවා කියල.කවුරුහරි ඉන්නවදෝ... තව ටික දවසයි..

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ කවුරු හරි අසරණයා ට සරණ වෙයි ද කියල.. ඔන්න එහෙම උනොත් නම් ඉතින් අපිටත් කියන්න ම වෙනවා.. හොඳේ!!

      Delete
  4. හලේ... ඕක තව ටිකක් කලින් එපාය කියන්න.. මේ 29 වෙනිදට no chance බලමු තව අවුරුදු 4කින්වත්.. :D

    ReplyDelete
    Replies
    1. අපොයි.. එතකොට ඔයා නාකි වෙලා නේ..

      Delete
    2. හිකිස්.. පිස්සුද අනේ.. මම තාම පොඩි කෙල්ලනේ.. :P

      Delete
  5. සිරාවටම උඹටත් හිතෙන එව්වා..එල එල..
    දැන් උඹට මේ 29 කවුද හම්බ වෙන්නේ?
    ;)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා.. කවුරු හරි හම්බ වෙනවා නම් හොඳයි..

      Delete
  6. මමත් අද වෙනකන් ඕක දැනගෙන හිටියෙ නෑ.අද ඉඳල බලාගෙන ඉන්න ඕන 29 වෙනිද කෙල්ලෙක් මගෙන් කැමතිද කියල අහනකන්.

    ReplyDelete
    Replies
    1. එල එල.. අසරණයා ට කියපු කතාව ම තමයි ඉතින් ගුරාටත් කියන්න වෙන්නේ.. ගොඩ යනවා නම් කියලා ගොඩ යන්න ඕන.. හරි ද??

      Delete
  7. අදමයි දැනගත්තේ, ඒත් ඉතින් පරක්කු වැඩියිනේ තව කාගෙන්වත් අහන්න!

    ReplyDelete
    Replies
    1. අඩේ.. එහෙම නම් සොරි ම තමයි!!

      Delete
  8. @nj
    තව ටික දවසක් තියෙනවනේ 29ට
    ඉවසල ඉදපන්

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නට ම එක ම සන්තෑසිය තමයි මචෝ.. බලන් ඉමුකො..

      Delete
  9. ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අනිවා.. මාත් පොස්ට් එක දැම්මේ ඒකයි.!!

      Delete
  10. කලින් කියන්න එපාය.. ඉක්මනට කෙල්ලෙක් හොයා ගන්න ඕන

    ReplyDelete
    Replies
    1. මම හිතුවෙම මාතලන් අයියා දරුවෝ හත් අට දෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලම නේ.. ෂඃ.. මට වැරදිලා නේ..

      Delete
  11. අනේ මං දැනගෙන හිටියෙත් නෑ නේ මේක...

    මේ හදිසියේ කාගෙන් අහන්න ද!!!
    බලමුකෝ තව අවුරුදු හතරකින් විතර........

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයත් නාකි උණාම අහන්න ඉන්නවා නේ ප්‍රර්ථනා වගේ!

      Delete
  12. :D
    බලමු මගෙන් අහන්න වාසනාවන්ත වෙන කෙල්ල කව්ද කියල!
    ෆට්ටයි පොස්ට් 1 නම්!

    ReplyDelete
    Replies
    1. අහපු ගමන් කියපන් කියලා උඹට කියන්න ඕන නෑ නේ.. අනිවා කියනවා කියල දන්නවා!

      Delete
  13. හපොය් 29 මම ගෙදරින් එලියට බහින්නේ නැ එහෙනම් :p

    ReplyDelete
    Replies
    1. ඒ මොකද මල්ලි?? කෙල්ලෝ allergic ද?

      Delete
  14. post eka elaaaz...!! mehema deyak kalin danne nane.bt ithin
    හදවතින් ම ආදරය කරයි නම් එය ප්‍රකාශ කිර්‍රම වැදගත් නොවේ.

    ReplyDelete
    Replies
    1. කෙසේ හෝ ආදරය ප්‍රකාශ කිරීම වැදගත් ය. නැතිනම් අවසානයේ එකෙකුට අම්බානක් දුක වීමට සිදු වේ. අත්දැකීමෙන් පවසමි.!

      Delete
    2. අවසානයේ එකෙකුට අම්බානක් දුක වීමට සිදු වන්නේ පෙරලා ආදරය බලාපොරොත්තු වේ නම් පමනි

      Delete
    3. පෘතග්ජනයෙක් ලෙස මම නම් පෙරළා ආදරය නොලැබීමෙන් දුක වෙමි.. නමුත් ආදරය කිරීම නතර නොකරමි! එහෙම හොඳයි නේ?

      Delete
    4. Ehema hndai.Elaaaz...!!!

      Delete
  15. edata poddak parissamin inna malli..:P :P

    ReplyDelete
  16. ඔන්න ඉතින් කෙල්ලෝ ටික පොලිම් ගැහෙන්න.... ඔන්න හැබැයි පෝලිම් ගැහුනා කියලා කොල්ලාගෙන් ඔය අත් මේස්දෙකකට වඩා දෙයක් නම් ඉල්ලනවා නෙමේ..

    සිරාවටම මේ ගැන මම දැන ගත්තේ නම් අද? ස්තුතියි දැනුවත් කිරිමට

    ReplyDelete
  17. අප්පට හුඩු... එහෙනං එදාට එලියට බහිනෙ නැතුව FB එන්නෙ නැතුව ෆෝන් ඕෆ් කරන් ඉන්න වෙන්ව මට බේරිල ඉන්නනම්....

    ReplyDelete
    Replies
    1. අඩේ..උඹ ට එච්චර ඉල්ලුමක් තියෙනවා ද?
      මරු නේ..

      Delete
    2. හිකිස්.. පොඩ්ඩා හිතන් ඉන්නේ එහෙමලු.. ඒ වුනාට.... :P :D

      Delete
  18. mona kehelmalakata adika aurudu thiyenawada manda?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් එපා ඉතින්.. ඒක සැහෙන්න වටිනා අවස්ථාවක් නේ..

      Delete
  19. එක අයර්ලන්ත සම්ප්‍රදායක්නේ.. අනේ අම්මෝ මම මේ ෆිල්ම් එක බැලුවො.. කොහොම හරි ඒ කෙල්ලත් අන්තිමට කොල්ලට කැමති කියන්ද්දී ඒ මිහරකා මුද්ද ගෙන්න ගියානේ හැක හැක හැක

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් ආසාවෙන් නරඹපු චිත්‍රපටියක්.. ඒ හින්ද ම යි මේ ගැන වැඩිදුර හෙව්වේ..

      Delete
  20. අඩේ අද 25 නේද.. :D බලමු :D

    ReplyDelete
    Replies
    1. ඔන්න 29 පහු උණා... අවදානමෙන් මිදුනා..

      Delete
  21. "හෙට හොදම දවස..
    හෙට හොදම දවස..
    ඔබ එනවානම්..
    දේදුනු පාලම උඩ හැන්දෑවේ
    මම ඉන්නම්.."

    මාත් අදමයි ඔන්න දැන ගත්තේ.. :)
    බැරිවෙලාවත් හෙට කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් අහලා බෑ කිව්වොත් අපිට කෙල්ලොන්ගෙන් "දඩ" ගන්න බැරිද දන් නෑනේ..

    තියෙනවනම් ෆිල්ම් එකේ ටොරෙන්ට් එක දානවද මලයා.. මම තාම බලලා නෑ ඒකත්..:(

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනින් ගන්න බලන්න..
      http://thepiratebay.se/torrent/5507881/Leap_Year.2010.BDRip.XviD_1337x_-Noir

      Delete
  22. දේශාන්තFebruary 29, 2012 at 5:08 AM

    මම ඵයාට කියවන්න මේක මගේ වෝල් ඵකට share කරා....
    ඵහෙම වුනොත් අද තරමි වටින දවසක් තවත් කවදාවත් ඵන ඵකක් නෑ.....

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading