ලන්තෑරුම සවි කරලා,
හබලට රිදෙන
අත්දඬු යළි පිරිමදලා,
ඔරු කඳ උඩින් නැගෙනා
රළ බිඳ දමලා
සයුරේ සරමි
සරනා මින් කැල සොයලා..
තනිය දැනෙයි
මහ මෙරකට වඩා උස
ඔරුවක් පෙනෙයි
සැලෙනා එළියෙන් දුරක
සිත නුඹ වෙතයි
කිමිදෙන රස පෙම් විලක
සිහිනක රැඳී එන්නට
සිත් වෙයි
සොඳුරිය නුඹ වෙතට..
සුරතල් පුතුන්
කිරි සිනහා සලන වෙලේ
වරම් නොමැත
හිස පිරිමදිනට නුඹගේ
වෙහෙසිය යුතුයි
රකිනට නුඹ සොඳුරේ
දිරි ගමි තවත්
නැත වෙහෙසක් තව දැනුණේ..
මම,
~Nj~
සෑහෙන්න වෙනසක්!:)
ReplyDeleteජය වේවා!
හැමදාම එක ම විදියට ඉන්නත් බෑ නේ.. ඒ හින්දා ටිකක් වෙනස් වෙන්න හිතුවා..
Deleteහි හී!
ලස්සනය් !!
ReplyDeleteස්තුතියි මලයා..
Deleteලස්සනට ලිය උන තවත් අපි වගේම මිනිස්සුන්ගේ ජීවිත පැතිකඩක්.. අපූරුයි..
ReplyDeleteස්තුතියි!
Deleteකවිය ලස්සනයි..පින්තූරෙත් කවියට ගැලපෙනවා
ReplyDeleteස්තුතියි පබලු.. අරුණැල්ලට ආදරෙන් පිලි ගන්නවා..
Deleteබොහොම අපූරූවට ලියලා තියෙනවා.. ගේය පද රචනයක් වගේ.. ඇත්ත ලස්සනයි...
ReplyDelete+++ මටත් හිතට වැදුනා.
Deleteගීතයක් කරන්න හිතාගෙන නම් නෙවෙයි ලිව්වේ.. එත් පස්සේ එහෙම හිතුණා..
Deleteඔවු මේ වෙනස හොදයි
ReplyDeleteස්තුතියි මිත්රයා..
Deleteජිවිතේ හැටි.පදවැල් ටිකනම් ඉතිං ලස්සනටම තියෙනවා කලින් ඒවා වගේම..
ReplyDeleteඒ ගැන හිතන්න අපිට වෙලාවක් නැති එක තමයි නේ අවුල.. ස්තුතියි!
Deletenice change.....!!!!
ReplyDeleteThanks Jeew!
Deleteපැහැදිලි වෙනසක්.. ඔහොම යමු..ඇත්තෙන්ම ගිතයකටත් වඩා සුදුසුයි.. නියමයි.. :)
ReplyDeleteඅලේ... කවිත් ලියන්න පුලුවන් කියලා දන්නේ අදනේ... සිරාවටම මල් හතයි.... මට නම් කවි ලියන්න බැ යාලු... ඒ හින්දා කවි වලින්ම කමෙන්ට් දන්න බැ ඔන්න මට,..
ReplyDelete