හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි
කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති
පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති
නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති
සඳ - හිරු - තරු
Wednesday, April 30, 2014
සඳ නැගෙන විට - සඳේ තනියට
සිය ගණන් තරු මැවෙනවා
නිල් ගුවන් තෙර - අඳුරු මුලුවල
තරු යුවළ පෙම් කරනවා
හිරු නැගෙන විට - සඳට පෙම් කළ
තරු එකින් එක මැකෙනවා
තරු නැතත් ලොව - එළිය වනු දැක
නිරාමිස සුව විඳිනවා
සෙනගක තනි වී - තරු මතක් වී
හිරු ද කඳුලැලි හෙලනවා
හෙලන සුසුමන් - නගන කඳුලැල්
අඳුරු වලාවල රැඳෙනවා
තවත් මොහොතක - හිරු ද ඉඳහිට
සඳට රහසින් නැගෙනවා
සඳුත් නොදැන ම - බියපත් තරු රල
හිරු නොදැක ම මැකෙනවා
සඳුට රහසේ - හිරුට පෙම් කළ
පහන් තරුවක් තිබෙනවා
හිරුගේ තනියට - තවම ඉඳ හිට
අලුයම් අහසේ නැගෙනවා..
අහවර පෙමක්
Tuesday, March 11, 2014
උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග
ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ
සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය
එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය

දුම්රියේ දී ඇය ව දුටුවෙමි!
Thursday, January 9, 2014
දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!
විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි ඒ නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..
මෙතෙක් කල් මා නුදුටු ඒ රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇය' රුව
දිගු රැයක සිත හඬවන ඒ රුව
කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී ය - මට ඉගැන්වූ ඇය..
නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...
'මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.
"නිවැරදි කල යුතු ය ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..
"හිටපිය ඔතැන, ඔහොම ම!"
හඬ නගයි මා හෘද සාක්ෂිය.
බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...
නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."
වියළි තන පුඩුව, බිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා ය ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට..
Labels:
Emotional,
නිසඳැස්,
සමාජයීය,
සාහිත්‍යමය
සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)
Tuesday, December 3, 2013
අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.
මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.
වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..
තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.
පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.
ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..
මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..
කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.
ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.
තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.
මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ. ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.
තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.
අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.
ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ

වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?
අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.
ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
බලාපොරොත්තුව
Monday, November 18, 2013
තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා
රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..
දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ ම රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා...
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා
රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..
දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ ම රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා...

Labels:
Emotional,
ආදරය,
සමාජයීය,
සාහිත්‍යමය
අවසානයේ සමනලයා මිය ගියේ ය.
Friday, November 15, 2013
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ
පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .
ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
හිමිදිරියේ මීදුම් අතරින්
දේදුනු පාට පෙති අතර
සුවඳ සොයමින් සමනලයා
නෙතදර මැවුණු ලොවට පිළිපන්නේ ය..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
සොඳුරු සමනල මාවත
අවුරා එළුණු දැල
වළකන්නට විය කවුළුව
සොඳුරු ලොවකට මග විවර කළ
පීරී ගෑ දළවල -විෂ පිරී ඇති වග
නොදන්නා සමනල තෙම
හෙළුවේ ය පහර - තියුණු දලයට
හිසින් ඇන - ඇන..
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.
තියුණු නිය
උල් කටු පහරින්
ඉරී ගියේ ය
මටසිළුටු තටු .
ඉරුණු තටු අතරින්
පොඩි පට්ටම් වුණු - මොළ කැබලි වලින්
ගලා ආ රුධිරයෙන්
රක්තාලිප්ත විය - නෙක නෙක පාට අත්තටු...
සමනල තටු වල
නෙක නෙක පාට සොරා ගත්
වෛවර්ණ මකුළුවා
දැල වියන්නට පටන් ගත්තේ ය.

Labels:
නිසඳැස්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
අරුත නුඹ නම්
Thursday, November 14, 2013
කවි සිතක නැගී දුක් හැඬුම්
සිඳිමි බිඳ ලමි නිය පිටින්රිදෙන නෙත් යුග සනසමින්
කඳුළු පිසලමි වී සඳ කැළුම්..
නුඹ ලියන කවි කියවමින්
දෙතත් විවරණ මදහසින්
අරුත මා මිස අනෙක් නොව බව
දතත් නො විමසමි වදනකින්..
අකුර නිමියේ නගන පහන් පෙම
එළිය කරවයි ජීවිතේ
අරුත නුඹ නම් ඇරඹුමෙහි සිට
ඉඩක් කුමට ද සිහිනයේ?
ප.ලි. :
වර්ෂා නංගිගේ කවියකට ලියපු පිළිතුරු කවියක්..කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබුණු එකේ බ්ලොග් එකේ පල කරන්න හිතුණා.
Labels:
ආදරය,
නිසඳැස්,
මට හිතුනු දේවල්,
සාහිත්‍යමය
අද අපේ රිසල්ට්ස් cover of අද අපේ තාත්තා - Ruhuna RockzZz
Wednesday, September 11, 2013
ජනප්‍රියත්වය යනු බොහෝ විට වර්තමානයේ නිර්මාණය වන ගීතයක ප්‍රධාන ම අභිමතාර්ථය යි. එසේ නිර්මාණය වී ජනප්‍රිය වන ගීත වලට වෙනස් රූප රචනා යෙදීම හෝ ඒ ගීතවල තනු යොදාගෙන ලියැවුණු පද මාලා වලට රූප රචනා නිර්මාණය කිරීම අලුත් දෙයක් නොවේ.
නමුත් මෙසේ නිර්මාණය වන ගීත බොහෝ විට සමාජයේ උපහාසයට ලක් වෙයි. මුල් ගීතය විනාශ කරන බවට එහෙමත් නැති නම් කන බවට චෝදනාවට ලක් වෙයි.. විශේෂයෙන් ම ගීතයේ මුල් නිර්මාණකරුවා අපහසුතාවට පත් වීම මෙමගින් බොහෝ විට සිදු වේ.. මෙය ද අලුත් දෙයක් නොවේ.
නමුත් මෙසේ නිර්මාණය වන ගීතයක් මුල් නිර්මාණ කරුවාගේ ඇගයීමට ලක් වෙනවා නම්, එහෙමත් නැතිනම් එසේ කෙරුණු ප්‍රතිනිර්මාණය ප්‍රසිද්ධ කරවීම මුල් නිර්මාණ කරු අතින් ම සිදු වෙනවා නම්, එය සැබවින් ම අලුත් දෙයකි. අමුතු දෙයකි.
අපි එය කළෙමු. රුහුණු විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ දහතුන් වන ශිෂ්‍ය කණ්ඩායමේ අපි සාර්ථකව ඒ ප්‍රතිනිර්මාණය කළෙමු.
මේ දිනවල බෙහෙවින් ම ජනප්‍රිය ' අද අපේ තාත්තා' ගීතය අපි ප්‍රතිනිර්මාණය කළේ විශ්ව විද්‍යාල ජීවිතය, එහෙමත් නැතිනම් uni life එක සහ විභාග පදනම් කර ගත් පද මාලාවක් යොදා ගනිමිනි.

එය සාර්ථක ව තිබේ.. ඒ බව කියන්නේ අප නොවේ. ගීතය ඇසූ අපේ මිතුරු මිතුරියන් ද නොවේ. ගීතයේ මුල් නිර්මාණකරුවා යි.!
ඉතින් ඒ විශිෂ්ටත්වය කියන්නට මීට වඩා අටුවා ටීකා අවශ්‍ය ද?
රුහුණේ වීම ගැන අපිට ආඩම්බර නොවී සිටිය හැකි ද!!
රුහුණේ වීම ගැන අපිට ආඩම්බර නොවී සිටිය හැකි ද!!
ගීතය මෙතැනින් අහන්න/ බලන්න!!
Labels:
ආ ගිය තොරතුරු,
ගීතයක් ගැන,
සරසවියේ අත්දැකීම්
සර්ව ආගමික ප්‍රේමය
Thursday, August 22, 2013

අවිදු අඳුර වැද - නෙත් සර පැහැරව - මිනිසුන් මොර දෙන්නා
මුරුගසන් වැහි - වැටී උන් අත - අසිපත් දිදුලන්නා
වියරු වැටී උන් - උනුන් හා වැද - සටනට සැරසෙන්නා
එවන් ලොවක නැගි - මෙවන් පෙම් දම් - ළහිරු කිරණ වන්නා...
පින්තුරය උපුටා ගැනීම : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJ6KYNQzYxOl_KJrRakcpv-A6JWwQa1z-hx9QeVVs43EQGrd7VmyN6PzmPrOPXeLT1uPMtI8tRAnDmgPKg7ekOY3gVTktNuiNp7BuBK8TSj7eQ75wRbBbAzDZ27PNyb887WaikY_TvFiw/s600/weddingar600.jpg
Labels:
Emotional,
ගීත,
නිසඳැස්,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්,
සාහිත්‍යමය
Subscribe to:
Posts (Atom)