Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

අරුත නුඹ නම්

Thursday, November 14, 2013

කවි සිතක නැගී දුක් හැඬුම්
සිඳිමි බිඳ ලමි නිය පිටින්
රිදෙන නෙත් යුග සනසමින්
කඳුළු පිසලමි වී සඳ කැළුම්..

නුඹ ලියන කවි කියවමින්
දෙතත් විවරණ මදහසින්
අරුත මා මිස අනෙක් නොව බව
දතත් නො විමසමි වදනකින්..

අකුර නිමියේ නගන පහන් පෙම
එළිය කරවයි ජීවිතේ 
අරුත නුඹ නම් ඇරඹුමෙහි සිට
ඉඩක් කුමට ද සිහිනයේ?

ප.ලි. :
වර්ෂා නංගිගේ කවියකට ලියපු පිළිතුරු කවියක්..කාලෙකට පස්සේ පොඩි නිවාඩුවක් ලැබුණු එකේ බ්ලොග් එකේ පල කරන්න හිතුණා. 

10 comments

  1. it's really nice one najath :D :D

    ReplyDelete
  2. පොඩි ගීතවත් බවක් තියෙනවා ඒත් කවියේ ආකෘතිය තුල විරිත රැකගන්නට කරපු උත්සාහයේදී රිද්මය සඳහා භාවිතා කළ
    "කඳුළු පිසලමි වී සඳ කැළුම්.." කොටසේ "වී" යන්න නොතිබුණානනම් හොඳයි.
    දෙතත් / දතත් වගේ වචනවග රිද්මය තිබුණට එයින් සම්පූර්ණ අරුතට සහයක් දෙන්නෙ නැහැවගේ මට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. එතන මාත්‍රා ගණනේ වෙනසක් තියෙනවා නේන්නම්..
      අර වචන යොදා ගත්තේ රිද්මය තියා ගන්න. සමහර විට අර්ථය බාල වීමක් එයින් වෙන්න ඇති.. නිවැරදි කරන්න උත්සාහ කරන්නම් අයියේ..

      බොහොම ස්තුතියි අයියේ අදහසට සහ උපදෙස් වලට...

      ජය වේවා!!

      Delete
  3. අහා... කවිය අපූරුයි කියලා මං කලින් ම කිව්වනේ.. කම්මැලි නොවි දැන් දිගටම ලියන්ඩ..)))

    -මටත් පොඩි පබ්ලිසිටි එකක් දුන්න නම් නරක් වෙයි!!-විහිළුවට කිව්වේ ඈ!!

    ReplyDelete
    Replies
    1. ඒක නෙව නම කිව්වේ.. දෙනවා දෙනවා.. ඊළඟ එකේ නම් අනිවා දෙනවා..:D :D කවි පොත ආවම ලොකුවයින් පබ්ලිසිටි එකක් දෙන්න කියලා හිතන් ඉන්නේ.. :D

      හැමදාම ඉතින් ඇවිත් කමෙන්ට් එකක් දාලා යනවා නේ (නැත්නම් ඉතින් බලා ගන්න තිබුණා. :P)

      බොහොම ස්තුතියි නංගෝ!! :)

      Delete
  4. මට මතක යි මේ කවිය. මෙන්න ලින්ක් එක. http://wehimandarama.blogspot.com/2013/07/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි.. හොඳ වෙලාවට ලින්ක් එක දැම්මේ.. නැත්නම් තව පොඩ්ඩෙන් වර්ෂා නංගියා මගේ ඔලුව කනවා!! :D

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading