Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සොබාදහම සහ අනුවර්තනය

Monday, December 3, 2012

කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා.
නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා.

ගසුත්කොළ අතු වියලිලා - බුරුතනැදුන් ගස් මැලවිලා.
ලූණු කොළකඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා.

තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලා
හාමතේපිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්කතර තනි වෙලා.

හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළිඑයි ගලා
වැටෙයි මහ වැහි ගුගුරලා - වියළි ඉරි බිම ඇඳි මකා

නැවුම් පුසුඹ එන විට හමා - ලූණු දලු යළි මතු වෙලා..
බුරුත නැදුන් කඳ තෙත් වෙලා - එහෙත් ඒ නෑ පණ ලබා..

23 comments

  1. කටුක ගිම්හානය නිමවෙලා -දිනක ...වසන්තය එනවා සත්තකයි !

    ReplyDelete
    Replies
    1. එහෙනම් එතකම් බලාගෙන ඉමු!! :)
      ජය වේවා රෙහානි!

      Delete
  2. ලස්සන සංකල්පනාවක්.. හිතුව හිතුව පද 2ක් ගලපන්න...ම්හු.. හරියන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.. තවත් උත්සාහ කරන්න.. බැරි වෙන්නේ නැහැ!! :)
      ජය වේවා!

      Delete
  3. හරිම කටුක අත්දැකීමක් නෙව විස්තර වෙන්නේ...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. බොහොම කටුකයි මිත්‍රයා.. ජීවිතය කියන්නේ එහෙම දෙයක් නේ..
      එසේ ම වේවා!!

      Delete
  4. වසන්තය එනවා සත්තකයි...

    ReplyDelete
  5. වියලි බිම් තෙත් වෙන්න - වසීවී මල් වැස්ස
    දසත සියොතුන් ඉගිල යන - දිනක් එයි ළඟදීම

    ReplyDelete
    Replies
    1. ගම් නියම් යට වෙන්න
      මහා ගොඩක් වැස්සා ට
      බුරුත නැදුන් ගස් වලට
      යලිත් පණ ලැබ ගන්න
      ඉඩක් නෑ කිසි දාක
      ඉතින් මල් වැහි කුමට
      හඬක් ඇයි සියොතුන්ට?

      Delete
  6. Replies
    1. Seems you are still using that college laptop!

      Anyway,Thanks a lot Nanga!

      Delete
  7. හැම අහිතකර බලපෑමකටම පස්සේ හිතකර දෙයක් එනවා කියන කාරනය අනුව නම් හරි..

    ඒත් කිඩාරම් මල් වලින් විදුවන්නේ නැවුම් සුවඳක් නොවේ උහුලන්නට බැරි දුර්ගන්ධයක්..

    ඒ අදහස වෙනස් අයුරකින් කිව්වනම් හරි.

    ReplyDelete
    Replies
    1. මෙතන දී කවියෙන් අදහස් කළේ වෙනස් ම දෙයක්. නමුත් බොහෝ දෙනෙක් ඒක තේරුම් අරන් තියෙන්නේ වෙනත් ආකාරයකට කියලයි වැටහෙන්නේ.

      කිඩාරම් මල් පිපුණු නිසා නැවුම් සුවඳ නැති වෙලා කියන දේ යි මම අදහස් කළේ. ඒ වගේ ම කවිය තුලින් කියන්න උත්සාහ කළේ, අනුවර්තනය වන පුද්ගලයා මිස කොයි තරම් ශක්තිමත් අයෙක් වුණත් ආරක්ෂා වෙන්නේ නැහැ කියන දේ. නමුත් මෙයින් ගම්‍ය වෙලා තිබෙන්නේ මීට වෙනස් අර්ථයක් බවයි පෙනෙන්නේ..

      මගේ අදහස් ප්‍රකාශනය සමහර විට සාර්ථක නොවුණු නිසා වෙන්න ඇති වැරදි තේරුමක් ලැබුණේ..

      Delete
  8. රෝමයට ගිහාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන කියන්න ඕකට තමයි රැංගෝ..

    ReplyDelete
    Replies
    1. වවුලගේ මගුලට යද්දී සරම් ඇඳන් යන්න එපා කියන්නේ ඒකයි නේ අක්කේ!! :)
      බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට!
      ජය වේවා!!

      Delete
  9. කවි පද ගැලපීම නම් හොදයි.
    //ක๢ඩ๟ර໦ මල๞ ප๣ຩල๟ - න๠ව๤໦ ස๤වඳ න๡ ໶ය๠ක๢ල๟.// මෙතනින් අදහස් කලේ කීඩාරම් වල ගදට වඩා සුවද හමනවා කියන එකද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිත්‍රයා.. එහෙමයි කියලා ගන්නත් පුළුවන්.. එහෙම නැත්නම්, තිබුණු සුවඳ ඒ ගඳ නිසා නැති වෙලා කියලා හිතන්නත් පුළුවන් නේද?

      Delete
  10. ඒ ඒ කාලෙට සිද්ධ වෙන දේවල් වලට අනුව හැඩගැහෙන්න අපි පුරුදු වෙන්න ඕන. නැත්තන් ආයෙත් කවදාවත්ම ජීවිතේ හදාගන්න බැරි වෙනව. ඔයාගෙ නිසදැස කියවද්දි මතක් උනේ තුත්තිරි ගහ. ඒකත් සැඩ සුළඟකදි උනත් ඒ මේ පැත්තට නැවිල කොහොම හරි කඩා වැටෙන්නෙ නැතුව ඉන්නව. එහෙම නැති ගස් කඩාගෙන වැටෙනව.
    මේ උපමාව නම් හරිද මංද...ඒ උනත් ඔයා ලූණු ගැන කියල තියෙද්දි මට මතක් උනෙ තුත්තිරි ගහ :) )

    ReplyDelete
  11. රචනාවක් වගේ නෙවෙයි කවියක්.යම් තාක් බුද්ධියකින් එය ග්‍රාහනය වු කාලි තමයි එහි අර්ථය වැටහෙන්නේ.කවිය මාත් යම් තාක් දුරට කියවා සමාන්‍ය අර්ථයක් ලබා ගත්තද සමහරක් තැන් නැවත නැවත කියවිම තුලින් අර්ථයට යන්න පුළුවන්.ඔබේ නිර්මාණයේ වරදක් නොමැත.වරද අප සිත් එය කොයි තරම් දුරට ග්‍රාහනය කර ගන්නවාද ඒ ග්‍රාහනය කරගත් ටික මතයි.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. සොබාදහමට හැකි වුව
    හැඩගැහෙන්නට අවැසි විදියට

    හිත්වලට කොපමණ අසීරුද
    අනුවර්තනය වෙන්නට
    ලෝකෙට ඕනැ විදියට!

    ReplyDelete
  14. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    සති හතරක් නිහඩ අරුණැල්ල නව වසරේදීත් උදාවේවා!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading