Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

දිගේලි කන්දේ සිට නුඹට ලියමි!

Wednesday, November 14, 2012

සරා හෙවත් ආදරණීය නෑනන්ඩියේ,

පාරමී දම් පුරා අපිස් වන්නට
නඟෙ මා වෙසතුරු නොවේ..
ඈත හිම සේ දුකක් වෙන්නට
දිගේලි කන්ද, බරණැස නොවේ
නුඹේ ගීයට, නාඬා නිදියන
ක්‍රිෂ්නජිනාලා නොම ලැබේ
වංකගිරියේ දුක් නුහුරු නුඹ
මන්ද්‍රි දේවී නම් නොවේ..

ලන්සු තියලා අහවරයි උන්
තීන්දුයි දෑවැදි වෙන්දේසියේ..
චැප්ලින් කතගේ මදහස නොකැපෙයි
නා දලු දෙතොලට රන් රුවේ
කඳුළු පුරෝගෙන, දෙපා වැළඳගෙන
නාඬා ඉඳින් මගේ නංගියේ
ඔහු හා බැඳෙන්න අවසර ඉල්ලන
ඇවැස්ස නෑනන්ඩියේ...

කඳුළු වියළන මහා ගින්නෙන්
නුඹේ ලෝකය පහන් වුණාවේ
හදෙහි ඇවිලෙන වියෝ ගිනිදැල්
නිවී නිවී නුඹ සැනසුනාවේ
දිගේලි කන්දේ මහ සිටු මැදුරේ
කිරුළ ඉවත ලූ ප්‍රියාවියේ
මෙතැන් පටන් නුඹ සිරිකත වේවා,
පහන වේවා දොළොස් මාසේ..

නුඹට පෙම් කළ - නුඹත් පෙම් කළ,
දිගේලි කන්දේ සිටුතුමා (ආබාධිත)

ප.ලි :
පාඩම් කටයුතු වලින් විවේකයක් ගන්න, ඉඩක් ලැබුණු ගමන් 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වුණු සිටුවර පුවත පොත කියවද්දී හිතුණු දේ කෙලින් ම ලිව්වේ. සංස්කරණය කරන්න තරම් විවේකයක් ලැබුණේ නැහැ.

පොත ගැන කියනවා නම්, ටිකක් වෙනස් විදියේ නවකතාවක්. බොහොම සංවේදීව ලියවිලා තිබෙනවා. නමුත් සැළකිය යුතු තරම් ව්‍යාකරණ වැරදි සහිතයි. ඒ නිසා වෙන්න ඇති සමහර විට සම්මානය නොලැබෙන්නත් ඇත්තේ.. කොහොම වුණත්, ආදරය කරන අය සහ ආදරය කරන්න බලාපොරොත්තු වන අය වගේ ම කවාදාක හෝ කාට හෝ ආදරය කළ අයත් කියවිය යුතු ම පොතක් විදියට හඳුන්වන්න පුළුවන්.

මේ දවස් ටිකේ තරමක් කාර්යය බහුල නිසා බ්ලොග් අවකාශයේ සැරිසරන්න ලැබුණේ නැහැ. ඒ ගැන අමනාප වෙන්න එපා.. ඉඩක් ලැබුණු ගමන් හැම බ්ලොග් එකකට ම වගේ එනවා!

ජය වේවා!

16 comments

  1. ආබාධිත හිතද? ගතද?

    ReplyDelete
    Replies
    1. ගත ආබාධිත නිසා වෙන දේවල් වලින් හිතත් ආබාධිත වෙලා...

      Delete
  2. හරිම අපූරුයි... හරිම ලස්සනයි. සිටුවර පුවත කියෙව්වාම දැනුන පැහැදීම ඒ විදියටම දැනුනා මේ පද ටිකත් කියෙව්වම... මට හිතෙනවා සරාගේ උත්තරයක් ලියන්න...දිගේලි කන්දේ සිටුතුමාට...හ්ම්ම්ම්ම් ! උත්සාහ කරලා බලන්න ඕනෙ...:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!!

      විවාහ වෙන්න කලින් සරලා ඇවිත් පණ්ඩුල එක්ක කතා කරන මොහොත හිත බොහොම සංවේදී කරවන අවස්ථාවක්.. පොත කියවද්දී දැනුණු හැඟීම දැනුනා නම් බොහොම සතුටුයි ළිහිණි.

      සරාගේ පිළිතුර ලියන්න..බොහොම කැමතියි එහෙම වෙනවා නම්! අපි සංවාදයක් කරමු!!

      ජය වේවා!

      Delete
  3. මට සන්තුෂ් භාතියගේ සිංදුවක් මතක් උනා.හරි හරියට පදවැල හරි ගැහිලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ.. මොකද්ද ඒ ගීතය?

      Delete
  4. හේ හේ ඵට්ටයිනේ බන් .. හේ හේ එලස්

    ReplyDelete
  5. පොත කියවලා නැති කොටසකුත් ඉන්නවනේ.පළවෙනි වතාවේ කියවලා මුකුත් නොලියා ආපහු ගියා.ඊළගට ලිහිණිගේ කමෙන්ට් එක කියෙව්වමයි තේරුණේ සිටුවර පුවත පොත ගැන ලියල තියෙන්නේ කියලා.ඒක නිසා පොත ඇසුරින් ලියවුණා කියලා පොඩි සටහනක් තිබ්බා නම් හොදයි!

    මාත් පොත කියවලා නැති නිසා කවිය ගැන කතා කරන්නම්කෝ.මේකෙ පළවෙනි කවියට මම බොහොම කැමතියි.ඒකෙ ස්ටයිල් එක අපූරුවට හිතට වදිනවා.

    "පාරමී දම් පුරා අපිස් වන්නට
    නඟෙ මා වෙසතුරු නොවේ..
    ඈත හිම සේ දුකක් වෙන්නට
    දිගේලි කන්ද, බරණැස නොවේ
    නුඹේ ගීයට, නාඬා නිදියන
    ක්‍රිෂ්නජිනාලා නොම ලැබේ
    වංකගිරියේ දුක් නුහුරු නුඹ
    මන්ද්‍රි දේවී නම් නොවේ.."

    ඒත් දෙවැනි තුන්වැනි කවි දෙක තරමක් විසිරිලා වගෙයි.තව චුට්ටක් එඩිට් ‍ෙවලා ඒකත් පළවෙනි කවියේ තාලයට ම ලියවුණා නම් ඒක ඇතුලෙත් අරුණැල්ලෙ කවිවල අනන්‍යතාවය හොයාගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.

    සමස්තයක් විදියට නම් කවිය අපූරුයි කියල තමයි කියන්න වෙන්නෙ..)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල විභාගයට පාඩම් කරන අතරේ ඉඩ ලැබුණු වෙලාවට සිටුවර පුවත කියෙව්වා. එක තැනක දී බොහොම සංවේදී හැඟීමක් දැනුනා. පොත කියවන ගමන්, එවෙලාවේ හිතුනු දේ එහෙම්ම ලියලා දැම්මේ.. සංස්කරණය කරන්න ලැබුනෙත් නැහැ..

      බොහොම ස්තුතියි නංගියෝ. ඒ කොටස් දෙක සංස්කරණය කරන්න උත්සහයක් ගන්නම්!!

      Delete
  6. මම මේකට කමෙන්ට් එක දාන්නෙ පහුවෙලා.. ඒත් ඒක අවුලක් නෑ. නමුත් ඔබ මේ මාසෙ ලියු කවි සහ මේ කවිය අතර පරතරයක් මම දකිනවා. මොකද ඔබ සඳහන් කළා වගේම මේක කිසිඳු සංස්කරණයකින් තොරව මෙහි සටහන් කර ඇති බව ඔබේ ලියන රටාව හුරු ඕනෙම කෙනෙකුට එකවරම වැටහෙනවා.

    මේක කවියට වඩා රිද්මයානුකූල බවක් දැනෙනවා. ඒනිසා මටනම් ටිකක් ගිතවත් බවක් පේනවා. මොකද ඔබේ හිතේ ඇඳුන රිද්මයක් ඔස්සේ ලියූ බව පැහැදිලියි. එත් මෙහි සමහර වචන ගීයට නගන්න අපහසුයි.

    කවියක් ලෙසින් බැලුවත් "නගේ" "ක්‍රිෂ්නජිනාලා නොම ලැබේ" වචන තව ටිකක් වෙනස් විදියට කියන්න තිබුණා. විශේෂයෙන්ම මේ ආකාරයෙන් ලියැවුන රත්න ශ්‍රීගේ කවි ටිකක් කියවල බලන්න වචනවල ඇති සියුම් හැගීම් උපදවන බව ඔබටම වැටහේවි.

    ReplyDelete
    Replies
    1. වරක් රත්න ශ්‍රී මහතා ම සඳහන් කළා, කවි ලියන්නන් හරියට එළදෙනුන් වගෙයි. තමන් වටා තිබෙන කටු පඳුරු, කොළ වර්ග ආහාරයට ගෙන ඒ කිසිම වර්ණයක් මුසු නොවූ සුදු පැහැති කිරි ලබා දෙනවා. ඒ දෙනුන් ම තවත් විටෙක ගොම හෙලනවා. කිරි සහ ගොම වෙන් කිරීම කියවන්නට අදාල කටයුත්තක් කියලා..
      සංස්කරණය නොකළ නිසා සමහර විට කලින් ලියපු කවි වලට වඩා යම් අසාර්ථක බවක් තිබෙන්න පුළුවන්. අඩුපාඩු පෙන්වා දුන්නාට බොහොම ස්තුතියි අයියේ..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading