Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නොමැකෙන මතකයන්..

Monday, March 26, 2012



අද කාලෙකට පස්සේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් තරඟයක් පැවැත්වෙනවා.. ඒ හේතුව නිසා මෙතෙක් කාලයක් ගාල්ලේ පිට්ටනිය හා බැඳී මතකයන් අවදි කරන්න හිතුණා..


ගාල්ලෙන් පිට කෙනෙක් උණත් එක ම එක පාරක් හරි ගාලු ඇවිත් තියෙනවා නම් මේ ක්‍රීඩාංගනය නොදකින්න විදිහක් නෑ.මොකද ගාල්ලේ බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, ගාලු කොටුව,සමනල ක්‍රීඩාංගන වගේ ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයත් ගාලු පාරේ එක ම තැනක ඉඳන් දකින්න පුළුවන් විදියට ඉදි වෙලා තියෙනවා. නොදැකපු කෙනෙක් ඉන්නවා නම් අද ම ගාල්ලේ දුම්රිය ස්ථානය ළඟින් ගලන ඇළ, එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කුණු ඇල හරහා තියෙන පාලම උඩට ගිහින් බලන්න.

අපි දන්න කාලේ ඉඳලා ම ගාල්ලේ ක්‍රිකට් තරඟ පැවැත්වුණේ මේ තරඟය පවත්වන පිටියෙමයි. (වෙන එකක් නෑ නේ ඉතින්.. හෙක් හෙක්!!) මතක ඇති කාලෙක ක්‍රිකට් තරඟයකට අමතරව මේ ක්‍රීඩාංගනය යොදා ගත්තේ ගාලු වසන්තය සංදර්ශනයේ සමහර අංග සඳහා..ඒ කාලේ ගාල්ල එක්දින තරඟ සඳහාත් යොදා ගත්ත ක්‍රීඩාංගනයක්.මට මතක විදියට පැරෂුට් සංදර්ශනය පැවැත්වුණේ පිටියේ එක් පැත්තක.. ඒ 2000  අවුරුද්දේ. අලුත් සහස්‍රයේ උදාව සමරන්න ලංකාවේ ප්‍රධාන උත්සවය පැවතුනේ ගාල්ලේ.. ඒ හින්දා ම ගාල්ල, ‘සහස්‍රයේ පුරවරය’ එහෙමත් නැත්නම් ‘දෙදහසේ පුරවරය’ කියලත් හඳුන්වනවා. සුනාමිය නිසා බොහොමයක් විනාශ වුනත් අදටත් ගාල්ලේ සමහර තැන් වල ඒ බව සඳහන් කරපු කුළුණු දකින්න පුළුවන්.

සුනාමිය නිසා 2004 වර්ෂයේ දී ගාල්ල සම්පුර්ණයෙන් ම පාහේ විනාශ වෙද්දී, පිට්ටනියට වෙනම ම බේරෙන්න බැරි වුණා.ඇත්තට ම සුනාමිය නිසා ක්‍රීඩාංගනයට සෑහෙන්න අලාභ හානි සිදු වුණා.. එහෙම පිටින් ම කුණු ගොඩක් බවට ප්‍රේක්ෂකාගාරය පත් වෙලා තිබුණා.. ඒ දවස් වල පිට්ටනිය දකිද්දී අපිට හුඟක් දුකයි.. දැන් නම් සැලකිය යුතු තරම් දුරට අලුත්වැඩියා කරලා. ඒ උනාට  එක්දින තරඟ පවත්වන්න තරම් පහසුකම් නම් නැහැ..

2005 න් පස්සේ ගාල්ලේ පැවැත්වුණු ටෙස්ට් තරඟ වලින් වැඩි ප්‍රමාණයක් නරඹන්න අපිට පුළුවන් වුණා.. කොහොමත් ගාල්ලේ මැච් එකක් බලන්න කවුරුවත් ටිකට් ගන්න ඕන ම නැහැ.. අපිත් ඉස්සර නම් බලපු තරමක් බැලුවේ කොටුවට වෙලා.. ඒත් පහු වෙද්දී නම් ටිකක් වැදගත් විදියට ටිකට් එකක් අරන් ඇතුලට ගිහින් බලන්න පුරුදු වුණා.. (එහෙම කිව්වට ඉතින් ගොඩක් වෙලාවට ගියේ අපේ කාට හරි ලැබෙන පාස් එකකට පිං සිද්ධ වෙන්න.. )

ගොඩක් අය නිතර කියන කතාවක් තියෙනවා. ඒ ‘ගාල්ලේ මැච් එකක් ගැහුවොත් අනිවාර්යයෙන් ම වහිනවා’ කියලා.. .. මෑතක දී නම් දෙයියනේ කියලා වැස්සෙන් එහෙමට බාධාවක් වුණේ නෑ.. ඒත් ඉස්සර නම් මැච් එකක් බලන්න ගියොත් හැමදාම වැස්සට අහු වෙනවා.. ගෙදර එන්නේ හොඳට නාගෙන..ඒකට පදනම් වුණු විශේෂ හේතුවක් හරියට ම දැනගෙන හිටියේ නැතත් මාත් අත්දැකීමෙන් ඒ බව දන්නේ මම බලන්න ගිය තරඟ වලින් 2/3 කදී ම වගේ වැස්සෙන් බේරෙන්න කොටුව පුරා ම දුවලා තියෙන නිසා.

ඒ කාලේ අපි කොටුවට වෙලා තරගයක් බලන්න ගිය කිසි ම දවසක හරියට ඒ වැඩේ නම් කළේ නෑ.. කවුරු කවුරුත් හේතුව දන්නවා ඇති නේ.. ටිකක් වෙලා මැච් ඒක බලලා කොටුව පුරා ඇවිදලා ඇවිදලා හවස් වෙද්දී score එක බලාගෙන ගෙදර යනවා..ඒ අතරේ ඉතින් එක එක දේවල් වෙනවා.. සමහර ඒවා නම් ඉතින් බ්ලොග් එකේ ලියන්න බෑ නේ..
අපි එක සැරයක් මැච් එකක් බලන්න ගිහින් දවල් වරුවේ ම එහෙ මෙහෙ ඇවිදලා හවස් වෙද්දී කොටුවේ උඩ, සමනල එක ළඟ තියෙන කෙලවරට ආවා.. එදා තරඟය තිබුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර. එදා නම් අපේ එවුන් නැති වෙන්න ම එංගලන්තයට නෙලන්න අරන් තිබුණේ.. කොහොම හරි කාසියේ වාසිය දිනලා ලංකාව මුලින් පන්දුවට පහර දීලා සෑහෙන්න ලකුණු ප්‍රමාණයක් ලබාගෙන, ඉනිම අතරමග අත්හිටුවලා එංගලන්තයට පන්දුවට පහර දෙන්න අවස්ථාව දුන්නා.. ඒත් මට මතක විදියට ලකුණු 100ක් වත් නොලබා ඔවුන්ගේ සියලු ම දෙනා දැවී ගියා.. ඒ හින්දා එංගලන්තයට එහෙම්ම ම දෙවන ඉනිමත් ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණා.

අපි තරඟය නරඹමින් හිටපු තැන ඉංග්‍රීසි ජාතිකයෙක් ඉඳගෙන මැච් එක බලනවා.. එයා එක්ක ම මාර්ගෝපදේශකයා එහෙමත් නැත්නම් ගයිඩ් ඉඳගෙන කියව කියව ඉන්නවා.. අපිටත් ඉතින් නිකම් ඉන්න බෑ නේ.. ඔන්න ඔහේ කට දැම්මා කතාවට.  සුපුරුදු ප්‍රශ්නය.. ලංකාව කොහොම ද? මිනිස්සු හොදයි ද? සුද්දා ලංකාව ගොඩක් හොඳයි කිව්වා. ඒත් සමහර මිනිස්සු නම් හරි නෑ ලු..

මොකක් හරි සිද්දියක් වෙලා තියෙනවා.. නැත්නම් නිකම් ඒ වගේ කතාවක් කියන්නේ නෑ නේ.. ඒ පාර ගයිඩ් අයියා ඉඳගෙන කියනවා,
“අපේ එවුන් එක්ක කරන්න බෑ නේ මල්ලි.. මුන් හිතන්නේ සුද්දෝ කියන්නේ මැටි හරක් කියල.. උන් රුපියල් 30 දුර ත්‍රී වීල් එකේ දාගෙන ගිහින් 500යි කියනවා.. මුන් දන්නවා සිද්ධිය. ඒත් ඉතින් මොනවා කරන්න ද? ගෙවලා දානවා.. ඒ අස්සේ සමහර එවුන් කිඹුල්ලු පෙන්නන්න කියලා කොග්ගල එක්කගෙන ගිහින් කබරු පෙන්නනවා.. මෙයාටත් එහෙම එකක් වෙලා. ඉතින් මුන් තවත් ඒවි ද.?”

හත්තිලව්වයි.. කොහොම උණත් ලංකාවේ රජ වැඩ කාරයෝ නේ ඉන්නේ.. වැඩිපුර ගන්න එක කෙසේ වෙතත් කිඹුල්ලු කියල කබරු පෙන්නන එක නම් සවුත්තුයි කියලා අපිටත් හිතුණා.. මොනවා කරන්න ද? අනුන්ගේ මල ඉලව් වලට හොට දාන්න ගිහින් නිකම් චා වෙන්න ඕන නෑ නේ.. ඒ කොහොම උණත් ඒ විදේශිකයා අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා නම් සෑහෙන්න අගය කළා.. මොන දේ උණත් අපෙත් වැරදි තියෙනවා නේ..

ඒ වගේ ම තවත් දවසක් අපි ගාල්ලේ මැච් එකක් බලන්න ගියා.. ඒ තරඟය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතරේ. අපි ගිහින් හිටියේ රුපියල් 30 ටිකට් වලින්. ඒ හින්දා අව්වේ හිටගෙන තමයි බලන්න වුණේ. අපේ කිට්ටුව පන්දු රකින්න හිටියේ ක්‍රිස් ගේල් උන්නැහේ.. ඒ කාලේ ක්‍රිස් ගේල් සෑහෙන්න ජනප්‍රියයි. දැනුත් එහෙම තමයි.. ඒ උනාට ඒ කාලේ වැඩියි..අපේ එවුන්ටත් ඉතින් මැජික් වගේ නේ... සමහර එවුන් ගේල් ට අත වනනවා..  කෑ ගහනවා.. එක විකාරයයි.. සමහර එවුන් ඒ අස්සේ ගේල් ට බනිනවා. ටික වෙලාවක් යද්දී ගේල් නෑ.. අපි බලද්දී මිනිහා පිටියේ අනිත් කෙලවරට වෙලා පන්දු රකිනවා..මෙහෙම හිටියට අපේ එවුන්ට පිටියක ප්‍රතිවිරුද්ධ පිලේ පන්දු රකින්නන්ගේ සැකස්මත් වෙනස් කරන්න පුළුවන් නේ..ඒක දැකලා මට අනේ අපොයි කියලා හිතුණා...

කවුරු කොහොම කියව්වත්, කොහොම කළත්, වැඩ බැරි උණත් අපේ ගම ගාල්ල නේ.!




ප.ලි:
මෙවර තරඟය ද ඉස්සර එකක් වගේ අවසන් විය.. වැස්සේ නැත.. ඒ නිසා තරඟය ලංකාව ජයග්‍රහණය කළේ ය.. 

24 comments

  1. ලිපිය ‍නම් හොඳයි.. ඒත් ඒ කොහොම උනත් අපි ඔය මැච් බලන්න ගියාම අපේ රටේ ගරුත්වය රැකෙන්න කටයුතු කරන්න ඕනා. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්.. ඒ උනාට සෙට් එකක් එක්ක ගියා ම එහෙම්ම ඉන්නත් ටිකක් අමාරුයි වගේ නේ..

      Delete
  2. ගාල්ලෙ මැච් බලල නම් නෑ, ඒ වුනත් ගාල්ල මගෙ ප්‍රියතම නගර වලින් එකක්

    ReplyDelete
    Replies
    1. විශේෂ හේතුවක් තියෙනවා ද මාමේ?

      Delete
  3. නොමිලේ මැච් බලන්න ලංකාවේ වෙන ග්‍රවුන්ඩ් නෑ මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ ගාල්ලේ විතරයි එහෙම පුළුවන්..

      Delete
  4. මැච් ගැන කතානම් ඉතින් එමටත්.. අපිත් ඉතින් ගාල්ලේ තමයි..

    ReplyDelete
    Replies
    1. ගාල්ල නම මැච්. මැච් නම් ගාල්ල..

      Delete
  5. ඉස්සර ගැහුවොත් වැස්ස නැත්නම් අපි දිනුම්.

    ReplyDelete
    Replies
    1. ඒකට දැන්.. කතා කරලා වැඩක් නෑ..

      Delete
  6. මම නම් එකම පාරයි ගාල්ලේ මැච් 1 ක් බැලුවේ!:p

    ReplyDelete
  7. අපි නම් දවසෙම ඔකෙනේ... ආයි ලොවෙත් නෑ

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නෑ.. ලොවි ගහෙත් නෑ.. ආයෙත් අහලා.. කියල වැඩක් නෑ නේ..

      Delete
  8. බුදු සන්තෝඕ කොටුව හොඳා, 5000 ක් දීල ඇතුලට යනවට වඩා කොටුව උඩ සිට බැලීම ආතල්ය, එමෙන්ම නුවනක්කාරය ;) , මූදු හුළඟත් වදින නිසාවෙන් පංකා හෝ AC අනවශ්‍යය

    ReplyDelete
    Replies
    1. මේ පාර ලංකාවේ එව්වොන්ට පිට්ටනිය ඇතුලට ම ගොස් නිකම් බලන්නට දී තිබීම නිසා කොටුවට යාමේ අවශ්‍යතාවක් ඇති නොවුනි..

      Delete
  9. මම නම් ජීවිතේටම Stadium එකකට ගිහින් match එකක් බලල තියෙන්නේ එකම එක වතාවයි.....
    ගාල්ලේ stadium එකේ ගිය අව්රුද්දෙ තිබුන ශ්‍රී ලංකා - Australia match එක..
    :-)

    ... අනු ...

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ ඒක නේ ද ලංකාව ගාල්ලේ දී පැරදුනු මැච් එක..

      Delete
  10. මම නම් මැච් බලන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒකත් හොඳයි අක්කේ..

      Delete
  11. mama nam eka parak wath galle wala match ekak balala na.. :D

    ReplyDelete
    Replies
    1. අපෝ.. ගාල්ලේ නේද ඉන්නේ. වැඩක් නෑ නේ.. අපි ආයෙත් යන වෙලාවක කියන්නම්.. එතකොට වත් එන්නකෝ..

      Delete
  12. ගාල්ල දුර වැඩි අනේ... කොළඹට පැය එකහමාරනේ...

    ReplyDelete
    Replies
    1. ඉතින් කොළඹ ඉඳලා ගාල්ලට පැයයි නේ ශානි අක්කේ..

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading