Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ඉරබටු තරුව

Wednesday, October 19, 2011



ක්ෂිතිජයට ඉහළින් නැගී
කිරි සුදුව දිදුල
වළා කැරලි කළු පැහැ වී
පියා නොසලන වවුලන් සේ
ඊටත් වැඩියෙන් අඳුරු පැහැ වී
තැන් තැන් වල රැඳී
බියකරු වළා කැරලි මැද
නොනිවී දැල්වෙයි එක ම තරුවක්....
නෙක තරු නැගෙද්දී
සැගවෙන්නට අවසර යදියි
ඒ තරුව..
මිලාන වී දිදුලන සුදු පැහැයෙන්
කෙමෙන් කහ පැහැයටත්
අනතුරුව රත් පැහැයටත්
පසුව අඳුරු පැහැයටත්
ලං වී මළානිකව..
කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලක
තරුව සැඟවී නොපෙනී යද්දී
ක්ෂිතිජයේ රැඳී දිදුලන එළි
බියපත් ව ඔබ මොබ
සරන්නට විය..
ගුළි ගැසුණු වළාව යළි
පා වී ගියේය..
එහෙත්..
ඉරබටු තරුව පෙනෙන්නට නොවීය..
තනි වූ මම නික්මුනෙමි
තරු බැස යද්දී
පහන් තරුව වී නැගෙද්දී
හමු වන අභිප්‍රාය ඇතිව...

1 comment

  1. තරු ගැනම ලියන්නෙ මොකද? තරු අමතක කරලා වෙන දේවල් ගැන ලිව්වනම් හොදයි නේද? ලගා වෙන්න බැරි තරු ගැන හිතන එක වැඩක් නෑ දැන්.

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading