සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා
රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..
දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ ම රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා...
