Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

සංසාරගත ප්‍රේමය

Saturday, November 10, 2012


මා මුසපත් කරවන
උපුල් නයන යුගැත්තිය,
කන මී සා මිහිර වගුරන
සිහින් සරැත්තිය,
නෙතඳුන් සා දසුන් මවන
සියුම් රුවැත්තිය,
අමා රසයෙන්
ම' සිත කුල්මත් කරන්නිය,
දිමුතු දසන් දිදුලවා
මුතු සිනා වස්සානය හැඩ කරන්නිය,
ම' පුන් රත් පියුම නුඹ
සිත් විල සරසවන්නි ය..


ශ්වේත වර්ණ වළා වියන යට
සුපුෂ්පිත නේක කුසුම් මැද
පංච කල්‍යාණිය,
නුඹ විරාජමානවන්නීය..

පබාවතිය සේ නුඹ,
වීරිය පෙරුම් පුරවන්නී ය.
මහෞෂධ සඳුන් හර ලෙද නුඹ,
සිත්-කය ව්‍යාධි සනසවන්නී ය...

සංසාර සයුරු වෙරළ අසබඩ
නුඹේ නවාතැන පල වෙත,
තීර්ථ යාත්‍රාව පදවන්නා වෙමි මම
පරිබ්‍රාජක වෙස් ගෙන..














32 comments

  1. නියමයි මල්ලි.! (y) බර වචන ගොඩකුත් දාල තියෙන්නේ..:)

    (සංසාරගත ප්‍රේමය හම්බ උනාද?:) )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ!! තාම හමු වුනේ නැහැ නේ..

      Delete
  2. මේ කාටද කියලා හිතාගන්න පුළුවන් :P

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්!! හිතා ගත්තට කමක් නෑ.. ප්‍රසිද්ධියේ කියන්න නම් එපා ඕන්!!

      Delete
  3. ඔබ නූතන කාව්‍ය සම්ප්‍රදාය තුළ මේ ගොඩනගන කතිකාව බ්ලොග් අවකාශය තුළ කොහොම වටහා ගනිද මංදා.

    සාමාන්‍යයෙන් බ්ලොග් අඩවි වල ලියැවෙන්නේ සරල අත්දැකිම් කවියට නැගිමයි. ඒත් ඔබ ටිකක් විමසිල්ලෙන් සති අන්ත පුවත්පත්පත් වල පලවන කවි පිටු බැලුවොත් වැටහේවි මේ වන විට ඔබ සළකුනු කර ඇති ඔබේ නවාතැන කොතැනද කියලා.

    කියවීම, අත්දැකීම්, වස්තු විෂය, සහ සතතාභ්‍යාසය කියන මේ කාරණා මොනවට පැහැදිළි කරන කාව්‍යකරණයේ නැඹුල් පළ නෙළමින් සිටිනවා. මෙතෙක් කල් ලියු කවි සහ දැන් ලියන කවි අතර විහාල පරතරයක් පෙනෙනවා. විය යුත්තේද එයයි.

    දිගටම මේ සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිතයයේ හුරුව සහ අත්දැකිම පවත්වාගන්න. එය ඔබේ මාවතට හොඳ අත්වැලක්.

    "සංසාර ගත ප්‍රේමය" අංකුර කවියකුගේ සුහුඹල්ව ලියලා වැඩෙන ප්‍රතිභාව බව නොපැකිලව සඳහන් කරමි.

    ReplyDelete
    Replies
    1. මම කවි ලියද්දි බොහොමයක් ශ්‍රේෂ්ඨ කවීන්ගේ නිර්මාණ කියවා තිබුනේ නැහැ. නමුත් මෑතක දී බොහොමයක් කවි ඇසුරු කරන්නට අවස්තාව ලැබුණා. සමහර විට මේ එහි ප්‍රතිඵලයක් වෙන්න ඇති.

      කොහොම නමුත් අරුණැල්ල සමග දිගට ම හිඳිමින්, අඩුපාඩු පෙන්වා දුන්නාට බොහොම ස්තුතියි අයියේ. ඔබ වැනි අයෙක්ගෙන් මෙවැනි අගය කිරීමක් ලබන්න මා බොහොම වාසනාවන්තයි කියා හිතුණා..

      බොහොම ස්තුතියි..

      Delete
  4. නියමයි... යොදා ගනිපු වදන් ටිකත් සුපිරියි... මට පේනවිදියට නම් සංසාරගත ප්‍රේමය හම්බ වෙලා වගේ

    ReplyDelete
    Replies
    1. තාම හමු වුනේ නැහැ නේ අයියේ.. හොයමින් ඉන්නේ.. :)
      බොහොම ස්තුතියි!!

      Delete
  5. ප්‍රේමය පිළිබඳ ලියවුනු ඉතා අර්ථවත් පද සමුච්චයක්
    නියමයි.

    ReplyDelete
  6. අති විශිෂ්ටයි...))

    තව තවත් සම්භාව්‍ය සාහිත්‍යය කියවන්න අය්යේ.
    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගියෝ.. දැන් නම් කියවන්න ඉඩක් ලැබෙන්නේ ම නැති තරම්. කියෙව්වත් සිංහල පොතක් කියවන්න වෙලාව වෙන් කර ගන්නේ බොහොම අමාරුවෙන්. ඒත් උත්සාහ කරනවා..
      ජය වේවා!

      Delete
  7. හරිම අපූරුයි අයියේ..

    ජයෙන් ජයම වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නංගෝ.. ජය වේවා!!

      Delete
  8. නියමයි මලයා..

    ReplyDelete
  9. Replies
    1. බොහොම ස්තුතියි අයියේ.. මේ පැත්තට ආදරෙන් පිළි ගන්නවා..
      ජය වේවා!

      Delete
  10. ලස්සනයි... වචන ටික සෑහෙන්න බරයි නේ!!

    ReplyDelete
    Replies
    1. වෙනසකටත් එක්ක වැඩිපුර භාවිත නොවන වචන ටිකක් යොදා ගන්න හිතුවා.
      ස්තුතියි අයියේ!!

      Delete
  11. අමාරුවෙන් කියව ගත්තා..අපි දන්නෝ ඉතින් කාටද කියලා...!!!:D

    ReplyDelete
    Replies
    1. කොහොම හරි කියව ගත්තා නේ.. ඒ මදි යැ.. හා හා.. කට කට.. :P
      ජය වේවා!!

      Delete
  12. //....පරිබ්‍රාජක වෙස් ගෙන....//

    මේ පරිබ්‍රාජක කියන වචනෙත් එක්ක වැඩේ අවුල් යනවා වගේ. පරිබ්‍රාජක කියන එකට සමාන වචනයක් තමා "පිරිවැජි" කියන එක.

    ReplyDelete
    Replies
    1. දෙසැටක් මිසදුටු පැවිද්දන් අතරට පරිබ්‍රාජකයොත් වැටෙනවා නේ. තීර්ථක කියන වචනයේ එක තේරුමක් තොටියා වගේ ම මිසදුටු පැවිද්දා යන්න තවත් තේරුමක්. ඒ දෙක ම ගැළපීමෙන් තමයි ඒ යෙදුම යෙදුවේ. නොගැළපීමක් දැනෙනවා නම් එතැන යම් අසාර්ථක බවක් තිබෙනවා වෙන්න පුළුවන්! කොහොම වුණත් බොහොම ස්තුතියි අයියේ!!

      Delete
  13. ම්..අහස උසට බලාපොරොත්තු තියාගෙන හීන මවනවට වැඩිය හොඳයිනේ සාමාන්‍ය මනුස්සයාගේ හොඳ නරක දෙකටම ආදරය කිරීම..

    කොහොම වුනත් ලස්සනට ලියලා තියෙනවා රැංගො..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම අක්කේ.. ඒත් ඒ දේ කරන්න අමාරුයි නේ..කාලයක් ආදරය කරද්දී හොඳ නරක දෙකට ම ආදරය කරන්න හුරු වුණත්, කෙනෙක් ගැන හිතේ විතරක් තියෙද්දී හීන මවන එක නේ කරන්නේ!! බොහොම ස්තුතියි අක්කේ!!

      ජය වේවා!

      Delete
  14. හ්ම්ම්...
    සංසාරගත ප්‍රේමයක්...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading