Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ම' පබාවතියට..

Monday, March 12, 2012




නොදන්නා ලොවක සිට
නොසිතු ඇසිල්ලක
ම වෙතට පැමිණි ඇය
ජීවිතය නම් මේ යැයි කියා දුන්නී ය..


සිය සිහින් සරින්
මා ඇමතු ඇය
මිහිර නම් මේ යැයි
කියා දුන්නී ය..


සවනෙහි වෑහෙන
මී සා වදන් තෙපලු ඇය
ප්‍රේමය නම් මේ යැයි
කියා දුන්නී ය..


සිය සුසිනිදු දෑත්
ම බඳ වටා යැවූ ඇය
ආලිංගනය නම් මේ යැයි
කියා දුන්නී ය..


තවත් ඇසිල්ලක
මා හා අමනාපව නික්මුණු ඇය
විරහව නම් මේ යැයි
කියා දුන්නී ය..


මගෙන් මිදී ඇය
වෙනකෙකු හා යන බව දැන
වේදනාව නම් මේ යැයි උගත් මට
ඉවසීම නම් මේ යැයි
ඇය කියා දෙන්නී ය..







32 comments

  1. කවි පෙළ නම් හොඳයි මලයා..
    මොකෝ හිතෙන්නේ ෆිල්ම් එක ගැන??

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අයියේ.. මට නම් ඒක එල.. අපේ රටේ ඉතින් දෙයක් කරන්න කෙනෙක් නෑ නේ.. කවුරු හරි දෙයක් කළාම ඒකෙ වැරදි හොයන්න නම් ඕන තරම් අය ඉන්නවා..

      Delete
  2. මේ... මලයෝ මම නම් ඔය ‍ෆිල්ම් එක බැලුවේ නැ අනේ.... කවි ටික නම් පට්ටය...

    මේ මල්ලිගේ පබාවතියද ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. මට පබාවතී කෙනෙක් නෑ නේ අයියේ.. මනමේ කුමරියක් නම් හිටියා... හික්ස්..

      Delete
  3. නිර්මාණයකට සත්‍ය විරහව මුසු උනාම ප්‍රබලයි නේද??:-/

    ReplyDelete
  4. ඔන්න මාත් ආවා මේ පැත්තෙ...මට නම් කවි තේරුම් ගන්න ටිකක් අමාරුයි...ඒ නිසා මේකට මොකුත් කියන්නෙ නැහැ..අනිත් පෝස්ට් කියවන්නම් නිවාඩුව හරි?

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒකට කමක් නෑ.. මටත් හරියට තේරුණේ නෑ..

      Delete
  5. කවි පෙල නම් ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ, ස්තුතියි අයියා..

      Delete
  6. @nj

    as "SHAYNE WARD" says in "BREATHLESS"

    'But all I can do is try
    Every day of my life'

    &
    මීට වඩා හොද 4toz ටිකක් ගන්න තිබුනා නේ?

    ReplyDelete
    Replies
    1. ඉතින් හොයලා දුන්නේ නෑ නේ.මම හොයා ගත්තේ මේ ටික තමයි.

      Delete
  7. බොලේ දෙමළ පිචර් එකක්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හත්තිලව්වේ.. සිංහල.. සුද්ද සිංහල..

      Delete
  8. පබාවතිලා නම් එමට :ප ලස්සන කවි පොඩ්ඩ :)

    ReplyDelete
  9. කවි ටික පට්ට
    මම තාම ඕක බලලා නැහැ

    ReplyDelete
    Replies
    1. බලන්න වටින film එකක් අක්කේ.. මට නම් සිරා..

      Delete
  10. "OBA MATA HAMADAMA BORU KALA...........WANCHA KALA..........."

    Kusa,Don't cheat her.Her tears are innocent and fair.
    You are not a winner of eternal love.Only get a chance from her weakness and narrow minded nature.

    ReplyDelete
    Replies
    1. tears of innocence and fairness always differs from others. any how she cried because of her pride. I think whatever Kusa did was only for her. If he never lied her, there won't be a love story. 'cause most probably she may refuse him with her first sight. So I think Kusa did the best thing that he had to do in almost all the time..

      Delete
    2. PRAEMAYA UNATH AWASTHAWA LABENA THURU DORATA PITATHIN SITIYA UTHUYA.

      Love is not only a gain .It is also a scarification too.Main thing is the happiness of life.Kusa ,u achieved ur goal.But did she??????????

      Delete
    3. there is a gain in the scarification u do on love.. so no need of letting someone to achieve a goal with sorrow.. If Kusa achieved a goal, it means Paba achieved her goal.. Isn't it??

      Delete
  11. අදයි හරියට කියවන්න සෙට් උනේ සහෝ... අනිත් පෝස්ට් එකේ ඉඳං මම එනවා දිගටම.... ෆිල්ම් එක නම් මටත් අවුලක් නෑ... ඔයාගේ කවි ටිකත් එල.. හොයාගෙන තියෙන ෆොටෝ ටිකත් එල... ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ශානි.. ජය!!

      Delete
  12. නියමයි මල්ලියෝ කවි ටික..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කා.. කාලෙකින් මේ පැත්තේ ඇවිත් නේ.. සතුටුයි..

      Delete
  13. ලස්සන කවි පෙළක් ....
    නියමයි .....


    අනු ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනූ.. ඔයාගේ comment එක ශක්තියක්!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading