කිඩාරම් මල් පීදිලා - නැවුම් සුවඳ නෑ වියැකිලා.
නියඟලා අල විෂ වෙලා - මහ පොළොව යයි ඉරිතලා.
ගසුත්, කොළ අතු වියලිලා - බුරුත, නැදුන් ගස් මැලවිලා.
ලූණු කොළ, කඳ වියලිලා - දුවිල්ල එහි පැටලිලා.
තෙතක් නැති දිව වියලිලා - ලෙයක් නැති ශිරා හැකිලිලා
හාමතේ, පිපාසෙන් මත් වෙලා - ඇත්තු මියැදෙත්, කතර තනි වෙලා.
හමන හුළඟක දැවටිලා - සුමුදු වළා රැළි, එයි ගලා
වැටෙයි මහ වැහි ගුගුරලා - වියළි ඉරි බිම ඇඳි මකා
නැවුම් පුසුඹ එන විට හමා - ලූණු දලු යළි මතු වෙලා..
බුරුත නැදුන් කඳ තෙත් වෙලා - එහෙත් ඒ නෑ පණ ලබා..
Subscribe to:
Posts (Atom)