සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..
කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..
නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..
අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..
නගරය
Saturday, September 8, 2012
ආං බලාපියව්...
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!
තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?
හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..
ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..
කෝට් බෑය ජැන්ඩි පහට
මුණ බලන සපත්තු දෙක
කරකවාපු උඩු රැවුල
ඒ මහත්තැන්ගේ තේජස!!
තෝ හොරිකඩයා
තෝ මොකාද?
මුඩුක්කු වල බල්ලෝ
හිඟා කන්නේ, අත පය නැද්ද?
හායි ඩියර්
වට්ස් අප් දෙයර්
ඩු යූ වෝන්ට් සම් බියර්?
චී.. බලන්න මෙයාලගේ ගඳ..
ගමේ වාගේ නොවෙයි මෙහේ
සර්පයෝ අඩියෙන් අඩියට විසකුරු
කොන්ක්‍රීට් වනන්තරේ
අතරමං වෙයි නිරතුරු
ගමෙන් ගිහින් අපි තාමත්
ඒ වගේ ම හරි ගොඩේ ලු
අම්මේ මං ගමට එනවා
අපි හේනක් කොටා ගනිමු..
Labels:
ආ ගිය තොරතුරු,
නිසඳැස්,
සමාජයීය
රත්න ශ්‍රී විජේසිංහයන් , එකොලොස්වන පැය, හේමමාලා විජේසිංහයන්ගේ අභාවය හා බැඳුනු මගේ අත්දැකීම් කිහිපයක්
Wednesday, September 5, 2012
2012 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දින 'එකොලොස්වන පැය' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීමේ උත්සවයට සමගාමී ව පැවති සාකච්ඡා දකිනු රිසි වූ මම, නැතක් වූ සෙසු කාර්යයන් පසෙක ලා පන්නිපිටියට යෑමට ගාල්ලෙන් බස් රියකට නැගුනෙමි. වෙනදා මෙවන් ගමන් සඳගා මා සමග යන මගේ මිතුරා, එදින නොවුයේ පමා කළ නොහැකි වෙනත් කාර්යයක් යෙදුනු හෙයිනි. 'සිසිලස ගාර්ඩ්න්ස්' නම් තැන සොයා ගන්නට එතරම් අමාරු නොවුයෙන්, එහි වූ Red Riding Hood සොයුරිය හමු ව ඇය හා එදින සවස් කාලය ගත කළෙමි.
මා සිතා උන්නාට වඩා බෙහෙවින් ම වෙනස් ආකාරයකට ය අදාල උත්සවය සුදානම් කර තිබුණේ. උත්සවය පටන් ගෙන තරමක් වෙලා ගත වුව ද මා බලා හුන් චරිතය, පැමිණුනේ නැත. මද වෙලාවක් ගත වූ තන්හි නිවේදනය කළ සොයුරා ප්‍රකාශ කළේ, ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන් පැමිණි රථයේ යම් දෝෂයක් හේතුවෙන් සුළු පමාවක් වනු ඇති නමුත්, ඔහු අනිවාර්යයෙන් ම පැමිණෙන බවයි.
තවත් අඩ හෝරාවක් පමණ ගෙවුණු තැන, විජේසිංහයන් උත්සව සභාවට සම්ප්‍රාප්ත විය. සිය බිරිඳගේ යම් අසනීප තත්වයක් නිසා තමන් පැමිණීම ප්‍රමාද වූ බවත්, පැමිණෙන අතරතුර දී රථය කාර්මික දෝෂයකට ලක් වීමෙන් තව දුරටත් ප්‍රමාද වූ බවත් දැන ගන්නට ලැබුණි. ඉන් අනතුරුව, බෙහෙවින් ම හරවත් දේශනයකින් සභාව පෝෂණය කිරීමට ඔහු සමත් විය. දේශනයේ දී විජේසිංහයන් යෙදූ සාරවත් වදන් හා වැකි මට ඒ ආකාරයෙන් ම සිහියට නොනැගෙන හෙයින්, ඒ දේශනය පිලිබඳ කියන්නට ගොස් මගේ ග්‍රාම්‍ය වදන්, වැකි යොදා එතුමාණන්ට අපහාසයක් කිරීමට මම අකමැත්තෙමි. නමුත් දේශනය අවසානයේ, මා වරකට දෙකකට වඩා අසා නැති, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ හඬින් ගැයෙන "මිනින්දෝරු කන්තෝරුවේ මුලාදෑනි ටික" නම් සුමධුර ගීතය සහ ඊට පසුබිම් වූ සිද්ධි සමුහය පිළිබඳව විස්තර කෙරුණු බව කිව මනා ය.
දිනය ගත වී අවසන් වෙද්දී, කෙමෙන් රෑ බෝ වෙද්දී, යළි ගම් බිම් බලා එන්නට සැරසුණු මට, රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පෞද්ගලික රථයෙන් ම ප්‍රවාහන පහසුකම් සපයා ගත හැකි විය. කලකට පෙර, එතුමාගේ තරු ලකුණ පොතේ, කියවූ පද දෙකක අනුසාරයෙන් මා ලියන්නට උත්සාහ කළ කවියක් (හෝ එවැන්නක්) අඩුපාඩු විමසා ගන්නට එතුමා අතට පත් කළෙමි. මගේ නම හෝ දුරකථන අංකයක් එහි සඳහන් කරන්නට අමතක වුයෙන් පසු දා දුරකතනයෙන් ඔහු අමතන්නට පොරොන්දු වූ මම සතර දේවාලය ළඟින් බැස ගත්තෙමි.
පොරොන්දු ප්‍රකාරව ඉරිදා දින ඔහු අමතන්නට බැරි වුණු අතර, සඳුදා බැහැරක ගොස් එමින් සිටි මම සතර දේවාලය අසල අවමඟුල් සැරසිලි දුටුවෙමි. නරකක හෝ නපුරක සේයාවක් සිතේ ඇඳි වහා ම මැකී ගියේ එවැන්නක් වෙතැයි මා සිහිනයකින් වත් නොසිතු හෙයිනි. නිවසට පැමිණි මම ඇඳුම් අහවර නොකර ම රත්න ශ්‍රී විජේසිංහයන් ඇමතුවෙමි.
"සර්. මම එදා වාහනේ දී සර් ට කවිය දුන්නු කෙනා කතා කරන්නේ."
"ඔව්. කියන්න.."
"සර් ඒ කවිය බැලුවා ද? මට ඇමතුමක් දෙන්න කිව්වා."
"අපේ ගෙදර මළ ගෙයක් වෙලා දරුවෝ. මට ඒක බලන්න වුනේ නැහැ."
"කවුද සර්?"
"මගේ නෝනා නැති වුණා."
සිදු වුයේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි වූ මම ගොළු වීමි. මා සිහි එලවා ගනිද්දී, දුරකථනය විසන්ධි වී තිබුණි.
මට එක වර ම සිහි වූයේ විජේසිංහයන් ඇය පිලිබඳ රචිත කවි සහ ගීත යි. ඒවායේ පරිදි ඔහු සිය බිරිඳට කෙතරම් ආදරය කළේ ද යන වගයි. වෙසෙසින් ම රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු, විශාරද ගුණදාස කපුගේ ගයන මේ ගීය යි.
ප.ලි:-

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍ර දේවි නොවුණී
දුෂ්කර වූ ඒ පළාතේ
මට යන්න දෙන්න දේවී
මේ කදුලු ඇයිද දෑසේ
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුලී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ
ලේන කුලයේ සිට පතා ආ බෝසතුන් සේ, රත්න ශ්‍රී ද සිය බිරිඳට දැඩි ව ආලය කළ බව දැන හුන් මට අවමංගල්‍ය උත්සවය සඳහා කෙසේ හෝ සහභාගී විය යුතු බව හැඟුණි. එබැවින් අවසන් කටයුතු සිදු කෙරෙන දින මම, මිත්‍ර නුවන් ද සමග එහි යන්නට තීරණය කළෙමි. මීට පෙර ඇයව දැක නැතත්, බෙහෙවින් ම හිතවත් කිසිවකුගේ අවමගුලකට සහභාගී වනවා ය යන හැඟීම අප සිත් තුළ විය.
නිවසේ දී අපි යළිත් වරක් රත්න ශ්‍රී විජේසිංහයන් හමු වීමු. මා කවුරුන්දැයි හඳුනා ගත් පසු විජේසිංහයන්,
"පුතා නේද මට කවියක් දුන්නේ?"
"එහෙමයි සර්"
"මේක තමයි පුතේ කවිය. නරක ම කවිය."
මේ දක්වා මට ජීවිතයේ අමතක නොවන තරම් විශේෂ සිදුවීම් තිබී නැත. මා බෙහෙවින් ම අගය කරන, ශ්‍රේෂ්ඨතම පුරුෂයා බෙහෙවින් ම සංවේදී ව මා ඉදිරිපිට හිඳ, වෙවුලන ස්වරයෙන් කියූ ඒ වචන කිහිපය, ඒ වචන වලටත් වඩා ඔහුගේ ස්වරය මට කෙදිනක වත් අමතක නොවනු ඇතැයි මට සිතේ.
අස්වැන්නේ මේ පිළිබඳව වඩාත් විස්තර සහිතව සටහනක් පල වුණු අතර මේ සටහන මගින් කළේ හේමමාලා විජේසිංහයන්ගේ අවමංගල්‍යය හා බැඳි මගේ ජීවිතය හා සම්බන්ධ වුණු සිදුවීම් පිළිබඳව යම් සඳහනක් කිරීම පමණි. මේ සටහනට විරාමයක් තැබෙන්නේ ද අදාල ලිපියේ අවසානයේ වූ වැකියෙනි.
බදාදා හවස් යාමයේ අඳුරු වැහි වලා යටින් සිරි සිරි පොද වැටෙද්දී සිය ප්‍රියයාගේ කවි සිතටද විරාමයක් දී, සියළු කලාකරුවන්ගේද රසික පර්ෂදවලද, සියලු නෑ හිතමිතුරන්ගෙන්ද සමුගෙන තරුවක් බැස යනවා සේ පා සළකුණු නොතියා, පාලු අහස වැහි වලාවෙන් සරසා දඩල්ල සුසාන භූමිය වෙත නික්ම ගියාය.
ප.ලි:-
මෙතෙක් කල් දුරකථන ඇමතුමකින් හෝ වත් පොතේ දෙබසකින් මිස සජීවී හමු වීමක් වන්නට නොයෙදුණු දයානන්ද රත්නායක අයියා (අස්වැන්න) හමු වන්නට ද එදා අවකාශ සැලසිණි.
එමෙන් ම එකොලොස්වන පැය උත්සවයේ දී Red Riding Hood අක්කා පිට ව ගිය පසු, දන්නා හඳුනන කිසිවෙක් නැතිව, එතැන තනිව හුන් මා හා මිත්‍ර ව කතා කරමින් තවත් බොහෝ දෙනෙක් හඳුන්වා දුන් බුන්දියේ මාලති කල්පනා ඇම්බ්‍රෝස් අක්කාට ද මම බෙහෙවින් ම කෘතඥ වෙමි.
Labels:
Emotional,
ආ ගිය තොරතුරු,
ආදරය,
ගුරු උපහාර,
පිදිය යුත්තෝ,
සමාජයීය
ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්
Tuesday, August 21, 2012
මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.
මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.
ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!
ප.ලි :
2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!
සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,
ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.
අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!
ජය වේවා!!

පොතක් ගැන,
සාහිත්‍යමය
ඇය සහ හදවත
Thursday, August 16, 2012
ඇඟ හිරිගඩු පිපෙන
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..
ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..
කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..
මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..
නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..
ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..
ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..
සීතල වියළි උදෑසනක,
කෙම් බිමක් නොපෙනෙන
කටුක රළු කතරක,
ඇයව දුටුවෙමි මම,
හදවතක් පතා ඇවිදින..
ඇගේ සියුමැලි නොකිලිටි හදවත
මට ම හිමි කර ගනු පිණිස
ගලවා දුනිමි මම
කලබලයෙන් මගේ හදවත..
කලබලය වැඩි කමට - මට
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණි හදවත..
මගේ හදවත ගෙන වමතට
ඇගේ හද මට දෙනු වෙනුවට
පිටුපා යන්නට විය ඇය
හදවත් දෙකක් ළඟ ඇතිව..
නැති වූ හදවත සොයා මම
ඇවිද ගියෙමි සත් වසක් මග
අනතුරුව පිළිවිසිමි
සොඳුරු ගං මිටියාවතකට..
ගං ඉවුර අසල
පෙරළෙන රළට
තෙමී නොතෙමෙන
වියළී ගිය කිසිවක් දැක
හැරුණෙමි මම
හුරු පුරුදු බැවින් එය..
ළං වී බලා හඳුනා ගතිමි මම
ඒ හදවතක් බව..
සියුම් ව පරීක්ෂා කර
පෙරලා බලා දැක ගතිමි
වියළී ඉරිතැලුණු ලකුණු අතර,
වම් කර්ණිකාවට
මදක් පහළින් දකුණට
අනතුරුව ටිකක් ඉහළට
ඉරි තැලුණ සලකුණ..
Labels:
Emotional,
ආදරය,
නිසඳැස්,
සාහිත්‍යමය
දන්නා නන්දා මාලිනිය ගැන නොදන්නා දෙයක්
Thursday, August 9, 2012
බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදී ය.
අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරා ගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.
කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කාලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මුලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.
මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.
නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.
ඒ කාලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කාලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.
කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.
පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.
'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කාලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.
තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.
පෙරේරා පවුලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.
අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි. ඈ කීවාය.
පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.
මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ ඈ කියන්නීය.
නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල් විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.
නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.
මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.
හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්.....'.
නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.
මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.
'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'
මේ පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.
'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.
ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.
'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.
'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.
නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.
'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කාලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.
අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට.
මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.
මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.
නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.
නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.
ඈ ගයන්නීය මෙසේ,
දහසක් ඉපදී මිය යන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි
මිහිරි ෆොන්සේකා විසින් 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙනි.
x
x
2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තුන් වන සංස්කරණය (3rd Edition) නිකුත් වීම!
Sunday, July 22, 2012
නොයෙකුත් කට කතා, ඇනුම් බැනුම්, ප්‍රතික්ෂේප කිරීම් මධ්‍යයේ 2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල තෙවන සංස්කරණය අද නිකුත් විය. මෙය තවත් සංස්කරණයක් (Edition එකක්) ලෙස හඳුන්වන්නට යෙදුනේ, තව කී වතාවක් මෙය වෙනස් විය හැකි දැයි නොදන්නා බැවිනි.
2011 ප්‍රතිඵල ලේඛනයේ පළමු කලාපය පිට වීමේ දී දෝෂය ඇති වී තිබුනේ ප්‍රතිඵල ඇතුලත් කිරීමෙහි ය. එය නිවරදි කරන ලදුව, නිකුත් කල දෙවන කලාපයේ z අගය සෙවීමේ ක්‍රමය වැරදී තිබිණි. අද පිටත් වූ තුන් වන කලාපයෙහි වැරදි කොහෙද, නිවැරදි කොහෙද යන්න ශක්‍රයාගේ පුතා වයිමා තබා, බන්දුල ගුණවර්ධන ඇමැති තුමා වත් දන්නවා යයි සිතිය නොහැක.
ප්‍රතිඵල පිට වූ පසු බොහෝ දෙනා ඒ පිලිබඳ සිය අප්‍රසාදය පල කරන්නට වීම නිසා, අද මුණ ගැසුණු අප ශිෂ්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් සමග මෙහි ඇති ගැටලුව පිලිබඳ සාකච්ඡා කරන්නට යෙදුනි..සංඛ්‍යානය පිළිබඳව විශේෂයෙන් හදාරා නැතත්, අප හදාරා ඇති සංඛ්‍යානය අනුව ද මේ ක්‍රමය වැරදි බව මනාව වැටහිණි.
කෙටියෙන් කියන්නේ නම්, z අගය මගින් කෙරෙනුයේ, භරිත මධ්‍යන්‍ය ක්‍රමයක් මගින් ලකුණු ලබා දීමයි. උදාහරණයක් ලෙස, සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව විෂයයන් දෙක සඳහා ලබා දෙන ප්‍රශ්න පත්‍ර දෙක සලකමු. යම් වසරක භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට වඩා, ගණිතය ප්‍රශ්න පත්‍රය බෙහෙවින් අසීරු යයි සිතමු. එවිට, සමස්තයක් ලෙස ගණිතයට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය අඩු වේ. එනම් මධ්‍යන්‍යය අඩු වෙයි.(උදා: ලකුණු 40) එමෙන් ම භෞතික විද්‍යාව සඳහා ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය ඉහල අගයක පවතී. (උදා:50). එවිට භෞතික විද්‍යාවට ලබා ගන්නා ලකුණු 50කට වඩා ගණිතය වෙනුවෙන් ලබා ගන්නා ලකුණු 50ක් වෙනුවෙන් ශිෂ්‍යයා වැඩියෙන් වෙහෙස විය යුතු ය. අතීතයේ පැවති මුළු ලකුණු මත පදනම ක්‍රමයේ දී ගණිතයට ගන්නා ලකුණු 50ත්, භෞතික විද්‍යාවට ගන්නා ලකුණු 50ත් සැලකුනේ එක ලෙස ය. නමුත් Z අගය ලබා දීමේ දී අසීරු විෂයයට ලබා ගන්නා ලකුණු වලට වැඩි වටිනාකමක් හිමි වෙයි. සරලව Z ලකුණ පිළිබඳව එසේ පැහැදිලි කල හැකි ය.
මෙවර සිදු වුයේ කුමක් ද?
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය පිරිසෙන් එක් කොටසක්(දෙවන හා තුන් වන වාරය) පැරණි විෂයය නිර්දේශය යටතේ ද, ඉතිරි කොටස(පළමු වාරය) අලුත් විෂයය නිර්දේශය යටතේ ද විභාගයට මුහුණ දුන් අතර දෙපිරිස සඳහා වෙන වෙන ම ප්‍රශ්න පත්‍ර සැපයිනි.
ප්‍රතිඵල දෙවන නිකුතුවේ වරද කුමක් ද?
Z අගය ගණනය කිරීමේ දී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න පත්‍රය සඳහා ශිෂ්‍යයන් ලබා ගන්නා ලකුණු වල මධ්‍යන්‍යය සැලකිල්ලට ගන්නා බව කලින් කීවෙමි. දෙවන නිකුතුවේ දී එක් එක් විෂයයන් සඳහා Z අගය, එකට ගෙන ගණනය කර තිබිණි. එනම්, විෂයය සඳහා පොදු මධ්‍යන්‍යයක් සලකා ඇත. උදාහරණයක් ලෙස, අලුත් නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ පැරණි නිර්දේශයේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු එක ම ප්‍රශ්න පත්‍රයකට මුහුණ දී ලබා ගත් ලකුණු ලෙස සලකා කටයුතු කර ඇත. එනම් ප්‍රශ්න පත්‍ර දෙක ම එක ලෙස අමාරු ඒවා ලෙස සලකා ඇත. එවිට Z ලකුණ ලබා දීමෙන් අභිමත දේ සිදු නොවන බව ඕනෑ මෝඩයෙකුට වැටහෙන කරුණකි. (නමුත් මෙය විභාග දෙපාර්තමේන්තුවට වැටහී නැත)
තෙවන නිකුතුවේ වරද?
මෙවර Z ලකුණ ගණනය කිරීම නිවැරදිව සිදු කර ඇති බව පවසයි. එනම් එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙන ම ගණනය කර ඇත. මෙහි ගැටළුවක් නැත.
එසේ නම් වරද කුමක් ද??
යම් විභාගයකට වරක් මුහුණ දෙන සිසුවා දෙවන හෝ තෙවන වර ඒ විභාගයට ම මුහුණ දෙද්දී, ඒ පිලිබඳ හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කරයි. පෙර අත්දැකීම් තිබීම ඊට හේතුව යි. උසස්පෙළ විභාගයෙන් සමස්තයක් ලෙස ගත් කල දෙවන වාරයේ පෙනී සිටි සිසුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය වැඩි වීම මේ නිසා සිදු වන්නකි. එනම්, දෙවන වර පෙනී සිටින සිසුන්ගේ මධ්‍යන්‍යය ලකුණ ඉහල මට්ටමක පවතී. පළමු වර පෙනී සිටින බොහෝ සිසුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ දෙවන වාරයේ ද පෙනී සිටීමේ අපේක්ෂාවෙනි. එසේ නැතිනම්, යන්තම් විභාගය සමත් වීමේ අපේක්ෂාවෙනි. සමස්තය සලකු විට, සුළු පිරිසක් පමණක් විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කර ගනිමින් ම විභාගයට පෙනී සිටියි. ඒ හේතුව නිසා දෙවන වර පෙනී සිටි අයට වඩා පළමු වර පෙනී සිටි අයගේ එක ම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම වුවත් මධ්‍යන්‍යය අඩු අගයක් ගනී.
උදාහරණයක් ලෙස පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 45 ක් පමණ වෙද්දී දෙවන වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය 50 ක් පමණ විය හැකි ය. ඒ හේතුව නිසා ලකුණු 47ක් ලබා ගන්නා පළමු වර ශිෂ්‍යයාට ධන Z ලකුණක් හිමි වෙද්දී ඒ ලකුණු ප්‍රමාණය ම ඒ ප්‍රශ්න පත්‍රය සඳහා ම ලබා ගන්නා දෙවන වර ශිෂ්‍යයා ට හිමි වන්නේ සෘණ Z ලකුණකි. මෙවර සිදු වී ඇත්තේ එයයි. ප්‍රශ්න පත්‍රය මත පදනම් ව Z ලකුණ ගණනය කිරීමේ වරදක් නැත. නමුත් මෙහි දී නොසලකා හැරී කරුණු කිහිපයක් පවතී. එනම් පසුගිය වසර වල, දෙවන හා තෙවන වර ශිෂ්‍යයන් ලබා ගත් ලකුණු වල මධ්‍යන්‍යයේ සහ පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය වල වෙනස කවර ආකාර ද? සමස්තයක් ලෙස, පළමු වර ශිෂ්‍යයන්ගේ මධ්‍යන්යේ සහ අනෙක් ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍ය අතර අනුපාතය කවර ආකාර ද? තෝරා ගත් ස්ථාන ප්‍රමාණයක් තුල පළමු වර ශිෂ්‍යයෝ කීයක් සිටිත් ද? දෙවන වර සහ තෙවන වර කීයක් සිටිත් ද?
වසර ගණනාවක අදාළ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව, ඒ අනුපාතය ආරක්ෂා වන පරිදි Z ලකුණ නැවත සකස් කල යුතු ය. මේ සියල්ල සිදු කිරීමට දින දෙක තුනකට වඩා ගත නොවේ. හේතුව, සියලු ම ලකුණු සටහන් පරිඝනක වල සටහන් කර තිබීමයි. ඉන් පසු අදාළ පරිඝනක වැඩසටහනේ සමීකරනය, නව සමීකරණය මගින් ප්‍රතිස්ථාපනය කිරීමෙන් මිනිත්තු කිහිපයක් තුල නව ප්‍රතිඵලය ලබා ගත හැකි ය. මුද්‍රණය සඳහා දවසක් ගත වුවත්, සතියක් තුල නිවැරදි ප්‍රතිඵලය ලබා දිය හැකි ය.
සංඛ්‍යානය විධිමත් ව හැදෑරු එක් අයෙක් හෝ විභාග දෙපාර්තමේන්තුවේ සේවය නොකරතියි සිතිය නොහැක. එසේ නම්, මේ සඳහා නිවැරදි ව ම ගැලපෙන ක්‍රමය භාවිත නොකර, Firefox Web Browser එක සේ මාසයකට වරක් හෝ දෙකක් ප්‍රතිඵල වල සංස්කරණ ඉදිරිපත් කිරීම අත්වැරැද්දක් යයි සිතිය නොහැක.
අද නිකුත් වූ ප්‍රතිඵල අනුව, බොහොමයක් අයගේ දිවයින් කුසලතාව 300 කින් පමණ වෙනස් වී ඇත. වසර ගණනාවක ප්‍රතිඵල සහ දත්ත අනුව, තමන් අනිවාර්යයෙන් ම ඉංජිනේරු හෝ වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබතියි සිතා සිටි බොහොමයකගේ බලාපොරොත්තු සුන් වී ගොස් ඇත. ඊට අමතරව, අඩු ලකුණු ලැබූ පළමු වර සිසුන් බොහෝ දෙනෙක් ඉහල Z ලකුණු ලබා ඉදිරියට පැමිණ ඇත.
කුසලතා වෙනස් වී, තමන් සුදුසුකම් ලැබීමට සිටි පාඨමාලාව වෙනස් වීම නිසා බොහෝ දෙනෙකුට නැවත විභායට මුහුණ දීමට සිදු වී තිබේ. තුන් හිතකින් වත නොහිතු ලෙස, ඉතිහාසයේ නොවූ විරූ ලෙස කුසලතාව වෙනස් වීම නිසා දෙවන සංස්කරණයට අනුව ඉහල Z අගයයන් ලැබුවන් ට ද නැවත උසස් පෙළ කරන්නට සිදු වී ඇත. ඒ අතින් ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව සුපිරි ය. ඒ සඳහා ඔවුන්ට සති ම දෙකක කාලයක් ලබා දී ඇත. වසරක් තිස්සේ අමතක වී ගිය පාඩම් මතක් කර, උසස් පෙළ ලියා උසස් ලෙස සමත් වීමට සති දෙකක් වැඩිත් එක්ක ඇති ය!
ඊයේ මගේ මිත්‍රයෙකු හමු වී කතා බහ කිරීමේ දී පැවසු දෙයක් තදින් ම මගේ සිතට කා වැදුනි. එය මෙසේ ඔහුගේ වචනයෙන් ම ලියා තබමි.
"2010 A/L කරපු අපි ඔක්කොම කාලකන්නි බං. උඹලා First Shy ම ගියා. ඒත් ස්ට්‍රයික් හින්දා උඹලා ගෙදර. අපි second shy කළා. තාම ප්‍රතිඵල නැතුව ගෙදර. තවත් සමහර එවුන් Third shy කරන්න හිතුවා. උන්ට තාම Admission වත් නැතුව, තීරණයක් ගන්න බැරුව ගෙදර!"

මෙය සම්පුර්ණයෙන් ම විභාග දෙපාර්තමේන්තුවේ වරදකි. ලංකාවේ තිබෙන වැදගත් ම සහ වඩාත් ම තරඟකාරී විභාගයේ ප්‍රතිඵල සමග සෙල්ලම් කිරීම දැන් වත් නතර කල යුතු ය. දහසින් බැඳී පියල්ලෙන් පඩි ගන්නා උන් පුටු රත් කරන අතරේ ඉඳ හිට වත් තමා එතනට ගෙනා නිදහස් අධ්‍යාපනය ගැන සිතිය යුතු ය. නො එසේ නම්, මේ සියල්ල වෙනස් කරවන අරගලයක් ඇති වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
ප.ලි:
මේ ගැටලුව නිරාකරණය සඳහා විසඳුමක් සොයන අතර වාරයේ, මෙවැන්නක් මගේ සිතට ආවේ ය. මෙහි නිරවද්‍යතාව පිළිබඳව එතරම් ම පැහැදීමක් නැතත්, පවතින ක්‍රමයට වඩා එය යහපත් වනු ඇති සිතමි. ඒ මෙසේ ය.
පසුගිය වසර කිහිපයක, එක් එක් විෂයයන්ගේ උසස් පෙළ ප්‍රතිඵල වල, මධ්‍යන්‍යයන් ලබා ගත යුතු ය. ඉන් අනතුරුව, ඒ ඒ විෂයයන් සඳහා දෙවන /තෙවන වර සහ පළමු වර පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය වෙන වෙන ම ලබා ගත යුතු ය. සමස්ත මධ්‍යන්‍යය සහ එක් එක් වාරයේ ශිෂ්‍යයන්ගේ මධ්‍යන්‍යය අතර යම් පොදු අනුපාත ලබා ගැනීම මෙහි දී අසීරු නොවනු ඇත. ඉන් අනතුරුව, අදාළ අනුපාතය සලකා, මෙවර උසස් පෙළ පළමු වර ශිෂ්‍යයන් සඳහා එක් මධ්‍යන්‍යයකුත්(මෙය බොහෝ විට ඔවුන්ගේ දැන් මධ්‍යන්‍යයට වඩා වැඩි අගයක් විය හැකි ය) දෙවන සහ තෙවන වර ශිෂ්‍යයන් සඳහා තවත් මධ්‍යන්‍යයකුත් (මෙය දැන් සලකනු ලබන මධ්‍යන්‍යයට වඩා බොහෝ විට අඩු අගයක් වේ) ලබා ගත හැකි ය. දැන් මේ ලබා ගත් කල්පිත මධ්‍යන්‍යයන් මත පදනම් ව වෙන වෙන ම Z ලකුණ ගණනය කළ හැකි ය. මෙහි දී ලැබෙන Z ලකුණ පොදු එකක් ලෙස සැලකිය හැකි නිසා කෙලින් ම අදාල ලකුණ මගින් කුසලතා අංකය (rank) තීරණය කළ හැකි ය!

පුළුන් සහ කළු ගල්
Sunday, July 15, 2012
සැහැල්ලු ය
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..
අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..
රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..
අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..
කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..
මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..
එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..
මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..
පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..
වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..
අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..
රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..
අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..
කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..
මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..
එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..
මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..
පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..
වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??
නොලැබීම
Friday, July 13, 2012
ගණිතය සිසු තරණ - අපේ සමාජ සත්කාර
Thursday, July 12, 2012
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පුර්ණයෙන් ම පාහේ විභාග රටාව මත පදනම වුවක් පමණක් බව පෙර පාසල් යන දරුවෙකු පවා දන්නා කරුණකි. පහේ ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය ලෙසත්, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ විභාගය ලෙසත්, උසස් පෙළ දරුවන්ගේ විභාගය ලෙසත් හැඳින්වෙන රටක, දෙමාපියන්ගේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා ශිෂ්‍යත්වය අසමත් වන දරුවා කෙසේ හෝ ඉදිරි ශ්‍රේණි තරණය කර ගුරුවරුන්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත බව නිසා සාමාන්‍ය පෙළ අසමත් ව දරුවන්ගේ විභාගයට මුහුණ දීමට තබා, හරි හමන් රැකියාවක් වත් ලබා ගත නොහැකිව ලත වනු ඉතා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි ය.
පවතින රටාව තුළ ගණිතය විෂයය ලබා ගන්නේ සුවිශේෂී ස්ථානයකි. තර්කානුකුල වීම, සැලසුම් සහගත වීම, පිළිවෙල සහ ඉක්මණින් වඩාත් නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ගණිතය විෂයය නිසි පරිදි ඉගෙනීමෙන් ලැබෙනා බව පොදු පිළිගැනීමයි. එවන් තත්වයක් පවතිද්දී, සාමාන්‍ය පෙළ විභාගයෙන්ගණිතය විෂයය අසමත් වීම, සම්මුඛ පරීක්ෂණයක පළමු අදියරයේ දී ම ඉවතට විසි වීමට ප්‍රධාන හේතුවක් වීම නොවැලක්විය හැකි ය.
අපි ජීවත් වීමේ දී කරනු ලබන සෑම කටයුත්තක දී ම පාහේ භාවිත වන්නේ ගණිතය යි. ගණිතය පිලිබඳ නිසි අවබෝධයක් නැතිනම්, සරලව කියන්නේ නම් 'ගණන් බැරි නම්', අඩු තරමේ ඇවිදින්නට වත් හැකියාවක් පැවතිය නොහැක. නමුත් බොහොමයක් සිසුන් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට ලකුණු 35 සීමාව ලඟා කර ගත නොහැකිව අසමත් වීම දැකිය හැකි ය. මෙහි පවතින්නේ ගණිතය නොදන්නා කමක් නොව, නිසි ලෙස ගණිතමය මුලධර්ම තහවුරු නොවීමක් වන බව අපි අවබෝධ කර ගත්තෙමු. ප්‍රාථමික අධ්‍යාපනයේ පවතින යම් යම් දුර්වලතා සහ ද්විතියක පංතිවල ගුරුවරු සිය කාර්යය භාරය නිසි පරිදි ඉටු නොකිරීම මේ ගැටළුවට ප්‍රධානතම හේතුවක් වන බව අපි නිරීක්ෂණය කළෙමු.
මේ සියල්ල අධ්‍යයනය කිරීමට අප පෙලඹවූයේ, ගණිතය සිසු තරණ වැඩසටහනේ සම්පත් දායකයන් වශයෙන් කටයුතු කරන්නට අප විශ්ව විද්‍යාලයේ, 13 වන ශිෂ්‍ය කණ්ඩායමට හෙවත් අපගේ ශිෂ්‍ය කණ්ඩායමට ආරාධනාවක් ලැබීම යි. ගාල්ල දිස්ත්‍රික්කයේ විවිධ පාසල්වල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින, 10 ශ්‍රේණියේ අවසන් වාර පරීක්ෂණයේ දී 40 ට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත, සාර්ථකව සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබා දීම සහ ආත්ම විශ්වාසය ගොඩ නැංවීම අප ලද වගකීම විය.
මේ යටතේ, පළමුව අපි අදාල වැඩසටහන දැනට ක්‍රියාත්මක වන ගාල්ල, බටදුව ශ්‍රී රතනජෝති විද්‍යාලයේ පැවති වැඩසටහනක් අධ්‍යනය කළෙමු. ඉන් අනතුරුව අපි කණ්ඩායම් 7 කට බෙදී තෝරා ගත් විද්‍යාල 7 ක එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කළෙමු. මා ඇතුළු පිරිස ගාල්ල ඕල්කට් විද්‍යාලයේ පැවත්වෙන සිසු තරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නම් කෙරුණි.ඒ අනුව, අප විසින් ක්‍රියාත්මක කරන ලද පළමු වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 7 ක දී පසුගිය සෙනසුරාදා (ජුලි 7) පැවැත්විණි. වැළක්විය නොහැකි හේතුවක් නොවන්නට සෑම සතියක ම සෙනසුරාදා දින අදාල විද්‍යාල වල මෙකී වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.
ගාල්ලේ නගරබද පීඩිත පවුල් වල, නිසි මග පෙන්වීමක් නොලත්, අතහැර දැමුණු සොයුරු සොයුරියන් පිරිසක් සමග යන මේ ගමනේ පළමු දිනයේ ම වෙනස් ආකාරයේ අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදු විය. ගණිතය විෂයය සිය ප්‍රියතම විෂයය කර ගත්, ඒ විෂයයට අතිශයින් දස්කම් දැක්වූ පිරිසක් සමග ගණිතයට අදක්ෂ යැයි හංවඩු ගැසුණු, එහෙයින් ම ඒ විෂයය සිය අප්‍රියතම විෂයය කර ගත් පිරිසක් එක්ව කෙරෙන මේ කටයුත්ත සැබවින් ම අභියෝගාත්මක එකක් වීමට බොහෝ විට ඉඩ ඇත. ඒ අතරතුර අප අත්දකින, ලොග් සටහන් පොතෙහි ලියවෙන/නොලියවෙන රස මුසු දේ අරුණැල්ලෙහි පාඨක ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. ඒ ලිපි පෙළ සමග එක් වන ලෙස ගෞරවයෙන් ඇරයුම් කරමි!

අපේ සමාජ සත්කාර,
ආ ගිය තොරතුරු,
සමාජයීය,
සරසවියේ අත්දැකීම්
Subscribe to:
Posts (Atom)

.jpg)