Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

Showing posts with label පොතක් ගැන. Show all posts
Showing posts with label පොතක් ගැන. Show all posts

දුයිෂෙන් නොකී කවිය

Sunday, September 16, 2012

සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..

කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ  ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..

නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..

අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

Tuesday, August 21, 2012

මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි.

මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්‍රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත 'ගුරු ගීතය' නම් අද්විතීය කෘතිය යුනිකෝඩ් කරන ලදී.

ගුරු ගීතය PDF ගොනුව මෙතැනින් බාගත කළ හැකි ය!


ප.ලි :

2011 වසරේ අගෝස්තු මස 21 වන දින, එතෙක් Nj_A  ලෙස තිබූ බ්ලොගය අරුණැල්ල නමින් ලියන්නට ගෙන මේ වන විට වසරක් ගතවී ගොස් හමාර ය. වසරක් තුල Page Views 40,000 කට අධික සංඛ්‍යාවක් අරුණැල්ලට හිමි කර දෙමින් මේ දක්වා අරුණැල්ල සමග රැඳී හුන් ඔබ සැමට අරුණැල්ල වෙනුවෙන් මගේ ප්‍රණාමය පුද කරමි!

 සයිබරයේ කරක් ගසා කොතෙක් සෙව්වත් scan කරන ලද pdf ගොනුවක් ලෙස මිස සොයාගත නොහැකි වූ ගුරු ගීතය යුනිකෝඩ් කිරීමෙහිලා,

ස්වායක්ත ලියන නුවන් තාරක සොහොයුරා
නේජා ලියන රුවී
ගිනි කුරුල්ලා හෙවත් සමිල අයියා
අස්වැන්න ලියන දයානන්ද රත්නායක අයියා
ක්සැන්ඩරගේ කොලම ලියන ක්සැන්ඩර්
සුදාගේ සිතුවිල්ලක් ලියන මුදිත සුදාරක
Feels Like ලියන සඳුනි
බිම්සර
සිතුම් පැතුම්
චතුර බුද්ධික
ජනරඟ විජයිඳු දේවසුරේන්ද්‍ර
සඳ කිඳුරා
දඟ මල්ල
දඟකාරි
හසිත අයියා
ප්‍රදීප් අයියා
මී ගොඩයා
පුබුදු මල්ලි
ඇතුළු පිරිසත්, විශේෂයෙන් Red Riding Hood දක්වූ සහයෝගයත් බෙහෙවින් ම අගය කළ යුතු ය.

අරුණැල්ල වෙනුවෙන් එක කමෙන්ට් එකක් හෝ යෙදූ මගේ මිත්‍රයින්ටත්, අරුණැල්ලට ඇවිත්, රහසෙන් ම නික්ම ගිය දහස් ගණනටත් බොහොමත් ම ස්තුතියි! ඔබේ සහයෝගය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි!

ජය වේවා!!


පොතක් ගැන : කන්ද පාමුල

Saturday, April 14, 2012



"ජීවිතය පුරා ම අපි කරන්නේ කන්දක් නගින එක.. එත් අපි හැමෝට ම කන්ද මුදුනට යාගන්ඩ බෑ..මගක් දුර කන්ද නගිනකොට අපි දෙමාපියන් බවට පත් වෙනව. ඊට පස්සේ දරුවොත් එක්ක කන්ද පාමුලට එන්ඩ අපිට සිද්ධ වෙනව. දරුවොන්ගෙන් නිදහස් වුණාට පස්සේ අපි කන්ද නගින්ඩ පටන් ගන්නව. එත් දරුවෝ විඳින දුක දැනිල එහෙමත් නැත්තං දරුවන්ගේ දරුවො ගැන ආස හිතිල ආයිමත් කන්ද පාමුලට එනව... කාට හරි පුලුවන්නං මේ බන්දනවලින් මිදිල කන්ද තරණය කරල මුදුණට ම යන්ඩ ඔහු අපුරු මිනිසෙක් වෙනව. මට හිතෙනව ජිනසෝමලගෙ තාත්තත් ඒ වගේ අපූරු මිනිහෙක් කියල.."

කන්ද පාමුල පොතේ 233 වෙනී පිටුවේ තියෙන මේ ඡේදය මගේ හිතේ ගැඹුරට ම කා වැදුණු අදහසක්. කෙනෙකුගේ ජීවිතය පිලිබඳ තීන්දු තීරණ ගැනීමට තවත් කෙනෙක්ට කිසිඳු අයිතියක් නැහැ. නමුත් තමුන් විසින් මේ ලෝකයට උපද්දවනු ලැබ, කවා පොවා උස් මහත් කළ දරුවන්ගෙන් මේ මේ දේ ඉටුවිය යුතු යැයි දෙමාපියන් බලාපොරොත්තු වෙනවා. පෘතග්ජනයන් ලෙස ඔවුන් දරන ඒ ආකල්ප පිලිබඳ දොසක් නගන්නට අපට කිසි සේ ත් ම හැකියාවක් නැහැ. දෙමාපියන් තම සිත් වල දරුවන් පිලිබඳ ඇති කර ගන්නා අහිංසක බලාපොරොත්තු සහ දරුවන් එතරම් දුර නොසිතා කරනු ලබන සුළු සුළු දේ නිසා ඒවා බිඳ වැටෙන ආකාරයත් සිය බලාපොරොත්තු බිඳ වැටීම් වලට ශක්තිමත්ව මුහුණ දෙන පියෙකුගේ චරිතයත් මනාව විග්‍රහ කිරීමට මේ නව කතාව සාර්ථක ප්‍රයත්නයක් දරා තිබෙනවා. කරුණාදාස සුරියආරච්චි මහතා විසින් රචනා කරපු පළමු වන නව කතාව විදියට සැලකෙන මේ පොත පියෙකුගේ සෙනෙහස සහ ඔවුන් නොපෙන්වන ආදරය පිළිබඳව බොහොම සීරුවෙන් කරපු අධ්‍යනයක ප්‍රතිඵලයක් විදියටයි මට හැඟෙන්නේ.

2007 වසරේ පැවැත්වුණු පළමු ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා නිර්දේශිත කන්ද පාමුල කෘතියට සම සම්මානයක් හිමි වුණා. වයස් භේදයකින් තොරව කියවිය යුතු පොතක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. දයාවංශ සහ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක් වන මෙහි මිල රුපියල් 280ක්.

කතාව පටන් ගන්නේ මෙහෙමයි..


 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading