සැහැල්ලු ය
සුදු ය, මුදු ය
සුමුදු ය පුළුන්..
අසා උන්ගේ බස
සොයා ගියෙමි මම
පුළුන්..
රූස්ස ගසක හිස රැඳී
ගෙඩියක් පුපුරා
පාවී ආවේ ය
මහා ගොඩක්
පුළුන්..
අල්ලා ගන්නට නොහැකිව
සියුමැලි ද බලන්නට
පසුපසින් ගියෙමි පා වී යන
පුළුන්..
කපු කටින තැන
නූල් වී එතෙන
ඒ නූල් වලින්
කම්බා වියෙන
තැනට වී
අතගා බැලුවෙමි
පුළුන්..
මතුපිට නම් රළු ය
තරමක් අවශෝශී ය
හිතුවාට වඩා
දැඩි ය
පුළුන්..
එන්නට ආමි නික්මී
එක්වෙන, වියෙන
කන්දක් ව රැඳී
පුළුන්..
මග රැඳී අයෙකි
අතෙහි රැඳී කටුවකි
සියුමැලි ව හැඩගැසෙන
සුවිසල් කළුගලකි..
පුළුන් සේ සුදු නැත
පා වීමක් ද එහි නැත
සැහැල්ලුවක් නැත
නමුත්..
කැටයමකට
එය අනුගත ය..
වටහා ගත නොහී එය
සිතුවෙමි මම..
මේ තරම් සියුමැලි ද
කළු ගල්??
Subscribe to:
Post Comments (Atom)
මේ තරම් සියුමැලිද කළු ගල් - සිතන්නටවත් බැරි නිසාද ?
ReplyDeleteජය !
හිතා ගන්න බැරි වුනා!!
Deleteහරිම අගෙයි පද ටික..!!
ReplyDeleteස්තුතියි හිරු!!
Delete"මේ තරම් සියුමැලි ද
ReplyDeleteකළු ගල්??" හිතට වැදුනා... :) අපි නොහිතන ගොඩක් දෙවල් හරි සියුමැලි :) පරිස්සම් කරන්න ඔනේ විදුරවක් වගේ.
සහතික ඇත්ත අක්කේ.. ඒ වගේ මැ හිතන දේවලුත් හිතනවට වඩා බොහොම සියුමැලියි!
Deleteඑල එල මචෝ...
ReplyDeleteස්තුතියි යාලුවා!!
Deleteපුලුන් වගේ හිත් තියන කලුගල් වගේ මිනිස්සුත් ඉන්නවා.....
ReplyDeleteඇත්ත අක්කේ..
Deleteබොහොම ස්තුතියි!
සිරාවටම ලියලා...!!!
ReplyDeleteලස්සනයි මල්ලි.. උඹ මාර ලිවිල්ලක්නේ ලියන්නේ...
මං හිතන හේතුව නිසාද මී දවස වල මෙච්චර ලියවෙන්නේ..? :)
සමහර විට එහෙම වෙන්න ඇති අයියේ!!
Deleteස්තුතියි!!!
ලස්සන පද පේලි..
ReplyDeleteස්තුතියි අයියේ!!
Deletesiyumali pulun wage penila apata duk denakota ralu gal siyumali wela apata udawu karanawa.eka aththa
ReplyDeleteස්තුතියි!
Deleteමම අදහස් කළ දේ ඒ විදියට ම කොමෙන්ටුවේ යෙදිලා තියෙනවා!
ජය වේවා!!
වාව් සුපර්..ලස්සනම ලස්සනයි....
ReplyDeleteස්තුතියි සිතුවිලි..
Deleteදැක්කද වෙනස.. හැම රළු දේකම මෘදු බවක්ද ඇත. ඒ මෘදු බව වටහා ගැනිමට කාලය සහ අවකාශය අවශ්‍ය වේ.
ReplyDeleteලස්සනට අපූර්වත්වයෙන් යුතුව කවිය ලියල තියෙනවා. තේරාගෙන ඇති වස්තු බීජ නියමයි
ස්තුතියි අයියේ!!
Deleteඅපුර්වත්වයක් එක් කරන්න දරපු උත්සාහය සාර්ථක වීම පිලිබඳව ගොඩක් සතුටුයි!!
සුන්දරයි ඔබෙ පද ගැලපුම...
ReplyDeleteස්තුතියි සිරා!!
Deleteරළු දේ සුමුදු කරන්නා ද අපූරු මිනිසෙකි ඔබද ඉන් එකෙකි
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteහ්ම්ම්... සියුමැලි වගේ පේන කලු ගල් හිත් තියෙන අයත් ඉන්නවා.. කලු ගල් වගේ පේන පුලුන් වගේ සියුමැලි හිත් තියෙන අයත් ඉන්නවා..
ReplyDeleteලස්සන නිර්මාණයක්!!
බොහොම ස්තුතියි අක්කේ!!
Deleteelas
ReplyDelete