Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

විසූක දස්සන

Wednesday, October 31, 2012

යතුරු ඉගිලෙත්
ළඳුන් වෙත වැදහෙත් මුණින්
දහස් පියලි වටනා
යකඩ අස් රියවල උනුන් සතු..

සැලෙත නාරි ලතා කැල
හැඩති බඳ ළෙලවමින
මද පවන නොවැද,
බෙර හඬට, රන් රුවැතිව
රනින් දිදුලන පහන් සිල ලෙද..

සොටු පෙරාගෙන
හඬත බිළිඳු ඈත
නොලැබ සුහුරු පිටි කිර
බෝතලයට වත් කර..


'අම්මා නුඹේ කිරට ගියා'
කියත් එහි වූ මැහැලියෝ
අරුත් නැති පදයක් මිස
වෙනෙකක් නැති ලෙස..

අරුණලු නැග එයි
තවත් අය එක්වෙති,
බැඳෙති එකෙකා
යෙදෙති උහු
උනුන් හා රමණයෙහි..

26 comments

  1. හිමිදිරියේ නුඹේ අරුණැලි....
    ගෙනෙයි අපට සුභ දිනක...!
    මම නම් කවි ලියන්න දන්නේ නැතෝ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඒකට කමක් නෑ අක්කේ.. හැමදාම ඇවිත් කියවලා යන එක ම මදි ද?

      Delete
  2. පද ගෙත්තම අපූරුයි...

    ReplyDelete
  3. අපූරු අදහසක්, අපූරු පද ගැලපිල්ලක්..!

    ReplyDelete
  4. නියමයි මලයා කවි පෙල..

    ReplyDelete
  5. හරිම අපුරුයි...

    ReplyDelete
  6. නියමයි රැන්ගෝ

    ReplyDelete
  7. ටිකක් අමාරුවෙන් තේරුම් ගත්තේ.. වෙනස් අදහසක්...!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. පොඩි වෙනසක් කරන්න හිතුවා!

      Delete
  8. කන්‍යාවන් විකිණෙන ලෝකයක
    බිලිඳුන් කිරෙන් වෙන්කර
    මව්වරුන් විකිණෙන කල
    අරුමය කිම?
    ලෝ වැසි දනන් හට
    නොකල්හි ජීවිත
    විකල්ව නොපෙනෙන විට
    අකල්හි මරු එන බව
    නොපෙනේ
    නොදැනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ අදහසට.. කවිය වින්ද බවක් පේනවා. බොහොම සතුටුයි!

      Delete
  9. ලස්සන පොෂ් කවියක්...!

    ReplyDelete
  10. කලෙකට පස්සෙ ඉතරමත් ගැඹුරු කවියක්. ඒ කවිය කියන්න පාවිච්චි කරන්න යොදා ගන්නෙත් ගැඹුරු කවි බසක්. මේ වගේ ගැඹුරු කවියක් බ්ලොග් අවකාශය තුළ කාලෙකට පස්සේ දුටුවාමයි.

    මට මේක කියවන කොට මතක් වුණේ. ජීබී.සේනානායක්ගේ දුප්පතුන් නැති ලෝකය. කෙටිකතාව. වගේම කපුගේ ගැයූ "විදුලි මිණි පහන්" ගිතය. මේකවියත් ඒ කෙටිකතාවත්, ගිතයත් සර්වකාලීනයි.

    ඒත් මේ කවියේ සාදයක් ගැන කියවෙන එක නම් ටිකක් මතුවෙන්නෙ නෑ වගේ..


    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ.. වැඩි දෙනෙක්ගෙන් ඒ හැටි අදහසක් පල නොවුණු මේ කවියට, අයියාගේ අදහස සහ උපදෙස් ටික මහා මෙරක් වගේ.

      මටත් පස්සේ හිතුණා මාතෘකාව ටිකක් වෙනස් වුණා නම් හොඳයි කියලා...

      ජය වේවා!

      Delete
  11. මමත් දෙපාරක්ම මේක කියවලා තමා හොඳින්ම අවබෝධ කර ගත්තේ... කවි බස නම් පංකාදුයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ.. පොඩි වෙනසක් කරන්න හිතුවා. ඒකයි එහෙම කළේ! රස වින්දා නම් බොහොම සතුටුයි!

      Delete
  12. ලස්සන කවියක්... මට හැගෙන විදියට, මුඩුක්කු ජීවිත ගැන ...
    හිතනව එහෙම වෙන්න ඇති කියල...
    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. අදහස් කළේ නම් සමස්ත සමාජ ක්‍රමය ම ගැන. නමුත් ඔබගේ අදහසටත් ගැළපෙනවා වගේ.. බොහොම ස්තුතියි මිත්‍රයා!!
      ජය වේවා!!

      Delete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading