සැඩ සුළඟ, මද පවනක් ව
තුරු ගොමු සිසාරා හමන
වියළි හිම කැට
තෙත බරිත වී
ධවල කඳු හිස්
සුනිල්වන් වන
සුපුෂ්පිත කුසුම්හි මකරන්දය
බඹර පහසින් ගෙත්තම් වන
වසන්තය එළඹෙන තුරු
කටුක ශිශිරය අවසන් ව,
බලා හිඳිමි මම
පොප්ලර් අතු අතරින්
තිමිරය ඉරාගෙන
නැගෙන හිරු දකින්නට..
කඳු ඉහත්තාවේ
පාසලට ඉහළින්
නුඹ ගුරු තරුව කරවා,
පොප්ලර් ගස් සෙවනෙහි හිඳ
යළිත් ගුරු ගීතය ලියන්නට
අල්තීනායි විය නොහැකි ය මට..
නුඹේ තේජස ඉදිරිපිට
යළිත් තේජස් වන අයුරු මට
උගන්වනු මැන කමා කර
සුලෙයිමානවා මැතිණිය..
අසරණව නුඹ නොදැක නික්මුණ
වියපත් ලියුම් බෙදන්නා වෙමි මම..
Subscribe to:
Post Comments (Atom)
කාලය සෙනහස මතකය ආදරය වදන් වැලක් තුල මනාවට කැටි කරලා ලස්සනයි මිතුර
ReplyDeleteබොහොම ස්තුතියි මිත්‍රයා!! :)
Deleteදුයිෂේන් නොකී කවිය... ලස්සනයි මල්ලි..
ReplyDeleteබොහොම ස්තුතියි අක්කේ!
Deleteඋපරිමයි මචං......
ReplyDeleteඇත්තටම දුයිෂෙන්ට මෙහෙම හිතෙන්න ඇති එදා
ස්තුතියි අයියේ!! මටත් එහෙම හිතුණා!
Deleteලස්සන කවියකි...බොහොම අලංකාරව ලියා ඇත...
ReplyDeleteබොහොම ස්තුතියි යාළුවා!!
Deleteඔයාගේ හැකියාව නම් මාරයි..ඇත්තටම ලස්සනයි..දිගු ගමනකට ජය ඔබට...!
ReplyDeleteබොහොම ස්තුතියි යාළුවා!
Deleteගොඩාක් ලස්සනයි රැංගෝ සහෝ....
ReplyDeleteජය!
බොහොම ස්තුතියි නංගෝ!!
Deleteහ්ම්.... නියමයි ඈ.
ReplyDeleteස්තුතියි යාළුවා!
Deleteඔච්චර ඒවා කොහොමද හිතෙන්නේ බන්..?
ReplyDeleteඑල හොඳේ
ගුරු ගීතය ආත්මයට ම කාවැදුණු පොතක් වෙලා නේ සුදා මලයෝ!
Deleteබොහොම ස්තුතියි!!
හරිම නිර්මාණාත්මකයි මල්ලි. දුයිෂෙන් හැමදාම ඇසට කදුළු නංවන චරිතයක්. සුබ පැතුම්. ජය...!
ReplyDeleteඔහු නිහඬ බව සහ දරා ගැනීම පුදුමාකාර විදියට ප්‍රගුණ කළ චරිතයක්..
Deleteස්තුතියි අයියේ!
අසරණව නුඹ නොදැක නික්මුණ
ReplyDeleteවියපත් ලියුම් බෙදන්නා වෙමි මම....
ආයිත් ගුරු ගීතය කියවන්න ආසා හිතුනා
එහෙම නම් දැන්ම ම කියවන්න යාළුවා!! මා කියවූ විශිෂ්ඨතම පොතක්!
Deleteස්තුතියි මේ පැත්තේ ආවට!!
ගුරු ගීතය පත අට එකට හිඳවා එක මිටකට ගත්ත වගක් හැඟෙනවා මේ කවිය කියවන විට. ඒ තරමටම දුයිෂෙන් අපි තුල ජීවත් වෙනවා. දුයිෂෙන්ගේ චරිතය රුසියාවටත් වඩා අපි අතර ජනප්‍රියයි. මේ චරිතය අපිට ආගන්තුක වුණත් ඒතුළ ඉන්නේ ලාංකිකයෙක් කියලයි මට නිතරම හිතෙන්නේ.
ReplyDeleteඅනිවාර්යයෙන් ම.. දුයිෂෙන් කියන්නේ ලාංකිකයෙක් නෙවෙයි කියලා, ගුරු ගීතය කියවගෙන යද්දී මටත් බොහෝ වෙලාවට අමතක වෙනවා! ඒ තරම් ම අපට සමීපයි.. බොහොම ස්තුතියි අයියේ අදහසට!! :)
Deleteනොකී කවිය කියන්න අලුතින් ගුරු ගීතයක් ලියන්න වේවි වගේ!
ReplyDeleteඅලංකාරයි නිර්මාණය!:)
එහෙනම් ඒ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න! :)
Deleteස්තුතියි මිත්‍රයා..
අපූරු කවියක් රැංගෝ..
ReplyDeleteස්තුතියි අක්කේ! :)
Deleteපට්ටයි රැන්ගෝ...!
ReplyDeleteගුරු ගීතය මාත් අසාවෙන් කියෙව්ව පොතක්
ස්තුතියි මිත්‍රයා.. අරුණැල්ල ට ආදරෙන් පිළි ගන්නවා!
Deleteඅතීතය මතක් කලාට පින්. බොහෝ කාළයකට ඉස්සර කියවලා මතකෙන් ගිලිහිලා තිබුනේ....
ReplyDeleteස්තුතියි මාතලන් අයියේ!
Deleteමාරම ලස්සනයි!
ReplyDeleteස්තුතියි යාළුවා!!
Deleteගොඩක් ලස්සනයි. මගෙ මතක සටහන් ගොඩකුත් එක්ක මට මතක් වෙන පොතක් ගුරු ගීතය.
ReplyDelete:)
Deleteබොහොම ස්තුතියි අක්කේ!
විශිෂ්ට නිර්මාණයක්.....!!!
ReplyDeleteස්තුතියි අයියේ!
Deleteගුරු ගීතය, ජීවිතයේ මම ආසාවෙන් නැවත නැවතත් කියවපු පොතක්.. නිහඬ ගුරු තරුව නුඹ සදා මගේ හිතේ රැදේවා මටත්, මගේ පොඩි එවුන්ටත් .... උඹට ස්තුතියි මචන්....එච්චරයි.
ReplyDeleteස්තුතියි යාළුවා..
Deleteජය වේවා!
අපුරුයි .......
ReplyDeleteස්තුතියි! :)
Deleteපොත හොස්ටල් එකේ මේසෙ උඩ තිබිලත් තාම කියවන්න පින නෑනේ....මෙදා පාර නම් කියවනවමයි..
ReplyDeleteකවිය නම් පට්ටයි මචෝ
නියමයි! අනිවාර්යයෙන් ම කියවන්න..
Deleteස්තුතියි යාළුවා!
ජය වේවා.
එකලෙක්තරා දවසක..
ReplyDeleteඅපි ඉදිද්දී කිසිවක් නොදත් වනමල් ලෙස
තරු ලකුණක් වෙලා පායපු නුඹ,
ආදරණීය දුයිෂෙන්!
ස්ටෙපස් තෘණ නිම්නයෙ..
සුළං පහරට වියළී ගියපු තණපත් වගෙ අපට
ඉස්කෝලයක් තැනු නුඹ,
ආදරණීය දුයිෂෙන්!
කිර්ගීසියා පොළොවෙ ඉපදුණ..
පිරිසිදු වතුර උල්පත් තරම් සිහිලෙන්
මසිත සුවපත් කළ නුඹ,
ආදරණීය දුයිෂෙන්!
පව්කාර අත්වලින් කිළිටි වුණු මගෙ ගත..
දොවා නුඹේ හදවතේ ඇති සෙනෙහෙන්
මහදේ ලැගුම් අරගත් නුඹ,
ආදරණීය දුයිෂෙන්!
දැන දැනම මා ඈත් වී යන වග..
නොවිමසා වදනක්වත් මගෙන් ආදරය ගැන
අනාගතයට මාව ඇරලවු නුඹ,
ආදරණීය දුයිෂෙන්!
කුරුකුරේඋව අසළ..
පොප්ලර් පත් වයන ධ්‍යානයට සම වැද ගෙන
තවමත් මුනිවතම රකිනා නුඹ,
මගෙ ආදරණීය දුයිෂෙන්!
මගේ කවිය අයින් කරලා නංගියාගේ කවිය දාන්න වෙයි වගේ!! බොහොම අගෙයි! ඒ වගේ ම බොහොම ස්තුතියි නංගෝ! :)
Deleteජය වේවා..
මට මතකයේ එනවා චන්ද්‍රෙල්ඛා පෙරේරාගේ මේ ගීතය
ReplyDeleteවන සිවුපාවුන් - වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවන් - වැනි මිනිසුන් ඇත
සත්තකින්ම දුයිෂෙන් වැනි චරිත තවත් ඇත. ඒත් අපි ඔහුව හඳුනාගනු ලැබුවේ ගුරු ගීතයෙනි. මාසිතනුයේ දුයිෂෙන් අයිලයට ඇලුම් කළා හා සමානව, අල්තීනායි පොප්ලරයන්ට සහ දුයිෂෙන්ට ඇලුම් කළා හා සමානව අප ගුරු ගීතයට ද ඇලුම් කලෙමු. ඔබට කවි සිතුවිලි පහල වනුයේද එබැවිනි. අප එය කියවනුයේද එබැවිනි. සත්තකින්ම හොඳ නිර්මාණයක්.
එවැනි නිර්මාණ බිහි වන්නේ මෙන් ම ඒවා අගය කරවන සිතුවිලි පහළ වන්නේ ද මානව හිතවාදී මනුෂ්‍යයන් අතිනි. බොහොම ස්තුතියි අක්කේ..
Deleteජය වේවා!!