Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරය සහ අධික අවුරුද්ද

Friday, February 24, 2012

අද පොස්ට් එකක් දාන්න නෙවෙයි හිටියේ.. ඒත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්යය මණ්ඩල වලට පිං සිද්ධ වෙන්න අද පොඩි නිවාඩුවක් ලැබුණා. අපේ mid semester exam එකේ modules 4 න් 2 ක් තිබ්බට පස්සේ තමයි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක උණේ. ඒ හින්දා ඉතිරි modules දෙක මේ මාසේ ම 27 සහ 28 වෙනිදා ට කල් ගියා.. ඒ විස්තර කියන්න නෙවෙයි නේ පොස්ට් එක දැම්මේ. වැඩි කතා ඕන නෑ... මම මාතෘකාවට බහින්නම්කො..

මේ 2012 අවුරුද්ද. 2012 කියන ඉලක්කම 4 න් ඉතිරි නැතිව බෙදෙනවා. ඒ වගේ ම අග ඉලක්කම් දෙක 00 නෙවෙයි. ඒ කියන්නේ මේ අවුරුද්ද අධික අවුරුද්දක්. මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ එන බොහෝ දුරට එක ම අධික අවුරුද්දත් මේක වෙන්න පුළුවන්. ඒ අතින් නම් එක මටත් සුවිශේෂයි. අධික අවුරුද්දක් ඕන කොල්ලෙක්ට සුවිශේෂයි නේ. ඒකටත් හේතුවක් තියෙනවා. මේ පොස්ට් එක ලියවෙන්නේ ඒ ගැන.

ඔන්න ඉතින් Leap Year movie එක බලපු අය කෑ ගහන්නේ නැතිව ඉන්නවා හොඳයි. මොකද මේ කියන්න යන්නේ ඒ කතාවට සම්බන්ධ කතාවක්. මොකද්ද එතකොට මේ කතාව. ඒ තමයි මේක.

සරලව කියනවා නම් අධික අවුරුද්දක පෙබරවාරි 29 වෙනිදා එහෙමත් නැත්නම් Leap Day එක දවසේ ගැහැණු ළමයෙක්ට පුළුවන්, තමන්ගේ හිත ගිය පිරිමි ළමයට ප්‍රේම සම්බන්ධයක් සඳහා ආරාධනා කරන්න.එහෙමත් නැත්නම් Propose කරන්න.

ඒක ඉතින් එදා ම වෙන්න ඕන ද? ඕන දවසක පුළුවන් නේ. මොකද වෙන දවසක කිව්වා කියලා වචන පිට නොවී තියෙන්නේ නෑ නේ.. නේද?

ඒත් මෙහෙම දේකුත් තියෙනවා. අපි ජීවත් වෙන සමාජයේ, රට මොකක් උණත් Propose කිරීම පිරිමි ළමයා සතු දෙයක් කියලා පොදු පිළි ගැනීමක්, නැත්නම් රීතියක් තියෙනවා. ඒ අනුව යම් හේතුවක් මත කෙල්ලෙක්, කොල්ලෙක්ට Propose කලොත් ඒ කෙල්ල දිහා ටිකක් අමුතු විදියට බලන්න සමාජය පුරුදු වෙලා ඉන්නවා. ඒක අපේ රටේ නෙවෙයි, යුරෝපයේ පවා අද විතරක් නෙවෙයි, අතීතයේත් තිබුණු දෙයක්.ඒත් වසර 4 ක ට වරක් එළඹෙන Leap Day එක දවසේ කෙල්ලෙක්ට නිදහසේ තමන්ගේ හිත ගිය කෙනාට ඒ බව දැනුම් දෙන්න අවකාශය සමාජය විසින් ම නිර්මාණය කරලා දීලා තියෙනවා. මම මේ කියන්න යන්නේ ඒ සඳහා පාදක වුණු කතාව.

මේ සිද්ධියට පාදක වෙන්නේ 5 වෙනි සියවස. යුරෝපා මහාද්වීපය. රට අයර්ලන්තය. St.Bridget තුමිය විසින් St.Patrck තුමාට විවාහ යෝජනාවක් කරනු ලැබ තියෙන්නේ Leap Day එකක. පුරාවෘත්ත වල හැටියට එදා St.Patrick තුමා ප්‍රකාශයක් කරලා තියෙනවා ඒ මොහොතේ පටන් Leap Day එකක දී තමන් ආදරය කරන පිරිමි ළමයාට, ගැහැණු ළමයා විසින් යෝජනා කරනු ලැබිය යුතු බවට.

ඒ වගේ ම තවත් කතාවක් තියෙනවා. ඉංග්‍රීසි නීතියේ හැටියට පෙබරවාරි 29 වෙනිදා නොසලකා හැරෙනවා. ඒ වගේ ම නීතිමය තත්වයක් නොමැති දිනයක් විදියට එදින හඳුන්වනවා. ඒ වගේ ම මේ හේතුව නිසා ම කිසිඳු පදනමක් නැති පරණ හණමිටි රීතියක් නොසලකා හැරීමටත් ඒ දිනය ම යොදා ගන්න ඇති කියලත් සමහරු මත පළ කරනවා. මේ පිළිබඳව වන පළමු වන ලියවිල්ල හමු වන්නේ 1288 වර්ෂයෙන්. ස්කොට්ලන්තයේ මේ සම්බන්ධව නීතියක් සම්මත වී තිබෙනවා. ඒ නීතියේ හැටියට ඕනෑම කාන්තාවකට තමන්ගේ හිත ගිය පිරිමියාට විවාහ යෝජනාවක් Leap Day එකේ දී කරන්න පුළුවන්. දරුණු ම තත්වය තමයි ඒ යෝජනාවට පිරිමියා අකමැති වුණොත් අදාල කාන්තාව වෙත දඩයක් ගෙවීමට සිදු වීම. මේ දඩය හාදුවක සිට සේද ගවුමක් හෝ අත් වැසුම් දක්වා වෙන්න පුළුවන් කියලයි සඳහන් වෙන්නේ.

කොහොම උණත් බොහෝ රටවල් වල මේ සිරිත පිළි ගැනෙනවා. මගේ පෞද්ගලික අදහසේ හැටියටත් මේ චාරිත්‍රය වැදගත්. මොකද යම් හේතුවක් මත අදාළ තරුණිය වෙත යෝජනා කරන්න තරුණයාට බාධාවක් තිබුනොත් ලියවෙන්න තියෙන ලස්සන පෙම් කතාවක් ආරම්භ නොකර ම නැවතීමේ තිත තියන්න වෙන්න පුළුවන්. ඒ හින්දා මේ පොස්ට් එක කියවන කෙනෙක්ට තවත් කෙනෙක් ගැන අදහසක් තියෙනව නම් කල් නොයවා හැකි තරම් ඉක්මණින් අදාළ කෙනාට ප්‍රකාශ කරන්න. ඒ වගේමයි ගැහැණු ළමයින් ට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඔබ ගොඩක් ලඟින් ඇසුරු කරන තරුණයෙක් කෙරෙහි ඔබේ හිත ගිහින් නම් තියෙන්නේ ඒ බව මේ මාසේ පෙබරවාරි 29 වෙනිදාට වත් ප්‍රකාශ කරන්න. මොකද කොල්ලෙක්ට නම් අවුරුද්දේ ඕන ම දවසක ඒ බව කියන්න පුළුවන්. ඒත් ඔබේ මේ අවස්ථාව ගිලිහුණොත් නැවත ඒ අවස්ථාව ලබා ගන්න තවත් අවුරුදු 4 ක් බලාගෙන ඉන්න වෙන්නත් පුළුවන්.

වැඩිදුර විස්තර අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල තියෙන පොත පතින් හොයා ගන්න පුළුවන්.


  1. Marian Morton, "Should Women Propose?", The Scrap Book, v5, January-June 1908, page 656.
  2. Kristina Seleshanko, Carry Me Over the Threshold: A Christian Guide to Wedding Traditions, page 61.
  3. Clarissa Bye, "Take the leap today, girls", smh.com.au, February 29, 2004.



සයුර මැද

Monday, February 20, 2012

සුළඟේ ලෙළෙන
ලන්තෑරුම සවි කරලා,
හබලට රිදෙන
අත්දඬු යළි පිරිමදලා,
ඔරු කඳ උඩින් නැගෙනා
රළ බිඳ දමලා
සයුරේ සරමි
සරනා මින් කැල සොයලා..

තනිය දැනෙයි
මහ මෙරකට වඩා උස
ඔරුවක්‌ පෙනෙයි
සැලෙනා එළියෙන් දුරක
සිත නුඹ වෙතයි
කිමිදෙන රස පෙම් විලක
සිහිනක රැඳී එන්නට
සිත් වෙයි
සොඳුරිය නුඹ වෙතට..

සුරතල් පුතුන්
කිරි සිනහා සලන වෙලේ
වරම් නොමැත
හිස පිරිමදිනට නුඹගේ
වෙහෙසිය යුතුයි
රකිනට නුඹ සොඳුරේ
දිරි ගමි තවත්
නැත වෙහෙසක් තව දැනුණේ..


මම,
~Nj~

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

Sunday, February 12, 2012

ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook: Blog: http://nursinglanka.blogspot.com/





මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ අක්කාගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

සරසවියේ පාරමිතා..

Saturday, February 4, 2012




ඇත බොහෝ Practical
Enter කරන්නට

වේ ය බොහෝ Tutorial
Submit කරන්නට
නිදි වැරිය යුතු නැත
සිහි වූ කල
පහ වෙයි නින්ද..
Assignment පිටු අතර
සැඟවී සැනසුම
සොයා ගොස් හමු වී
එහි මහානුභාවයෙන්
සුව සේ
යහන් ගත වෙමි මම..

ඩිග්‍රිය ගන්නා තුරු
පාරමී පුරන
 මම..
~Nj~

නුඹ ද අස්ථීර ය..

Sunday, January 29, 2012




නුඹ හමු වන තුරු
ජීවත් වුණු ලෙස
ජීවත් වනු බැරි
කිමැයි අද මට
දන්නී වේ නම්
නුඹ මා සොඳුරිය
තෝරා දෙනු මැන
නොදනිමි තව මම..

එති යති ආගන්තුකයෝ
රැඳෙති අයෙක්
නික්මෙන විට
තවකෙක්..
නොනික්මෙන්නට ම පැමිණි
නුඹ ද නික්මෙන්නට
සැරසෙත් නම්,
වේ ද යමක්
ස්ථිර ව රැඳී
අස්ථිර වූ ජීවිතයේ..


 පසක් වෙතත්,
ඒ අස්ථීරත්වයේ ම
ස්ථීරත්වය සොයන..
මම
~Nj~

චපල කුසුම..

Thursday, January 26, 2012

රොන් සොයා සරන බඹරෙක්
දැක පින්නෙන් තෙත් වූ
විකසිත නොවූ රෝස කුසුමක්
අරුණැල්ලෙහි
විකසිත වන්නට තතනන..

නොවී දෙබරෙකු විලස
රොන් උරමි මම ආදරෙන්
නොතලා කිසි දිනෙක
රැක ගනිමි සෙනෙහසින්...

හිනැහුණි කැකුළ
විකසිත ව කුසුමක් ලෙස
එ හසරැල්ලෙන්
අමන්දානන්දයට පත් ව
රොන් උරනු වෙනුවට
මල වට සරන්නට විය බඹරු...

කෙමෙන් මලට ලං ව
පරෙස්සමින් රොන් උරා
මල නොතලා නික්ම
පසෙකට වී
බලා හිඳින්නට වීය
එ මල දෙස ම
වෙහෙස නිවෙන තුරු..

ඒ අතරෙහි
මල දෙසට
පියා සලන
තවත් බඹරෙකු දැක
සිනාසුණි මල
බලා හුන් බඹරු නොදැක..

රොන් උරත් නම්
තවත් බඹරු නුඹ
අරුම කිම මා
නුඹ හිමි බඹරිඳු ව
නික්මිණි බඹරු
කුසුම අතහැර...

මම
~Nj~



නිවාඩු දවසක්

Monday, January 23, 2012

කෝන් එකට පිරවූ
අයිස්ක්‍රීම් පැහැය
නෑකම් කියයි
රත් වූ දෑසට..
බීඩියක් දුන්නට
කොහොම නම් මූට
අයිස් පලමක්
අරන් දෙන්න ද.?
වෙනදා ආදායම
තුන් දාහයි
අද නම් මට
දාහක් වත් නැති ගානයි..
අපොයි දෙයියනේ
අබුද්දස්ස කාලේ..
සසුන් මෙහෙවර
විඩා නංවයි
මේ සුළඟින්
සිත සැනසෙයි
කසා වත හැඳී
දෙනමක් යෙයි..
පල්ලිය වගේ ද
මේ ආතල් එක.?
ජුබ්බා හැඳ
පෙළක් සරයි...
අර බලපං
අරූ පනින උස..
මේ බලපන්
මුගේ කැමරාව..
බලපං බං
මුංගේ ආටෝප..
රෙන පුකට
මොන කැටයම් ද?
කියපන් බං
උඹේ කතාව..





නිමිත්ත : සෙනසුරාදා දිනක හවස පැය 4 ක් පමණ ගාලු කොටුවේ ගෙව්වෙමි.. දුටු නානාවිධ දෙයින් ඔළුව මන්ද මෝල් විය..

දිලුම් වෙනුවෙන් අපි ජයග්‍රහණය කළ වගයි...

Wednesday, January 18, 2012


දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....


එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්‍රාර්ථනා කලාය...


සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...


වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..


ඔබ හැමට පින් සිද්ධ වේවා....


ශ්‍රී ලාංකීය සයිබරය එකාවන්ව එකතුව කල මෙම සද්කාර්යය මගේය, අපේය, ඔබේය.... එම නිසා මෙම බ්ලොග් ලිපිය ඔබේ බ්ලොගයේ පල කර අපගේ ශක්තිය ලොවට කියාපෑම පිළිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.






ප්‍රමිතිකරණ පනත සහ අපි...

Friday, January 13, 2012



කලින් පොස්ට් එකට එක එක විදියේ ප්‍රතිචාර සැහෙන්න ප්‍රමාණයක් ලැබුණා. ඒ අතරේ බහුතරයක් අපේ අදහසට පක්ෂව වගේ ම විපක්ෂවත් සමහරු අදහස් දක්වලා තිබුණා. එක් එක් පුද්ගලයාට වෙන වෙනම උත්තර දෙද්දී එක ම ප්‍රශ්නේ නැවත නැවත ගොඩක් අය අහපු නිසා හැම දෙනාම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්නයි මේ පොස්ට් එක දාන්නේ. අපිට විරුද්ධව කමෙන්ට් කරපු කිසිම කෙනෙක් ගැන අපේ පෞද්ගලික තරහක් නෑ.. රාජ්‍ය මාධ්‍ය වලින් අපිට කරන පහර දීම් වල හැටියට සහ අපි ගැන මවලා තියෙන රූපයේ හැටියට ඉතින් මේ තරමින් බේරුනා ඇති.

මේ පනත ගැන විස්තර දැන ගන්න ඕන අයට බලන්න කියලා මම පොස්ට් එකක ලින්ක් එක දුන්නා. ඒත් කමෙන්ට් කරපු ගොඩක් අය ඒ පෝස්ට් එක අවධානයෙන් කියවලා නෑ කියලා හිතෙනවා. එහෙම නැත්නම් තමන් ඒ පිළිබඳව මතයකට එළඹිලා ඒ මතය තුලින් මේ ප්‍රශ්නය දිහා බලලා තියෙනවා කියලා හැඟෙනවා. ඒ හින්දා කරුණාවෙන් ඉල්ලනවා මේ පෝස්ට් එක කියවන්න තම තමන් දාගෙන ඉන්න පාට කණ්නාඩි ඉවත් කරලා විවෘත මනසකින් අපි කියන දේ අහන්න කියලා..

මේ පනත එහෙමත් නැත්නම් Quality Assurance Accreditation and Qualification Framework Bill එක කොටස් දෙකකින් යුක්තයි.

1.උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව,ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලය.(Sri Lanka Qualifications Framework, Quality Assurance and Accreditation Board.)
මේ මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව 11ක්. එයින් දෙදෙනෙක් පත් වෙන්නේ නම් නිල බලයෙන්. ඒ සභාපති-ශ්‍රී ලංකා වෛද්‍ය සභාව(SLMC) සහ සභාපති-ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ ආයතනය(IESL). ඉතිරි 9 දෙනා ම පත් වෙන්නේ දේශපාලන හැකියාවන් මත. දැනට පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරලා පුද්ගලික සහ රජයේ විශ්ව විද්‍යාල සියල්ලේ ම කටයුතු අධීක්ෂණය කරන්නේ මේ මණ්ඩලයෙන්.
මීට අමතරව,
  • උසස් අධ්‍යාපන ආයතන වල තත්වය හා ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරිම
  • උසස් අධ්‍යාපන ආයතන පිළිගැනීම සඳහා ඇමතිවරයාට නිර්දේශ කිරීම
  • ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම හා 
  • සමාගම් පනතින් හෝ අයෝජන මණ්ඩල පනතින් රජයට ඉටු කර ගැනීමට නොහැකි වූ විශ්ව විද්‍යාල සතු දේපල විකිණීමේ හා බදු දීමේ නෛතික බලය මෙම මණ්ඩලය සතු යි.
2.රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සඳහා කොමිසම.


 (Non-State Higher Educational Institutions Council)

  • උසස් අධ්‍යාපනයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන නැතිනම් සංවිධාන ලියාපදිංචි කිරීම
  • එම ආයතන දියුණු කිරීමට ආධාර සැපයීම 
  • අධ්‍යාපනික ප්‍රතිපත්ති වලදී රජයට උපදෙස් දීම  වැනි බලතල රාශියක් මේ සභාව සතු යි.
භයානක ම තත්වය වෙන්නේ 13 ක් වන සාමාජිකයින්ගෙන් සියළු දෙනාම පත්වන්නේ දේශපාලන හැකියාවන්(ජනාධිපති හෝ උසස් අධ්‍යාපන ඇමතිගේ) මත වීම යි.


අපි මොකද මේකට විරුද්ධ වෙන්නේ.. මම එක කරුණක් අරන් පැහැදිලි කරන්නම්. මේ පනතේ පැහැදිලිව තියෙනවා උසස් අධ්‍යාපන ආයතන වල සුදුසුකම් (ranking) සංසන්දනය කිරීම .උසස් අධ්‍යාපන ආයතනවල සුදුසුකම් රාමුව, ප්‍රමිති ආරක්ෂණය හා වරප්‍රධානය කිරීමේ මණ්ඩලයේ වගකීමක් කියලා. මෙතන දී rank කරන්න භාවිත කරන්නේ භෞතික සම්පත් ප්‍රමාණය. එහෙමත් නැත්නම් ඉන්න මහාචාර්ය වරුන් සහ අධ්‍යන කාර්ය මණ්ඩලයේ සුදුසුකම් සහ ප්‍රමාණය. ටිකක් හිතලා බලන්න.. දැනටත් පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉන්න අයට සෑහෙන්න හොඳ පහසුකම් තියෙනවා. ඒ වගේ ම ඒවායේ ඉගැන්වීම් කරන්න ආචාර්ය වරුන් සොයා ගැනීමේ ප්‍රශ්නයක් නෑ. මොකද ඔවුන්ට වැටුප් ගෙවීමේ දී රජයේ විශ්ව විද්‍යාලයක ගෙවන වැටුප වගේ 10 ගුණයක වැඩි වැටුපක් උනත් ගෙවන එක ඒ තරම් ප්‍රශ්නයක් නොවෙන නිසා. ඒත් මම කලින් කිව්වා වගේ අපේ විශ්ව විද්‍යාලය පටන් අරන් අවුරුදු 12 ක් ඉවරයි. මේ 13 වෙනි අවුරුද්ද. තාමත් මහාචාර්ය වරයෙක් නෑ විශ්ව විද්‍යාලයට. තවමත් ලංකාවේ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය රාජ්‍ය විශ්ව විද්‍යාල වල ආධිපත්‍ය යටතේ තියෙන්නේ.. එහෙම වෙලත් අපිට අවශ්‍ය පහසුකම් දෙන්නේ නැත්නම් පෞද්ගලික විශ්ව විද්‍යාල ආවම දේවි ද? එහෙම උනොත් ඉතින් වෙන්නේ ලං.ග.ම. ට උන දේ තමයි. කොහොම හරි මේ හේතු නිසා රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වඩා ඉහල ranks වලට අනිවාර්යයෙන් ම පෞද්ගලික විශ්ව විද්‍යාල එනවා. ඒක නවත්තන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යන්නේ රජයේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් නැති අය. එහෙම අය එලියට එන්නේ රජයේ විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයාට වඩා ඉහල rank එකක් තියෙන විශ්ව විද්‍යාලයකින් උපාධියක්‌ අරන්. එහෙම ආවම රැකියා අවස්ථා ලබා දෙද්දී වැඩි ප්‍රමුඛතාවක් හිමි වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් ආපු ශිෂ්‍යයාට කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. දරුණු ම ප්‍රශ්නේ වෙන්නේ පශ්චාත් උපාධි සඳහා අපේ රටට ලැබෙන ශිෂ්‍යත්ව සම්බන්ධයෙන්. මේ අවසරයෙන් අනිවාර්යයෙන් රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ගානක් විවෘත වෙනවා. ඒ ශිෂ්‍යත්ව ලබා දෙද්දී රජයේ විශ්ව විද්‍යාලයෙන් අඩු පහසුකම් යටතේ ඉගෙන ගන්න ශිෂ්‍යයාට තරඟ කරන්න වෙන්නේ තමන් ලබන පහසුකම් වලට වඩා වැඩි පහසුකම් සහිතව වඩාත් හොඳ ආචාර්ය වරු යටතේ ඉගෙන ගත් අයත් එක්ක. රටකට ශිෂ්‍යත්ව දෙන්නේ ඒ රටේ ශිෂ්‍යයන්ගේ සමස්ත මට්ටම ගැන හිතලා. ලංකාවට මෙච්චරක් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් කියලා.. කෙනෙක්ට කියන්න පුළුවන් ඉතින් උඹලා කියන ඔය මීටර් වලට පුළුවන් නේ ප්‍රයිවට් එවුන් පරද්දලා ඒවා ගන්න කියලා.. පුළුවන්.. ඒත් මේ තත්ත්ව යටතේ එහෙම කරන එක ප්‍රයෝගික නෑ. මොකද එහෙම උනා නම් අද MIT එකෙන් Oxford එකෙන් ලෝකෙට ම පොදුවේ දෙන ශිෂ්‍යත්ව වලට ලංකාවෙන් සෑහෙන්න පිරිසක් ගිහින් තියෙන්න ඕන. අපිට තියෙන පහසුකම් මදි. ඒ නිසා වැඩි පහසුකම් ප්‍රමාණයක් එක්ක ඉගෙන ගන්න වෙන රටවල අය එක්ක තරඟ කරන්න අපිට අපහසුයි. සමහර නවීන උපකරණ අපි දැකලා වත් නෑ. ඒ තරඟයට මුහුණ දීලා ජය ගන්නේ එහෙමටත් කෙනෙක්. ඒ මම කිව්වේ ලෝකයේ ඉහල ම පෙලේ විශ්ව විද්‍යාලයකට යන්න තියෙන තරඟය. එහෙම නොවී රටකට ලැබෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය භාවිත කරලා කෙනෙක් ට පුළුවන් ඉහලට ඉගෙන ගන්න. ඒත් මේ ප්‍රශ්නය නිසා අපේ රටට ලැබෙන ශිෂ්‍යත්වයක් ලබා ගන්නත් අපිට තරඟ කරන්න වෙන්නේ අපිට වඩා වැඩි පහසුකම් යටතේ ඉහල rank එකක් සහිත විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගත්ත අයත් එක්ක. අනෙක විශ්ව විද්‍යාල වලට ප්‍රතිපාදන සහ ශිෂ්‍යත්ව ලබා දෙද්දී rank එක අනිවාර්යයෙන් සැලකිල්ලට ගන්නවා. එහෙම වෙද්දීත් අපිට ලොකු අවාසියක් වෙනවා. අන්තිමට වෙන්නේ සෑහෙන්න මහන්සි වෙලා දුක් විඳලා ඉගෙන ගෙන, ඒ ඉගෙනීම සාර්ථකව කර ගෙන රජයේ විශ්ව විද්‍යාලයකට ආපු  දුප්පත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට වඩා තමන්ගේ දෙමාපියන්ගේ සල්ලි වල බලයෙන් සල්ලිකාර මුදලාලිලාගේ මෝඩ පුත්තුඉහල rank එකක් තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගිහින් වැඩි පිළි ගැනීමක් සහිත උපාධියක්‌ ලබා ගන්න එක.
මේ වෙන තුරු අපිට ඒ ප්‍රශ්නේ තිබුනේ නෑ. මොකද කවුරුවත් SLIIT එක සහ අපේ කොළඹ විශ්ව විද්‍යාලය වත් NIBM එකත් එක්ක ජ'පුර විශ්ව විද්‍යාලය වත් සංසන්දනය කරන්න ගියේ නෑ.. එහෙම කරලා ඒ රජයේ විශ්ව විද්‍යාලය පහළට දැම්මේ නෑ. ඒත් ඉදිරියේදී වෙන්න යන්නේ එකයි. අපි කෑ ගහන්නේ එහෙම කරන්න එපා කියලා.  අපේ උපාධිය අවතක්සේරු කරන්න එපා. අපි එක ගන්න මහා දුක් කන්දරාවක් විඳිනවා.. සමහරු කියනවා අපි වැඩ නොකර පිකට් කරනවා ලු. රටේ සල්ලි අපරාදේ යවනවා ලු. ටිකක් හිතන්න. අද අපි මේ ප්‍රශ්නෙට විරුද්ධ නොවී ඉඳලා මේ පනත සම්මත උණොත්, මේ නාස්ති උනා ට වඩා සම්පත් ප්‍රමාණයක් අපතේ යනවා. ඉන්ජිනේරුවෙක්ට, වෛද්‍යවරයෙක්ට තියෙන ඉල්ලුම අඩු වෙද්දී අපිටත් අපේ කලා උපාධිය ගත්ත සහෝදරයෝ වගේ අපිට රස්සාවල් දියව් කිය කිය පාරවල් ගානේ පිකට් කරන්න වෙයි. අපිට විතරක් නෙවෙයි. හෙට ඉපදෙන්න ඉන්න දරුවොන්ගේ ඉඳන් හැමෝටම..
අපිට මේ අධ්‍යාපනය රැකලා දීපු ත්‍රිමා අයියලා, වෙනුර අයියල ගැන අපි අදටත් කතා කරනවා. එයාලට පිං සිද්ධ වෙන්න අපි තාමත් නොමිලේ ඉගෙන ගන්නවා. ඒ 1983 දී  5/6 ක ජන බලයක් එක්ක ගෙනාපු ධවල පත්‍රිකාව ඒ ජනතාව ම නැගිට්ටවලා පරද්දවපු හින්දා. අද අපේ ඉදිරියේත් ඒ අභියෝගය තියෙනව.අපිට මේකෙන් මහා ලොකු බලපෑමක් වෙන්නේ නෑ. මොකද අපි උපාධිය අරන් යනකම් මේ පනත සම්මත වෙලා පෞද්ගලික උපාධි අරන් යන අය ඒ විශ්ව විද්‍යාල වලින් උපාධිය ගන්නේ නැති නිසා.මේ ප්‍රශ්නේ බලපාන්නේ ලබන අවුරුද්දේ, නැත්නම් ඊළඟ අවුරුද්දේ ඉඳන් එන අයට. අපි කට පියාගෙන හිටියොත් අපෙන් පස්සේ එන එවුන් අපිට කොච්චර නම් සාප කරාවි ද? අපි උන්ගේ අයිතිය නැති වෙනකම් කට පියන් ඉන්න එක සාධාරණ ද? 

රටේ සාමාන්‍ය ජනතාව මේ ප්‍රශ්නය දිහා බලන්නේ මහා කරදර කාරයෝ ටිකක් තවත් කරදරයක් අරන් ඇවිත්, ඒ දිහා බලනවා වගේ. මේ ප්‍රශ්නේ ඔවුන් තේරුම ගන්නේ නැත්නම් අපිට පුළුවන් තරමින් ඒ වෙනුවෙන් දෙයක් කරන එක වැරද්දක් ද? අපි කළේ මේ ප්‍රශ්නේ ගැන හැමෝටම කියන්න උත්සාහ කළ එක. ඒත් අපිට ඒ වෙනුවෙන් ලැබුනේ පොලු පාරවල් සහ කඳුළු ගෑස්. 

පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි. අපි නෑ කියන්නේ නෑ. ඒත් ඒ මේ පිළිවෙලට නෙවෙයි. රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ප්‍රමුඛතාව දීලා ඊළඟට පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන බලන්න. අපිට ඕන කරන දේවල් ගොඩක් තියෙනවා.. ඒ අඩුපාඩු අපිට සම්පුර්ණ කරලා දෙන්න. අපි ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න.. අද ලොකු ලොකු තැන් වල වැජඹෙන බහුතරයක් එහෙමයි. ඒ ක්‍රමය ඉදිරියටත් ආරක්ෂා කරලා දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි. අපි වැරදි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. පිළි ගන්නවා. මොකද අපි තාම කැම්පස් යන පොඩි කොල්ලෝ කෙල්ලෝ.. ඒත් මේ නිදහස් අධ්‍යාපනයට උර දෙන්න ලක්ෂ 10-15 ක මාසික වැටුපක් ගන්න පුළුවන් කම තියන රුපියල් 50,000 ක් වත් පඩි නොගෙන සේවය කරන අපේ ආදරණීය සරසවි ආචාර්ය වරු මේ පනතට විරුද්ධව එක් දිනක සංකේත වර්ජනයක් කරනවා. ඒ රටේ මිනිස්සුන්ගේ ඇස් අරවන්න. අපිත් පෙළපාලියක් යන්න හැදුවා. ඒත් එක නවත්තන්න සිදු උනා. අපිට කරන්න පුළුවන් එච්චරයි.  මේ කරදර කාරයොන්ගේ වැඩක් නෙවෙයි. ඒ වගේ ම අපි කොටිත් නෙවෙයි. අපිත් ඔයාලා වගේ ම අය. ඔයාලා අතරින් ම විශ්ව විද්‍යාලයට තේරිලා ආපු අය.ඒත් මේ ප්‍රශ්නේ අපි දකිනවා. අපි කෑ ගහන්නේ ඔයාලා වෙනුවෙන්. ටිකක් හිතන්න. අපි කරන්නේ වැරද්දක් ද? එහෙම නම් ඒ වැරැද්ද නිවැරදි විය යුතු ආකාරය පෙන්නලා දෙන්න. අපි බොහොම කැමැත්තෙන් පිළි ගන්නවා..



නිදහස් අධ්‍යාපනය සහ මර්දනය අත්වින්දෙමි!

Wednesday, January 11, 2012

ඇක ටිකක් ස්ථාවර තත්වෙකට එනකම් පොස්ට් එකක් දාන්නේ නැතිව ඉන්න තීරණය කරලා හිටියේ. ඒත් අද සිද්ධ වුණු දේවල් නිසා ඒ තීරණය පැත්තකට දාලා පොස්ට් එකක් දාන්න තීරණය කළා. මම මේ කියන්න යන සිද්ධිය මම අද පෞද්ගලිකව අත්වින්ද දෙයක්.

නිදහස් අධ්‍යාපනය කියන වචනය මේ දවස් වල වැඩියෙන් කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙලා. ඒකට හේතුව හත් වෙනිදාට ගෙන එන්නට නියමිත අධ්‍යාපන ප්‍රමිතිකරණ පනත කියලා කාට වත් අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ කියලයි මගේ හැගීම. ඒ මාතෘකාව වෙනම ම කතා කරන්න ඕන එකක්. ඒ හින්දා මේ පෝස්ට් එකේ ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.. ඒ උනත් මගේ පෞද්ගලික මතය නම් එහෙම එකක් ඕන නෑ කියලා. ඒක ඉතින් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සරසවි වරම් ලබපු වගේ ම පොළොවේ පය ගහලා ජීවත් වෙන හැම කෙනෙක්ගේ ම පොදු මතය නේ.

තත්වය එහෙම උනත් මේ ප්‍රශ්නෙදි දේශපාලන පක්ෂ කිසිවක් හරි හමන් විදිහකට විසඳුම් ඉදිරිපත් නොකරන නිසා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විදියට අපි තීරණය කළා මේ පිළිබඳව සමාජය දැනුවත් කරන්න. ඒ ගහ බැන ගෙන නෙවෙයි. සාමකාමී පා ගමනක් ගිහින්.

ඒ සඳහා අපේ සහෝදර පීඨ වලිනුත් සහයෝගය ලැබුණා. සැලසුම් කරලා තිබුනේ අපේ පිරිස සහ වෛද්‍ය පීඨයේ පිරිස කලේගාන හන්දියේ දී එකතු වෙලා ගාල්ලට ගිහින් ගාල්ලෙන් මාතර දක්වා ගිහින් එතන දී අපේ සෙසු පීඨ වල පිරිස සමග එකතු වෙලා සාමකාමී උද්ඝෝෂණයක් කරන්න.එහෙම හිතා ගෙන අපේ පිරිස අද දවල් හපුගල, ඉංජිනේරු පීඨ පරිශ්‍රයෙන් පිටත් වුණා.



පිරිස කලේගාන හන්දියට එද්දී ඉදිරියෙන් සිටි පොලිස් නිලධාරීන් සමුහයකට මුණ ගැහුණා. සාමකාමීව ආපු අපේ පා ගමනට ඒ නිලධාරින් බාධා කළේ කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරයකින්. අපේ සමහර සහෝදරයන් එයින් තුවාල ලැබුවා.ඒ කොහොම වුනත් අපි පෙරලා පහර දුන්නේ නෑ.. අපේ විනය අපි පවත්වා ගත්තා. කියන්න තිබුණු දේවල් එතන දී කිව්වා.අවසානයේ පෙරලා පීඨයට පැමිණියා.



මට කියන්න ඕන උනේ ඒ සිද්ධිය නෙවෙයි. අද අපි වෙනුවෙන් අවි එසවුණේ මේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ම කාකි ඇඳුම දා ගත්ත පිරිසකගෙන්. ඒ වගේ ම ඔවුන්ට ඒ අණ ලැබුනෙත් ඒ විධියට ම නිදහස් අධ්‍යාපනය නිසා ඒ තැනට ගිය අයෙක්ගෙන්. අපි දේශපාලනය කතා කරන්නේ නෑ. මොකද අපට කාට වත් කඩේ යන්න අවශ්‍ය නෑ.. අපි කතා කරන්නේ අපේ රටේ ඉදිරි පරපුරේ අයිතිය ගැන. ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා අපිට ලබා දීපු ඒ වරප්‍රසාදයේ පිහිටෙන් ම අද ඉහල තැන් වල වැජඹෙන අය මුල අමතක කරලා තවත් කෙනෙක් ඒ වරම ලබා ගැනීම වලක්වන කුහක අදහසට විරුද්ධව.

1983 ධවල පත්‍රිකාවට විරුද්ධ වීමේ වරදට අපේ සහෝදරයන්ව ඔළුවට පරාල ඇණ බස්සලා මරලා දැම්මත් ඒ සටන වලක්වන්න බැරි උණා.. ඒ සමාජයේ රැල්ලක් ඇති වූ නිසා. අදත් එවැනි සමාජ රැල්ලක අවශ්‍යතාව තියෙනවා. මේ වගකීම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අතේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. රටේ සමස්ත ප්‍රජාවේ ම අතේ තියෙන දෙයක්. අපි කළේ ඒ පිළිබඳව පොඩි සිහි ගැන්වීමක් විතරයි. අද ඒ වෙනුවෙන් කිසිවෙක් නැගී නොහිටියොත් හෙට ඒ හේතුව නිසා අසාධාරණයට ලක් වන්නේ ඔබේ ආදරණීය නංගී, මල්ලි හෝ දරුවෙක් එහෙමත් නැතිනම් සමහර විට මේ සටහන කියවන ඔබ ම වෙන්නට පුළුවන්.

අද කලබලය අස්සේ මට බොහොම වැදගත් දේවල් ටිකක් අහන්න ලැබුණා. කියපු කෙනෙක් නම් මතකයක් නෑ. ඒත් ඒ අදහස් ටික එකතු කරලා ගත්තම මේ විදියේ දෙයක් කියා වුනේ.

"ඔයාලට පුළුවන් අපිට පහර දෙන්න. ඔයාලා ඒ වෙනුවෙන් පුහුණු වුණු පිරිසක්. බලන්න මුන් දිහා..මේ ඉන්නේ කැම්පස් එකේ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක්.. උන්ගේ අතේ ආයුධ නෑ.. අපි සටනට නෙවෙයි ආවේ. අපි සාමකාමීව අපේ අදහස් ප්‍රකාශ කරන්න ආවේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන්න අපි ආවේ. ඒත් අපිට එරෙහිව අද කඳුළු ගෑස් ගැහුවා. බැටන් වලින් ගැහුවා. ආදරණීය පොලිසියේ නිලධාරී මහත්වරුන්ට අපි කියනවා. ඔයාලා අද මේ ගැහුවේ අපිට නෙවෙයි. ඔයාලගේ ම ආදරණීය දුලා පුතාලට. එයාලා වෙනුවෙන් මේ රටේ ඉගෙනීමේ අයිතිය ආරක්ෂා කරන්න ආපු අපිට.ඒත් ඔයාලා කළේ ඔයාලගේ රාජකාරිය.අපේ තරහක් නෑ."

අපිට එවෙලාවේ පෙරලා පහර දෙන්න තිබුණා. ඒ සඳහා පිරිස් බලය තිබුණා. ඒත් අපේ හැදියාව,හෘද සාක්ෂිය අපිට එහෙම කරන්න දුන්නේ නෑ. රටේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින අපිට ඒ විදියේ තුන්වෙනි පන්තියේ වැඩක් කරන්න හිත හදා ගන්න බැරි වුණා..

තවත් වැදගත් දෙයක් කියන්න අමතක වුණා. මේ ප්‍රශ්නය වෙලාවේ අපේ අයියලා අපිට දීපු සහයෝගය හරිම ප්‍රශංසනීයයි.අපි පිටත් වෙන්න කලින් ඉඳන් අපිට කිව්වා, "මල්ලි, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනොත් අවුල්. ඒ හින්දා උඹලා හිටපල්ලා" කියලා. ඒත් අපි කවුරුවත් ඒකට කැමති වුනේ නෑ. අපේ බල කිරීම හින්ද ම යි ඔවුන් අපිව එක්කගෙන ගියේ. ඒ ගිහින් අපේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සෑහෙන්න කැප වුණා. අපේ ආදරණීය අයියලා අක්කලාට මේ වෙලාවේ ඒ වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා.

තවත් දෙයක්. මේ විදියේ පෝස්ට් එකක් ආයෙත් මට වත් වෙන කාට වත් ලියන්න ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..

ප.ලි.:
මෙච්චර කියලත් සමහර උදවියට තේරුම් ගන්න බැරි දේ ගැන මම පෝස්ට් එකක් දාන්න හිතන් හිටියේ. ඒත් මට කියන්න ඕන කරන දේවල් ටික අපේ සහෝදර මොරටුව විශ්ව විද්‍යාලයේ බ්ලොග් එකේ දාලා තිබුණා.. ඒකත් කියවලා පනතට කඩේ යන අය කතා කරනවා නම් හොඳයි!
මෙන්න ලින්ක් එක: http://efsuuom.blogspot.com/2012/01/blog-post_11.html
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading