Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ජනවාරියේ දී ඇරඹෙයි!

Thursday, October 20, 2011


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන්, වෘත්තීයවේදීන්, සරසවි සිසු සිසුවියන්, පාසල් ගුරුවරුන්, උසස් පෙළ සිසු සිසුවියන් ඇතුළු සිංහල භාෂාව පොදුවේ භාවිතා කරන අයගේ භාෂා භාවිතය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී, බොහෝ දුර්වලතා සහ භාෂාව අවභාවිත කිරීම් නිරීක්ෂණය කල හැකි ය. මෙයට මුලික හේතුව නිවැරදි භාෂා ඥානයක් නොමැති වීමයි.

මෙම ගැටළුව නිරාකරණය උදෙසා සාහිත්‍ය අවබෝධය ගැඹුරු කිරීමේත්,භාෂා නිපුණතාවය වැඩි දියුණු කිරීමේත්, නිර්මාණශීලී කලා ප්‍රකාශන හැකියාව තවත් ඉහලට ගෙන ඒම වෙනුවෙන් වූ භාෂා කලා ඇකඩමියක අවශ්‍යතාව ඇති ව තිබේ.

ශ්‍රී ලාංකේය කවීන් සියලු දෙනාගේ ම කවි ඇතුලත් කාව්‍ය සංග්‍රහයක් එලි දැක්වීමේ අරමුණෙන් පසුගිය දිනෙක එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය දොරට වැඩුණි. ඒ හා බැඳුණු, මගේ අත්දැකීම් පිළිබඳව පෙර ලියූ ලිපියක සඳහන් වුවා ඔබට මතක ඇති බවට සැකයක් නැත. එහි ප්‍රධාන අරමුණ එසේ වුවත්, භාෂාව, සාහිත්‍ය සහ කලාව අධ්‍යයනය සඳහා වන ඇකඩමියක් ආරම්භ කිරීමේ පිඹුරුපත් සැකසීම, එකොළොස්වෙනි පැය කාව්‍ය සංග්‍රහය එලි දැක්වීමේ උත්සවයේ අරමුණක් වූ බව එම කටයුත්තට සහභාගී වූ බොහෝ දෙනා නොදන්නවා විය නොහැක.

මේ වන විට භාෂා සාහිත්‍ය කලා ඇකඩමිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සුදානම් කර අවසන් ය. මෙම ඇකඩමියේ අරමුණ භාෂාව සහ සාහිත්‍ය කලා අවබෝධයෙන් පිරිපුන් නිර්මාණකරුවන්ගෙන් සපිරි නව පරපුරක් මගින් අප රටේ සංස්කතෘතික ජීවිතය සාරවත් කිරීම සහ සුරක්ෂිත කිරීමයි.

2013 වසරේ ජනවාරියේ ඇකඩමියේ අධ්‍යයන කටයුතු ඇරඹීමට සැළසුම් කර තිබේ. ඔබ මේ පණිවුඩය සියළු දෙනා වෙත ගෙන යන්න. ඔවුන් සමග ඔබත් ඊට සම්බන්ධ වන්න. අපි සදා නොවෙනස් මිතුරු මිතුරියන් ලෙස එකට වැඩ කරමු!

මහාචාර්ය සුචරිත ගම්ලත් ප්‍රමුඛ වි‍ශේෂඥ ඇදුරු මඬුල්ලකින් මෙහෙයවෙන, භාෂා සාහිත්‍ය කලා ඇකඩමියෙහි අධ්‍යයන කටයුතු ජනවාරියේදී ඇරඹීමට නියමිත ය. මෙහි පාඨමාලා පහත පරිදි වේ.









පළමු පියවර (ඩිප්ලෝමා)


සම්භාව්‍ය සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, නිර්මාණශීලී සිංහල කථනය හා ලේඛනය, සිංහල සාහිත්‍ය ඉතිහාසය



දෙවන පියවර (උසස් ඩිප්ලෝමා)-


ලෝක සාහිත්‍ය (රුසියානු,ඉංග්‍රීසි,ඉන්දියානු,අප්‍රිකානු) ,භාෂාවේ ඉතිහාසය,කලාවේ ඉතිහාසය, කලා විචාරය



ඉලක්කගත ඉගෙනුම් කණ්ඩායම්


කවි කිවිඳියන්, ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් කලාකාරියන්, මුද්‍රිත-විද්‍යුත් මාධ්‍යකරුවන් මාධ්‍යකාරියන්,සරසවි ඇදුරන් ඇදුරියන්,වෘත්තීයවේදීන් වෘත්තීයවේදිනියන්,සරසවි සිසුන් සිසුවියන්, පාසල් ගුරුවරුන් ගුරුවරියන්, උසස් පෙළ සිංහල සිසු සිසුවියන්,කලා රස වින්දනය අගයන වැඩිහිටියන්.


සති අන්තයේ එක් දිනක් බැගින් කොළඹ දී දේශන පැවැත්වේ. පුළුල් විෂයය සන්ධාරය හේතුවෙන් පාඨමාලා කාලය වසර දෙකකට වඩා වැඩි වනු ඇත.

පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.මේ පාඨමාලාව සම්පූර්ණ කිරීම අනාගතයේදී මාධ්‍ය/කලා/අධ්‍යපාපන ක්ෂේත්‍ර වල,රැකියා සඳහා තෝරා ගැනීමේදීත් ඒවායේ උසස්වීම් දීමේදීත් පිළිගැනෙන ඉහළම සුදුසුකමක් වනු ඇත.

ආසන සීමිත ගනනක් බැවින් ඔබේ අයදුම්පත් නොපමාව එවන්න.
brahaspathi@ymail.com


වැඩි විස්තර සඳහා 

ඉරබටු තරුව

Wednesday, October 19, 2011



ක්ෂිතිජයට ඉහළින් නැගී
කිරි සුදුව දිදුල
වළා කැරලි කළු පැහැ වී
පියා නොසලන වවුලන් සේ
ඊටත් වැඩියෙන් අඳුරු පැහැ වී
තැන් තැන් වල රැඳී
බියකරු වළා කැරලි මැද
නොනිවී දැල්වෙයි එක ම තරුවක්....
නෙක තරු නැගෙද්දී
සැගවෙන්නට අවසර යදියි
ඒ තරුව..
මිලාන වී දිදුලන සුදු පැහැයෙන්
කෙමෙන් කහ පැහැයටත්
අනතුරුව රත් පැහැයටත්
පසුව අඳුරු පැහැයටත්
ලං වී මළානිකව..
කොහෙන්දෝ පා වී ආ අඳුරු රැල්ලක
තරුව සැඟවී නොපෙනී යද්දී
ක්ෂිතිජයේ රැඳී දිදුලන එළි
බියපත් ව ඔබ මොබ
සරන්නට විය..
ගුළි ගැසුණු වළාව යළි
පා වී ගියේය..
එහෙත්..
ඉරබටු තරුව පෙනෙන්නට නොවීය..
තනි වූ මම නික්මුනෙමි
තරු බැස යද්දී
පහන් තරුව වී නැගෙද්දී
හමු වන අභිප්‍රාය ඇතිව...

සෙනෙහස

Friday, October 14, 2011


ඉඩෝරයට හසු වී
පසෙහි රැඳී පැල
කේඩෑරි ව යද්දී
හිත් පිත් නැතිව
නැගී පවුරු හිස
රැඳී හිඳියි..
සෙනෙහසින් ලංවී
එක් කළු ගලක
රැඳී මීවණ පැලයක්
නුහුරු නුපුරුදු බිමෙහි
පවුරු පදනම් නැතිව
හුරු පුරුදු සේයාවෙන්...

නිමිත්ත  :- සරසවි බිමෙහි තනි වූ වියළි ශිඛරයක් හිස රැඳී එක් මීවණයක් දුටිමි...



වෙරළ

Saturday, October 8, 2011


හුදෙකලාවේ වෙරළ දිහා බලාගෙන ඉන්දෙද්දී මට හිතුන අපේ ජීවිතත් හරියට වෙරළ වගේ කියලා..
උදේ ඉදන් දවල් වෙනකම් අහු මුළු වලට වෙලා පෙම් සුව විඳපු පෙම් යුවළවල් දවල් වෙද්දී නික්මිලා යනවා..එතකොට තනි වෙන වෙරළට පුංචි එවුන් ඇවිත් කෙළිදෙලෙන් ගත කරනවා...වෙරළේ තනිකම මකනවා..ඒ වගේ ම ටික ටික හවස් වෙද්දී පවුල් පිටින් ඇවිත් වෙරළ හරිම කලබලකාරී කරනවා..ඒත් ටික වෙලාවකින් ඒ හැමෝම නික්මිලා යනවා..උදේ ඉඳලා නිල් පාට වතුර දිදුලවපු ඉර හෙමින් හෙමින් අවරට යනවා.. ඒත් මහ මුහුදට ම බැඳිලා ඉන්න වෙරළට කවුරු නැතත් ඒ මහ මුහුද ඉන්නවා කියල වෙරළ දන්නවා..මුහුදේ රැළි බිඳෙන්නේ වෙරළේ හැපිලා විතරක් නෙවෙයි..
මුහුද ලඟින් නොඉඳ මුහුදට ගිහින් ඒ පුරාම සැරිසරන නැව් බෝට්ටු වල බඳේ හැපිලා රැළි බිඳිලා ගියත්,මහා උසට නැගුනු රළ වෙරළේ හැපිලා කිරි සුදු පාටට පෙණ නංවද්දී ඒ පෙණ පිඬු සීරුවට වැලි තලාව තෙත් කරලා,ඒ වැල්ලට ම උරා ගන්න බව දන්න හින්දා කවදාවත් ම වෙරළට තනියක් නෑ.. ඒක වෙරළ දන්නවා...
හරියට අපේ ජීවිතත් මේ වගේ නේද??

සමාචාර අභිනන්දන - 2010

Sunday, September 25, 2011


සැඩ ඔය 
අපි තරණය කළෙමු
පහුර සේ නුඹ
අප එතෙර කළ නිසා..

සරුංගල් සේ
මිහිර වින්දෙමු
සුළඟ සේ නුඹ
අප ඉහළ නැංවූ නිසා..

ගගන තරු සේ
දිදුලන්නට වීමු
රෑ අහස සේ නුඹ
අඳුර පැතිරූ නිසා..

නුඹේ දිරියෙන්
අපි විශිෂ්ටයෝ වීමු
සමාචාර අභිනන්දන 
ඒ නිසා....
(සිරිධම්ම විද්‍යාලයෙන් 2010 A/L සමත් ව සරසවි වරම් ලද්දවුන් සිය ප්‍රනාම පුද කිරීමේ උළෙලේ දී ගුරුවරුන්ට පිරිනැමූ සමරුවේ අඩංගු සිතුවිල්ල..)

තනි වී..

Friday, September 16, 2011

Night Gypsy Half Moon


කුරහන් යායට
අටවක පිරිලා
කරල් වැනෙනවා
හඳ පානේ..
තරු නැති පැහැදිළි
හැඩි වී නැති
නිල් ආකාසේ..
එක තනි තරුවක්
බලා හිඳිනවා
හොරෙන් වගේ..
හමනා හුළඟට
හිත හිරි වට්ටන
වෙනදා වාගේ
තනිය දැනේ..
තරුවට සඳ ඇත..
මට අද නුඹ නැත
තරුවට එය
වැටහිලා වගේ...
පා වී ආ කළු
වලාකුලක් මැද
සැඟවී යන්නේ
හොරෙන් වගේ...




















ප.ලි.: තනි වී දැන් ගීතයක් ලෙසින් ශ්‍රවනය කිරීමේ හැකියාව තිබෙනවා.. ඒ සඳහා පහත link එක භාවිත කරන්න..
http://nj-a.net84.net/thaniwee.mp3

පිනි බිඳ..

Sunday, September 11, 2011




ගසක් අතු රිකිලි ලා
මහත් තේජසින්
හාත්පස විහිදී
සිය රිකිලි හිස පැළඳි
මලක් දකිනු රිසින්
ඔබ මොබ සැලෙද්දී
එහි රැඳී එක් පිනි බිඳක්
පත් අගින් ගිලිහී
මහත් වෙහෙසක් දරා
මුල සිප ගනු දුටිම්
මලක් සොයා
වෙහෙසට පත් ගස
සෙමෙන් පිනි බිඳ දෙසට හැරී
පවස සංසිඳුවා ගති..


දිරියෙන් නුඹ..

Thursday, September 8, 2011





කරගැට මතු වී
නුඹේ අත් රළු වී
විඩාව විඳි
වත කමල මිලින වී...
වියලි දෙතොල් අග
සිනහව වියැකී
වයසට වැඩියෙන්
නුඹ වියපත් වී..
දා බිඳු පිසින්න
පමා නොවී නුඹ
දරු දිවි රකින්න
දරනා වීරිය
මතු බුදු වන්නට
පුරනා පෙරුමන් වේවා..




ආදරණිය අක්කේ..

Monday, September 5, 2011






මේ තරම් ආදරෙන්
නුඹ මගේ ළඟ රැඳී..
පෙර යම් භවයක
පුරුදු ලෙසින් අපි
සිනා සලන්නෙමු
දබර වන්නෙමු
වැළඳ ගන්නෙමු
සෙනෙහසින්..
නොවේ කිසියම්
රාග සිතිවිලි
කිම් ද නුඹ මා
සොයුරිය යි...


හම්බන්තොට trip එක

Saturday, September 3, 2011





මම මේ කියන්න යන සිද්ධිය සිද්ධ උනේ 2010 අවුරුද්දේ.. දවස නම් මතක නෑ.ඒත් ඉන්ටර්වල් එකට පස්සේ පීරියඩ් ඒකෙ කියල නම් මතකයි.අපේ පන්තියේ හිටිය කෙල්ලෙක්ට එක පාරට පරණ සීන් එකක් මතක් උනා.එයා දැකපු පත්තරේක තිබුන දෙයක්.තව සති දෙකකින් හම්බන්තොට වරායේ නැව් තටාක වලට වතුර පුරවනවා කියල පත්තරේ තිබුන කියල කිව්වා..ඒක අහපු අපේ කජ්ජා ඒක පාරට ෆෝම් උනා..මිනිහට ඕන උනා හම්බන්තොට යන්න ට්‍රිප් එකක්. අන්තිම පේලියේ එවෙලාවේ හිටියේ 4 දෙනෙක් විතර. මං හිටියේ ඊට ඉස්සරහ පේලියේ.. අපේ වැඩ කරන කොල්ලෝ දෙතුන් දෙනෙක් එවෙලාවේ applied tute එකක් කර කර හිටියා.

ඔය වගේ අදහසක් ආවම අපිට නිකම් ඉන්න බෑ නේ..ඒක හින්ද කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි පිටිපස්සේ පේලි වලට සෙට් උනා..කට්ටිය දැන් කතාව පටන් ගත්තා..plan ඒක කජ්ජා ගෙන්.දැන් දාහක් ප්‍රශ්න.

ඔක්කොටම කලින් එහා පන්තියේ එවුන්ටත් කියපල්ලා.නැත්නම් උන් පස්සේ ට්‍රිප් එක යන්න එන එකක් නෑ.දෙව්මි රිමයින්ඩර් එක දැම්මා..කව්ද එකෙක් ගිහින් එහා පන්තියේ එවුන්ට මොනවා ද කියනවා යන්තම් වගේ ඇහුනා..
දැන් අපි අපේ කතාවට ආයෙත් සෙට් උනා..
යන්න කලින් අවසර ගන්න ඕන නේ.කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම යන හින්ද අනිවා බස් දෙකක යනවා කියල පෙන්නන්න වෙනවා.එකට බස් දෙකක් හොයන්නත් ඕන.ඒ මදිවට කට්ටිය insure කරන්නත් ඕන.
ඔන්න අපේ එවුන්ට ඒ වගේ වෙලාවක මතක් වෙන අපේ ආදරණිය ගුරුතුමිය..මිස් Mට අපේ ගැටලුව යොමු වෙනවා..ඉතින් පුතේ ඔයාල බස් දෙකක යනවා කියලා එක බස් එකක යන්න.insure කරන එක නම් එච්චර අවුලක් වෙන එකක් නෑ.පොඩි ගානයි නේ ඒකට යන්නේ..ඔන්න දැන් කට්ටිය යන්න අවසර ගත්තා.දැන් තියෙන්නේ trip එක යන්න.
යන වෙලාව තීරණය කරන ඒක තමයි ලොකු ම අවුල.කොහොම හරි එකෙක් කිව්වා උදේ 4 ට විතර යමු කියලා. ඒත් කට්ටිය එකට කැමති උනේ නෑ..  අපේ එවුන් (මාත් ඇතුළුව) උදේ පාන්දර නැගිටලා පුරුදු අය හින්දා කොහොමත් ඒක ගැන එච්චර විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නෑ කියල මටත් හිතුනා.. කොහොම හරි කට්ටිය උදේ 5.30 ට මෙහෙන් පිටත් උනා..
ඔන්න දැන් තමයි ලොකුම අවුල..යන්නේ මොකේ ද?? බස් එකක් ඕන නේ..යන්නේ අපේ බස් එකක ද??නැත්නම් පාරේ බස් එකේ ද??කට්ටියට දැන් ලොකු ප්‍රශ්නයක්. හරි යන්නේ නෑ..අපි අපේ බස් එකක යනවා..දැන් වැඩේ ගොඩ..

ඔන්න ඊළඟ ප්‍රශ්නේ..ඉස්කෝලේ බස් එක ගන්නවා ද??නැත්නම් වෙන එකක යනවා ද?එකට ගොඩක් වෙලා කතා වෙලා අන්තිමේ වෙන බස් එකක යන්න තීරණය කළා..

ඔන්න කට්ටිය යන්න කියලා පටන් ගත්තා..ඔන්න යනවා..මග දිගට කට්ටිය සිරි නරඹමින් යනවා..දැන් දවල් වෙලා.එතකොට තමයි මතක් උනේ කට්ටියට කෑම ගෙන්න කියන්න අමතක උනා කියලා.මල කෙලියයි.ඔන්න හැමෝම උදේට කන්න කෑම ගෙන්න ඕන..
එක පාරට ම පන්තිය සද්ද නැති උනා.මෙන්න බලද්දී තඩි බුඩි බොස් පන්තියේ.. කලින් පීරියඩ් දෙක ඉවර වෙලා.දැන් තියෙන්නේ physics.ඔයාල මොකදමේ පිටිපස්සේ පේලි වලට වෙලා කරන්නේ??වැඩක් නැද්ද කර ගන්න??මල කෙලියයි.එක පාරට ම බැටා මගේ දිහා බැලුව."මචං.අන්ශුවා උඹත් එක්ක ශේප් නේ.අද අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා කියල අද පීරියඩ් දෙක දෙන්න කියමු." මටත් තේරුණා මොකක් හරි කරන්න වෙනවා කියලා."සර්.චලනි කියනවා ලබන සතියේ හම්බන්තොට වරායේ ටැංකි වලට වතුර පුරවනවා ලු.ඊට කලින් අවිත් බලන්න කියල පත්තරේ තිබුණා ලු..අපි හැදුවේ මේ ට්‍රිප් එකක් යන්න.ඒ ගැන කතා කර ගන්න මේ පීරියඩ් දෙක දෙන්න පුළුවන් ද??"සර් ට වැඩේ තේරුනා වගේ.."මට නම් කමක් නෑ ඔයාල එහෙම කළාට.ඒත් principal කියල තියෙනවා නේ ඔයාලගේ ඒකක පරීක්ෂණ ටි‍ක ඉවර කරලා ලකුණු එවන්න කියල.මේ වාරෙට තව දෙකක් කරන්න ඕන.අපි අද එකක් කරමු එක පීරියඩ් එකක් අරන්.අනිත් එක ඔයාල ගන්න.කමක් නෑ නේ??"මම කෙලින් ම බැලුවේ කජ්ජා දිහා..ඌ හා කියන්න වගේ ඔලුව වැනුවා.කොහොමත් ඉතින් අපිට වෙන කරන්න දේකුත් නෑ නේ."හා සර්.Thank You සර්."පුරුද්දට වගේ කියල දැම්මා.
ඒ අස්සේ අපේ දෙතුන් දෙනෙක් එලියට ගියා.සර් බලනවා මේ මොකද්ද උනේ කියල.අපේ කතාවට එහා පන්තියේ සෙට් ඒකත් ඇවිත්.ට්‍රිප් එක යන්නේ maths එකේ එවුන් නේ.අපේ පන්තිය විතරක් නෙවෙයි නේ..උන ඇවිත් චැට් ඒකට සෙට් වෙලා..සර් ඇවිත් හින්ද උන් මාරු වෙනවා..
ඒ අතරේ කජ්ජා මොකක් හරි කියනවා.මට තේරුනේ නෑ.මම ටිකක් ලඟට ගිහින් ඇහුවා..
"මොකද්ද මචං??"
"නෑ බං.මතකයි නේ අපි batch trip එක යන්න ගිහින් සර් කෙනෙක් හොයා ගන්න බැරුව වින්ද දුක..අංශුවට කතා කරලා බලපන්.මොරින් මිස් එනව නේ..සර් කෙනෙක් නේ අඩු.."
මම ශේප් එකේ වචනේ දැම්ම..වැඩේ අවවුලක් නෑ වගේ..
"අපි බලමුකෝ.."

ඔන්න වැඩේ ගොඩ.සර් දැන් ප්‍රශ්න ටි‍ක බෝඩ් එකේ දැම්මා.අපේ එවුන් කවදාවත් නැති තරම් ඉක්මනට මෙන්න physics ගණන් හදනවා..සර් හිතුවට වඩා ඉක්මනට කට්ටිය වැඩේ ඉවර කළා.ඔන්න පීරියඩ් එක ඉවර වෙන්න කලින් කට්ටිය උත්තර පත්තර ටික එකතු කරලා සර් ට දුන්න.වැඩේ ගොඩ.ඔන්න සර් ගියා.

කතාව අයෙත් පටන් ගන්න කට්ටිය සෙට් උනා.ඒත් 

"එහා පන්තියේ බුවා.."නිකම් බුවෙක් නෙවෙයි.සෛල බුවා..

"ඉතින් ඒ අයට එන්න විදියක් නෑ නේ.."
"අවුලක් නෑ.අපි කතා කරමුකෝ.."
ඔන්න දැන් කට්ටිය වරායට ගියා කියමුකෝ.. 
දැන් අවුල ඇතුලට යන්න අවසර ගන්න ඕන නේද?ඒක ගන්නේ කොහොම ද?
කොළඹින් ලු අවසර ගන්න ඕන..කවුද එකෙක් කිව්වා.මළා.කවුද ඔව්ව දන්නේ??
කමක් නෑ.අපි ඒකත් කරමුකෝ..
දැන් වැඩේ හරි නේ??ඔන්න එහෙම නම් කට්ටිය යන්නේ කවද ද??

"සතියේ දවසක යමු ඉතින්."
"ඉතින් බුරුවො දවස 7 ම තියෙන්නේ සතියේ නේ??"

"හරි බං.මම කිව්වේ ඉස්කෝලේ තියෙන දවසක යමු කියලා"
ඔන්න ඒක පාරට ම චීනෙක් ඔලුව ඉස්සුවා. උගේ ගානේ උත්තරේ අරගෙන ද කොහෙද..

"ඒක නෙවෙයි බං.උඹලට වෙන වැඩ නැද්ද??තව මස කින් විභාගේ තියෙනවා නේ??හම්බන්තොට පැත්තකින් තියල වැඩක් කර ගනිල්ලකෝ.."
මටත් ටිකක් මල පැන්න උගේ කතාවට.ඇයි යකෝ අපි දමාගෙන ගහපු ප්ලෑන් ඒක අතාරින්න ද මූ කියන්නේ??ඒවා කොහෙද??


"මේ මචං.උඹ යන්නේ නැත්නම් නිකම් හිටපන්.අපි යනවා.උඹ ඔය ගාන ඉවර නම් තව එකක් හදපන්.ගණන නැත්නම් මට කියහන්.මම කැලාගේ ටියුට්‌ එකක් දෙන්නම්."
"මට වැඩ තියෙනවා.උඹ අඩු ගානේ උගේ අර අනුකලනය ටියුට්‌ එක කළා ද බං?? අනිද්දා විමල්ගේ ටියුට්‌ එක දාන්න තියෙනවා.අඩු ගානේ උඹ එක දිග ඇරලා වත් බැලුව ද??නෑ නේ!!ඔන්න ඔය මගුල පැත්තක දාල එයින් එකක් බලා ගනින්.."

ඌ කියපු කතාව ඇත්ත..හදන්න ටියුට්‌ මිටියක් තියෙනවා.ට්‍රිප් තියා යම ලෝකෙට ගියත් විමල්ගේ ටියුට්‌ එක වෙලාවට දැම්මේ නැත්නම් මල කෙලියක් වෙනවා..
අපේ එවුන්ට විභාගේ මතක් උනා විතරයි එක එකා මාරු උනා.අන්තිමට ඉතුරු උනේ මායි කජ්ජයි විතරයි..
මම සද්ද නැතුව ශේප් එකේ අනුකලනය ටියුට්‌ එක එලියට ගත්තා...
පැත්තක හිටපු ඉබ්බෙක් මගේ දිහා බලලා උගේ ගොන් හිනාව දැම්මා..


 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading