Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ආදරණිය අක්කේ..

Monday, September 5, 2011






මේ තරම් ආදරෙන්
නුඹ මගේ ළඟ රැඳී..
පෙර යම් භවයක
පුරුදු ලෙසින් අපි
සිනා සලන්නෙමු
දබර වන්නෙමු
වැළඳ ගන්නෙමු
සෙනෙහසින්..
නොවේ කිසියම්
රාග සිතිවිලි
කිම් ද නුඹ මා
සොයුරිය යි...


හම්බන්තොට trip එක

Saturday, September 3, 2011





මම මේ කියන්න යන සිද්ධිය සිද්ධ උනේ 2010 අවුරුද්දේ.. දවස නම් මතක නෑ.ඒත් ඉන්ටර්වල් එකට පස්සේ පීරියඩ් ඒකෙ කියල නම් මතකයි.අපේ පන්තියේ හිටිය කෙල්ලෙක්ට එක පාරට පරණ සීන් එකක් මතක් උනා.එයා දැකපු පත්තරේක තිබුන දෙයක්.තව සති දෙකකින් හම්බන්තොට වරායේ නැව් තටාක වලට වතුර පුරවනවා කියල පත්තරේ තිබුන කියල කිව්වා..ඒක අහපු අපේ කජ්ජා ඒක පාරට ෆෝම් උනා..මිනිහට ඕන උනා හම්බන්තොට යන්න ට්‍රිප් එකක්. අන්තිම පේලියේ එවෙලාවේ හිටියේ 4 දෙනෙක් විතර. මං හිටියේ ඊට ඉස්සරහ පේලියේ.. අපේ වැඩ කරන කොල්ලෝ දෙතුන් දෙනෙක් එවෙලාවේ applied tute එකක් කර කර හිටියා.

ඔය වගේ අදහසක් ආවම අපිට නිකම් ඉන්න බෑ නේ..ඒක හින්ද කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි පිටිපස්සේ පේලි වලට සෙට් උනා..කට්ටිය දැන් කතාව පටන් ගත්තා..plan ඒක කජ්ජා ගෙන්.දැන් දාහක් ප්‍රශ්න.

ඔක්කොටම කලින් එහා පන්තියේ එවුන්ටත් කියපල්ලා.නැත්නම් උන් පස්සේ ට්‍රිප් එක යන්න එන එකක් නෑ.දෙව්මි රිමයින්ඩර් එක දැම්මා..කව්ද එකෙක් ගිහින් එහා පන්තියේ එවුන්ට මොනවා ද කියනවා යන්තම් වගේ ඇහුනා..
දැන් අපි අපේ කතාවට ආයෙත් සෙට් උනා..
යන්න කලින් අවසර ගන්න ඕන නේ.කෙල්ලොයි කොල්ලොයි දෙගොල්ලොම යන හින්ද අනිවා බස් දෙකක යනවා කියල පෙන්නන්න වෙනවා.එකට බස් දෙකක් හොයන්නත් ඕන.ඒ මදිවට කට්ටිය insure කරන්නත් ඕන.
ඔන්න අපේ එවුන්ට ඒ වගේ වෙලාවක මතක් වෙන අපේ ආදරණිය ගුරුතුමිය..මිස් Mට අපේ ගැටලුව යොමු වෙනවා..ඉතින් පුතේ ඔයාල බස් දෙකක යනවා කියලා එක බස් එකක යන්න.insure කරන එක නම් එච්චර අවුලක් වෙන එකක් නෑ.පොඩි ගානයි නේ ඒකට යන්නේ..ඔන්න දැන් කට්ටිය යන්න අවසර ගත්තා.දැන් තියෙන්නේ trip එක යන්න.
යන වෙලාව තීරණය කරන ඒක තමයි ලොකු ම අවුල.කොහොම හරි එකෙක් කිව්වා උදේ 4 ට විතර යමු කියලා. ඒත් කට්ටිය එකට කැමති උනේ නෑ..  අපේ එවුන් (මාත් ඇතුළුව) උදේ පාන්දර නැගිටලා පුරුදු අය හින්දා කොහොමත් ඒක ගැන එච්චර විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නෑ කියල මටත් හිතුනා.. කොහොම හරි කට්ටිය උදේ 5.30 ට මෙහෙන් පිටත් උනා..
ඔන්න දැන් තමයි ලොකුම අවුල..යන්නේ මොකේ ද?? බස් එකක් ඕන නේ..යන්නේ අපේ බස් එකක ද??නැත්නම් පාරේ බස් එකේ ද??කට්ටියට දැන් ලොකු ප්‍රශ්නයක්. හරි යන්නේ නෑ..අපි අපේ බස් එකක යනවා..දැන් වැඩේ ගොඩ..

ඔන්න ඊළඟ ප්‍රශ්නේ..ඉස්කෝලේ බස් එක ගන්නවා ද??නැත්නම් වෙන එකක යනවා ද?එකට ගොඩක් වෙලා කතා වෙලා අන්තිමේ වෙන බස් එකක යන්න තීරණය කළා..

ඔන්න කට්ටිය යන්න කියලා පටන් ගත්තා..ඔන්න යනවා..මග දිගට කට්ටිය සිරි නරඹමින් යනවා..දැන් දවල් වෙලා.එතකොට තමයි මතක් උනේ කට්ටියට කෑම ගෙන්න කියන්න අමතක උනා කියලා.මල කෙලියයි.ඔන්න හැමෝම උදේට කන්න කෑම ගෙන්න ඕන..
එක පාරට ම පන්තිය සද්ද නැති උනා.මෙන්න බලද්දී තඩි බුඩි බොස් පන්තියේ.. කලින් පීරියඩ් දෙක ඉවර වෙලා.දැන් තියෙන්නේ physics.ඔයාල මොකදමේ පිටිපස්සේ පේලි වලට වෙලා කරන්නේ??වැඩක් නැද්ද කර ගන්න??මල කෙලියයි.එක පාරට ම බැටා මගේ දිහා බැලුව."මචං.අන්ශුවා උඹත් එක්ක ශේප් නේ.අද අපි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරනවා කියල අද පීරියඩ් දෙක දෙන්න කියමු." මටත් තේරුණා මොකක් හරි කරන්න වෙනවා කියලා."සර්.චලනි කියනවා ලබන සතියේ හම්බන්තොට වරායේ ටැංකි වලට වතුර පුරවනවා ලු.ඊට කලින් අවිත් බලන්න කියල පත්තරේ තිබුණා ලු..අපි හැදුවේ මේ ට්‍රිප් එකක් යන්න.ඒ ගැන කතා කර ගන්න මේ පීරියඩ් දෙක දෙන්න පුළුවන් ද??"සර් ට වැඩේ තේරුනා වගේ.."මට නම් කමක් නෑ ඔයාල එහෙම කළාට.ඒත් principal කියල තියෙනවා නේ ඔයාලගේ ඒකක පරීක්ෂණ ටි‍ක ඉවර කරලා ලකුණු එවන්න කියල.මේ වාරෙට තව දෙකක් කරන්න ඕන.අපි අද එකක් කරමු එක පීරියඩ් එකක් අරන්.අනිත් එක ඔයාල ගන්න.කමක් නෑ නේ??"මම කෙලින් ම බැලුවේ කජ්ජා දිහා..ඌ හා කියන්න වගේ ඔලුව වැනුවා.කොහොමත් ඉතින් අපිට වෙන කරන්න දේකුත් නෑ නේ."හා සර්.Thank You සර්."පුරුද්දට වගේ කියල දැම්මා.
ඒ අස්සේ අපේ දෙතුන් දෙනෙක් එලියට ගියා.සර් බලනවා මේ මොකද්ද උනේ කියල.අපේ කතාවට එහා පන්තියේ සෙට් ඒකත් ඇවිත්.ට්‍රිප් එක යන්නේ maths එකේ එවුන් නේ.අපේ පන්තිය විතරක් නෙවෙයි නේ..උන ඇවිත් චැට් ඒකට සෙට් වෙලා..සර් ඇවිත් හින්ද උන් මාරු වෙනවා..
ඒ අතරේ කජ්ජා මොකක් හරි කියනවා.මට තේරුනේ නෑ.මම ටිකක් ලඟට ගිහින් ඇහුවා..
"මොකද්ද මචං??"
"නෑ බං.මතකයි නේ අපි batch trip එක යන්න ගිහින් සර් කෙනෙක් හොයා ගන්න බැරුව වින්ද දුක..අංශුවට කතා කරලා බලපන්.මොරින් මිස් එනව නේ..සර් කෙනෙක් නේ අඩු.."
මම ශේප් එකේ වචනේ දැම්ම..වැඩේ අවවුලක් නෑ වගේ..
"අපි බලමුකෝ.."

ඔන්න වැඩේ ගොඩ.සර් දැන් ප්‍රශ්න ටි‍ක බෝඩ් එකේ දැම්මා.අපේ එවුන් කවදාවත් නැති තරම් ඉක්මනට මෙන්න physics ගණන් හදනවා..සර් හිතුවට වඩා ඉක්මනට කට්ටිය වැඩේ ඉවර කළා.ඔන්න පීරියඩ් එක ඉවර වෙන්න කලින් කට්ටිය උත්තර පත්තර ටික එකතු කරලා සර් ට දුන්න.වැඩේ ගොඩ.ඔන්න සර් ගියා.

කතාව අයෙත් පටන් ගන්න කට්ටිය සෙට් උනා.ඒත් 

"එහා පන්තියේ බුවා.."නිකම් බුවෙක් නෙවෙයි.සෛල බුවා..

"ඉතින් ඒ අයට එන්න විදියක් නෑ නේ.."
"අවුලක් නෑ.අපි කතා කරමුකෝ.."
ඔන්න දැන් කට්ටිය වරායට ගියා කියමුකෝ.. 
දැන් අවුල ඇතුලට යන්න අවසර ගන්න ඕන නේද?ඒක ගන්නේ කොහොම ද?
කොළඹින් ලු අවසර ගන්න ඕන..කවුද එකෙක් කිව්වා.මළා.කවුද ඔව්ව දන්නේ??
කමක් නෑ.අපි ඒකත් කරමුකෝ..
දැන් වැඩේ හරි නේ??ඔන්න එහෙම නම් කට්ටිය යන්නේ කවද ද??

"සතියේ දවසක යමු ඉතින්."
"ඉතින් බුරුවො දවස 7 ම තියෙන්නේ සතියේ නේ??"

"හරි බං.මම කිව්වේ ඉස්කෝලේ තියෙන දවසක යමු කියලා"
ඔන්න ඒක පාරට ම චීනෙක් ඔලුව ඉස්සුවා. උගේ ගානේ උත්තරේ අරගෙන ද කොහෙද..

"ඒක නෙවෙයි බං.උඹලට වෙන වැඩ නැද්ද??තව මස කින් විභාගේ තියෙනවා නේ??හම්බන්තොට පැත්තකින් තියල වැඩක් කර ගනිල්ලකෝ.."
මටත් ටිකක් මල පැන්න උගේ කතාවට.ඇයි යකෝ අපි දමාගෙන ගහපු ප්ලෑන් ඒක අතාරින්න ද මූ කියන්නේ??ඒවා කොහෙද??


"මේ මචං.උඹ යන්නේ නැත්නම් නිකම් හිටපන්.අපි යනවා.උඹ ඔය ගාන ඉවර නම් තව එකක් හදපන්.ගණන නැත්නම් මට කියහන්.මම කැලාගේ ටියුට්‌ එකක් දෙන්නම්."
"මට වැඩ තියෙනවා.උඹ අඩු ගානේ උගේ අර අනුකලනය ටියුට්‌ එක කළා ද බං?? අනිද්දා විමල්ගේ ටියුට්‌ එක දාන්න තියෙනවා.අඩු ගානේ උඹ එක දිග ඇරලා වත් බැලුව ද??නෑ නේ!!ඔන්න ඔය මගුල පැත්තක දාල එයින් එකක් බලා ගනින්.."

ඌ කියපු කතාව ඇත්ත..හදන්න ටියුට්‌ මිටියක් තියෙනවා.ට්‍රිප් තියා යම ලෝකෙට ගියත් විමල්ගේ ටියුට්‌ එක වෙලාවට දැම්මේ නැත්නම් මල කෙලියක් වෙනවා..
අපේ එවුන්ට විභාගේ මතක් උනා විතරයි එක එකා මාරු උනා.අන්තිමට ඉතුරු උනේ මායි කජ්ජයි විතරයි..
මම සද්ද නැතුව ශේප් එකේ අනුකලනය ටියුට්‌ එක එලියට ගත්තා...
පැත්තක හිටපු ඉබ්බෙක් මගේ දිහා බලලා උගේ ගොන් හිනාව දැම්මා..


ආතල් අවුරුදු දෙකහමාර.. (හඳුන්වා දීම)

Friday, September 2, 2011




හැමදාම කවි ම ලියන ඒක ගැන සමහරු මට ලෙඩේ දානවා..එක එක සවුත්තු කතා කියනවා.මොකක් හරි ආතල් කතාවක් කියන්න කියල ඉල්ලීම් ගොඩක් ආවා.මම දන්නේ නෑ මට ඒ වගේ කතා ලියන්න පුළුවන් ද බැරි ද කියලා.ඒත් නිකමට පොඩි උත්සාහයක් දෙන්නම්..

මේ කියන්න හදන්නේ කතාවක්..ඒක ඇත්ත නේ..මොන මෝඩයට ද මෙහෙම කියද්දී මේක කවියක් කියලා හිතෙන්නේ??කමක් නෑ..ඔන්න මේ මෝඩයා ඒක එතන ඉඳං ම කියන්න හදන්නේ..ඇත්තට ම මේක මගේ කතාව..මගේ කිව්වට අපේ, ඒ කියන්නේ සිරිධම්මේ 2010 A/L Batch එකේ කතාව..

කවි ලියන ඒකෙන ටික දවසකට ඈත් වෙලා මේ කතාව කියන්න යන ඒක ගැන කාගේ වත් අමනාපයක් තියෙනවා නම් පටන් ගන්න කලින් ම කියන්න..මේ කතාව කියනවද නැද්ද කියන ඒක තීරණය වෙන්නේ ඔයාලගේ comments මත.

තව එකක්..කතාව අබ්ලික් වගේ නම් ඒකත් මට කියන්න හොඳේ!!



පින් මදි වී නුඹ..

යන්තමින් තද කර ගත්
අතැඟිලි නොවන්නට
සුළඟට හසු වී
ඉවතට විසි වන
දුහුල් සළුවට
දෙවුර මුවාකර
හිරිකඩින් පෙඟී
ඇඟට ම ඇලවුණු
කඩමලු දවටා
කඩ පිලෙන් නික්මී
යහනකට ගුලි වන්නට
පින් මදි වුයේ
වැදු පුතුන් හට
නුඹ අමතක වී ද?
අක්කණ්ඩියේ...




කම්මලේ බල්ලා..

Tuesday, August 30, 2011


උදේ ඉඳලා
හවස් වෙනකම්
අතෝරක් නැති
මහා හඬ මැද
සුවෙන් සැතපී
නිදන අපූරුව..
නුඹේ ගොරහැඩි
වදන් අහලා
හේතුවක් නැති
බැනුම් විඳලා
පුදුමයක් නෑ
මටත් පුළුවන්
නොදැනුනා වාගේ
කම්මලේ බල්ලාට...


ආයෙමත් හිනැහෙන්න..

Monday, August 29, 2011



ගඟක් සේ නොගැලුවත්
යන්තමින් නෙත් තෙමන
කඳුළු බින්දු එක කරන්
මතකයන් අමතන්න..

සුසුම් පොදි මහ ගොඩක්
හද බරින් හෙලුනාට
හිනැහෙන්න ඒ වගේ
ආයෙමත් ලස්සනට..

ජීවිතේ ලස්සනයි
ආදරෙන් විඳ ගන්න
තව ටිකක් ලංවෙලා
ලස්සනට හිනැහෙන්න..

අහසට පොළොව සේ..

ගිම්හානයේ
චණ්ඩ හිරු රැසින්
වියළි සුළඟින්
කර්කශ මහ පොළොවට..
වස්සානයේ
සිහිල් දිය බිඳු වැටී
මිහිකත සනහාලමින්
නිම්න දිගේ ගලද්දී..
අහසට පොළොවත්
පොළොවට අහසත්
නැතිව බැරි බව
තේරුම් ගනීවි
මුළු ලෝකයා ම..

වෙන් වෙලා ගිය හිත් ආයෙමත් එක් කරන්..

Sunday, August 28, 2011

කප්පරක්
තරම් නැති
පැතුම් එක් කර
පොදි බැඳන්..

සිත්තමක්
විලස දුටු
ආදරෙන්
සමු අරන්..

වෙන් වෙලා
ගිය හිත්
ආයෙමත්
එක් කරන්..

සොඳුරු දිවියක
අරුත් විසඳමු
අපේ දිවියට
ළං කරන්..

නුඹ..



ලිහිනියෙක් පියාඹයි
අහස් කුස පුරාවට..
මන්දාරමේ අඳුර මැද
බියක් නැති විලාසෙන්..

සිසිල මැද,
නුහුරු වූ උණුසුමෙන්
හද තවයි නුඹ
සෙනෙහසින් අමතමින්..




කවිය නුඹ..

Thursday, August 25, 2011




කවිය නුඹ..
වදන් අමුණා,
අරුත් ගළපා,
කෙමෙන් නිමැවූ...


අහස නුඹ..
සුසුදු වළා ගැබ,
අතුල පිනි බිඳු,
සොමි දියෙන් නැහැවූ..



Bless Blue Moon Clouds
 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading