කප්පරක් දුක් පිරුණු - ඇස් අඬන හදවතට
තත්පරත් හිත බිඳින - හීනයක් දිග වැඩිද
තුරුළු වී උන්නාට - සීතලට තනි රැයක
උණු කඳුළු ඇස් තවන - මේ තරම් මට කුමට
හීනියට ඇස් අරින - හීනයක දැවටෙන්න
මල් පිරුණු සිහිනයක - තුහිනයක පැටලෙන්න
හිත් නොබිඳි ප්‍රේමයක - මල් සරය විඳ ගන්න
නුඹ එන්න සීරුවට - ඒ වරම මට දෙන්න
ලෝකෙත් එක්ක හැප්පෙන්න යන ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකකට ඔබෙන් උදව්වක් ඕන!!
Saturday, August 15, 2015
ලෝකයේ රටවල් 127ක් සාමාජිකත්වය දරන, බ්‍රිතාන්‍යයේ, ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සැළකෙන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැවැන්ත ම සංවිධාන කිහිපයෙන් එකක් විදිහටයි. Institution of Engineering and Technology, එහෙමත් නැතිනම් IET ලෙස මේ ආයතනය හඳුන්වනවා.
මෙම ආයතනය වාර්ෂිකව IET Global Challenge නමින් තරඟයක් සංවිධානය කරනවා. ඉංජිනේරු ක්ෂේත්‍රයේ සියලු ම දෙනාට විවෘත මෙම තරඟය සඳහා IET හි සාමාජිකත්වය දරන ඕනෑ ම රටකින් කණ්ඩායම් ඉදිරිපත් විය හැකියි. මේ තරඟයේ දි, තරගකරුවන්ට යම් කිසි ගැටළුවක් සඳහා විසඳුමක් සෙවීමට භාර දෙනවා. මේ සොයන විසඳුම තාක්ෂණික එකක් වීම අවශ්‍යයි. ලෝකය පුරා කණ්ඩායම් වලින් ඉදිරිපත් වන සැලසුම් අධ්‍යනය කිරීමෙන් පස්සේ, හොඳ ම විසඳුම් හතරක් අවසන් වටය සඳහා තෝරා ගැනෙනවා. එයිනුත් හොඳ ම කණ්ඩායම අවසන් වටයේ තරඟයෙන් තෝරා ගැනෙනවා.
මෙම වසරේ IET Global Challenge 2015 තරඟයේ අවසාන වටයේ තරඟය මේ දිනවල පැවැත්වෙනවා. නිර්මාණාත්මක ඉංජිනේරු සැලසුම් තරඟයක් වන මෙහි, මෙවර ඉලක්කය වුයේ Laptop පරිගණක සඳහා වඩාත් හොඳ තත්වයේ cooling pad එකක් නිර්මාණය කිරීමයි. අවසාන වටය වෙනුවෙන් තරඟකරුවන් විසින් ඉදිරිපත් කරන ලද විඩියෝ පටයන්ගේ ඇගයීම් කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. (මෙම විඩියෝ පටය සඳහා ලබා ගන්නා මනාප වෙනුවෙන් මුළු ලකුණු සංඛ්‍යාවෙන් කොටසක් ලබා දෙනවා.)
රටවල් 127ක කණ්ඩායම් අතරින්, මුලික වටයේ තරඟ වලින් අනතුරුව තෝරා ගත් කණ්ඩායම් 4ක් මෙම අවසන් වටය සඳහා ඉදිරිපත් වනවා.
අපට මේ තරඟය විශේෂ වන්නේ අවසන් වටය නියෝජනය කරන බ්‍රිතාන්‍යයේ සහ ඉන්දියාවේ කණ්ඩායම් අතරට අපේ පුංචි ශ්‍රී ලංකාවෙනුත් කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙන නිසයි.
අරුණැල්ල ලියන මමත්, තිදෙනෙකුගෙන් යුත් මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්. :)
අවසන් තරගය ජයග්‍රහණය කරන්න අපිට අරුණැල්ල කියවන හැමෝගෙම සහයෝගය අවශ්‍යයි. අපි වෙනුවෙන් මනාපය පල කිරීමට ඔබටත් පුළුවන්. ඔබ කළ යුත්තේ මේ ලින්ක් එක වෙත යාමයි.
ඉන් පස්සේ, මේ පියවර ටික අනුගමනය කරන්න.
1. පළමුව, දකුණු පස ඉහළ කෙළවර ඇති Log In බොත්තම තද කරන්න.
2. ඔබට IET ගිණුමක් ඇත්නම් ඒ හරහා පිවිසෙන්න. නැතිනම් එතැනින් ම, පහසුවෙන්, නොමිලේ ම ගිණුමක් සාදා ගැනීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
3. ලින්කුවේ ඇති වීඩියෝව නරඹන්න.
4. like emoticon ලකුණ තද කර, ඔබගේ මනාපය ශ්‍රී ලංකාව නියෝජනය කරන එක ම කණ්ඩායම වන අපට ලබා දෙන්න.

ශ්‍රී ලංකාව කියන්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ දැවැන්ත රටක් නෙවෙයි. තාක්ෂනය අතින් අපි ඉන්නේ බොහොම පිටුපසින්. ඒ වගේ තත්වයක් යටතේ මේ විදියේ ජයග්‍රහණයක් ලබා ගන්න එක, තාක්ෂනය අතින් බොහොම ඉදිරියෙන් ඉන්න රටවල් එක්ක තරග කරන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි. අපි අපේ උපරිමය කළා. මේ තරගය දිනන්න අපිට ඔබේ උදව් ඕනෑ. ටිකක් වෙලාව ගත වෙනවා මේ විදියට මනාපය පළ කරද්දී. නමුත් ඔබ ලබා දෙන සහයෝගය අපට ගොඩක් වටිනවා. පුළුවන් නම් අපට උදව් කරන්න.
ජය වේවා!
සඳ දිය වී සුනිල දියේ - අහස යටින් ඉරක් පිපේ
Saturday, November 8, 2014
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ මට මග නොහැරේ.
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ..
මල් පිබිදී හදගිස්සේ
කොඳ සිතුවිලි ලිහී වැටේ
පියුම් පිපී සිතුම් විලේ
මුවරද මුසු පවන් රොදේ
සුවඳ දැනේ ආදරේ...
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ..
වන වදුලේ තුරු අතරේ
කඳු අතරේ නිම්න දිගේ
ගං තීරේ රැළි අතරේ
සිත් පත්ළේ නිසන්සලේ..
සැගව තිබේ ආදරේ..
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ නුඹේ මග නොහැරේ
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ...
ගායනය : නෙත්මි දසනායක / උමේෂ් දිසානායක
පද රචනය : වර්ෂා රණසිංහ / නජාත් අක්රම්
තනුව : සුසිත චාමිකර
සංගීතය : යහජ කල්හාර
ශ්‍රව්‍ය සංකලනය : ධනුෂ්ක ලියනගේ
නිරුපණය : අමන්දා අබේසුරිය / නජාත් අක්රම්
රූප රචනය සහ අධ්‍යක්ෂණය : සුරම්‍ය අමල්
කැමරාකරණය සහ සංස්කරණය : තේජාන් ආරියරත්න

දහම් සදහම් ගැටුම
Monday, June 16, 2014
වසන්තය අග - ගිම්හානයට පෙර
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත
සබඳ, මතක ද අඳ කුඹුර ළඟ
මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස
අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය
ඇගේ දෑස මිස,
නම මතක නැත...
ඇනිකට් එක ළඟ මාළු නටන තැන
සිනාසුණු තන්ගමනි මතක ද?
පුංචි රතු මොට්ටුව
තියා නළලත
පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..
දහම් සදහම් ගැටෙන විට
නෑකම් අමතක ද නුඹට
එක පත බෙදා ගත් මිනිසුන්
එදිරි වී එයි අවි අමෝරාගෙන..
වැව් බැම්ම උඩ පන්දු කෙළින තැන
රාඝවන් නැත මොහොමඩ් ද අද නැත
පාළු කතරකි සිනා හඬ නැති
දවන දුහුවිලි සුළඟපමණ ය..
සුදු වැලි අතුල මාවත කෙළවර
රතු ලේ තැවරුණු පාට මැකී ගිය
හිසෙන් ගිලිහුණු පිච්ච මලක් ඇත
පොසොන් සඳ මැකී
රාමලාන් සඳ නැගෙන විට
බිම බලා ගත් පලු ගසක් යට....
පිපුණු කුසුම් වල වස මුසු ව ඇත
මකරන්ද සුළඟේ එතෙන විට
සුවැති මද නල නුඹ නසනු ඇත
සබඳ, මතක ද අඳ කුඹුර ළඟ
මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස
අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය
ඇගේ දෑස මිස,
නම මතක නැත...
ඇනිකට් එක ළඟ මාළු නටන තැන
සිනාසුණු තන්ගමනි මතක ද?
පුංචි රතු මොට්ටුව
තියා නළලත
පිච්ච මල් වැල් හිස පැළඳු ඇය..
දහම් සදහම් ගැටෙන විට
නෑකම් අමතක ද නුඹට
එක පත බෙදා ගත් මිනිසුන්
එදිරි වී එයි අවි අමෝරාගෙන..
වැව් බැම්ම උඩ පන්දු කෙළින තැන
රාඝවන් නැත මොහොමඩ් ද අද නැත
පාළු කතරකි සිනා හඬ නැති
දවන දුහුවිලි සුළඟපමණ ය..
සුදු වැලි අතුල මාවත කෙළවර
රතු ලේ තැවරුණු පාට මැකී ගිය
හිසෙන් ගිලිහුණු පිච්ච මලක් ඇත
පොසොන් සඳ මැකී
රාමලාන් සඳ නැගෙන විට
බිම බලා ගත් පලු ගසක් යට....
වියැළුණු සිතක්
Wednesday, May 14, 2014
හිරුට පෙම් බැඳී - කතරක් මිහි ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි
කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති
පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති
නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති
කිසිවෙකුත් තව - පය ගසා නැති
දුඹුරු පැහැ වුණු - කොළ තුනක් ඇති
පතොක් ගසුත් පණ ගසනවා සකි
කටුක ගිරි හිස - වලාකුළු ඇති
සොඳුරු වැස්සක - පැතුම් පිරී ඇති
විටින් විට වැහි - වැටෙනවා ඇති
හැඟුම් ළපටි දළු - දමනවා ඇති
පතොක් ගස් යට - මිණි ද බොහෝ ඇති
පෙම්වත් යුගයක - වැටුණු කඳුළු ඇති
විෂ පතොක් කටු - ඇනුණු සිදුරු ඇති
බිඳුණු සිහිනවල - කැබලි ද එහි ඇති
නියගෙටත් නොසිඳෙන - උල්පතක් ඇති
උණුසුම් කඳුලැලි - ඉන් උනනවා ඇති
මකා දමනු රිසි - කඳුලැලි සිත ඇති
නිහඬ රැයක සඳ - නැගෙනවා ඇති
සඳ - හිරු - තරු
Wednesday, April 30, 2014
සඳ නැගෙන විට - සඳේ තනියට
සිය ගණන් තරු මැවෙනවා
නිල් ගුවන් තෙර - අඳුරු මුලුවල
තරු යුවළ පෙම් කරනවා
හිරු නැගෙන විට - සඳට පෙම් කළ
තරු එකින් එක මැකෙනවා
තරු නැතත් ලොව - එළිය වනු දැක
නිරාමිස සුව විඳිනවා
සෙනගක තනි වී - තරු මතක් වී
හිරු ද කඳුලැලි හෙලනවා
හෙලන සුසුමන් - නගන කඳුලැල්
අඳුරු වලාවල රැඳෙනවා
තවත් මොහොතක - හිරු ද ඉඳහිට
සඳට රහසින් නැගෙනවා
සඳුත් නොදැන ම - බියපත් තරු රල
හිරු නොදැක ම මැකෙනවා
සඳුට රහසේ - හිරුට පෙම් කළ
පහන් තරුවක් තිබෙනවා
හිරුගේ තනියට - තවම ඉඳ හිට
අලුයම් අහසේ නැගෙනවා..
අහවර පෙමක්
Tuesday, March 11, 2014
උණා සළු පිළි සේද - මුදා රන් හසගන
නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන
දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත
පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග
ඕ නොදන්නී ය - කවියක් වන වග
මිහිරි මතකය - එක් සොඳුරු යුගයක
ප්‍රේමය මළ තැන - හර බැර එක් කර
හැඟුම් විකිණෙයි - ගඳඹ සිතක් ළඟ
සයුර හඬන තැන - අඳුරු වලා මැද
රිදී ඉරක් විය - මැවෙන මැකී යන
ගල් දෙබොක්කාවක - රළ මැරෙන තැන
වැටකෙයියා කටු ඇණී - මියැදුණේ ය අපේ ප්‍රේමය
එහෙන් මෙහෙන් එකිනෙක අහුලා ගෙන
දුහුවිලි පිහිදා අත්ලෙහි ගුලි කල
පිළිවෙළක් නැති හැඟුම් පොදි ඇත
පෙමක් නැතත් එහි රතියක් ශේෂ ය
දුම්රියේ දී ඇය ව දුටුවෙමි!
Thursday, January 9, 2014
දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ...
මෙම දුම්රිය නවත්වන්නේ, කැළණිය,දෙමටගොඩ........!!
විඩා පත් වුණු මුහුණු අතරින්
දුටුවෙමි ඇගේ හැගීම් විරහිත වුවන
හඳුනා ගතිමි ඒ නෙත් යුවළ
පෙර කාන්තිය තවත් නොරැඳුන..
මෙතෙක් කල් මා නුදුටු ඒ රුව
සිහිනයක රැඳී අපැහැදිලි රුව
නිමක් නැති දුක් වින්ද ඇය' රුව
දිගු රැයක සිත හඬවන ඒ රුව
කඳුළු වියලුණු එහෙත් හැඟුම්බර
යළිත් කඳුළට ඉඩක් නොතබන
ශක්තිමත් ඇය - එහෙත් දුර්වල
අසල උන්නී ය - මට ඉගැන්වූ ඇය..
නොබලා යන්නී නෙතින් මා දෙස
හැඬුම් වීසි කර හඬක් නොඑන ලෙස
බෙදා කඩදහි පුරුදු ලෙසින් ඇය
ගතු නොකීවා බැල්මකින් වත් මට...
'මා දරුවන් දෙදෙනෙකුගේ මවක් මි.'
නැත නැත.
නුඹේ කර්මය - උක්තය අනුව යෙදී නැත.
"නිවැරදි කල යුතු ය ඇගේ වගන්තිය"
බුද්ධිය අණ කරයි මට..
"හිටපිය ඔතැන, ඔහොම ම!"
හඬ නගයි මා හෘද සාක්ෂිය.
බුද්ධිය හා සිත අතර අරගලය
නිවැරදි කරන්නට නොගියෙමි මම...
නිකමට වත් පසුම්බිය දෙස
නොබලා සිතින් කියා ගතිමි මම
"නුඹට දෙන්නට කියා මගේ ළඟ
මාරු කර ගත් කාසි නම් නැත."
වියළි තන පුඩුව, බිළිඳු මුවෙහි ඔබා
යටැසින්වත් නොබලා ගියා ය ඇය
බදු ගෙවා පිටි පැකට්ටුවක් ගෙන
උගන්වන්නට තවත් එකෙකුට..
Labels:
Emotional,
නිසඳැස්,
සමාජයීය,
සාහිත්‍යමය
සුමනෝ (ගීතයක් හා බැඳුණු කතාවක්)
Tuesday, December 3, 2013
අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.
මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.
වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..
තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.
පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.
ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..
මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..
කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.
ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.
තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.
මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ. ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.
තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.
අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.
ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ

වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ ?
අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.
ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.
පබළු නඟේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...
උඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා
වෙනදා වාගෙම තල මල් පිපිලා
තිබුණට ඇළ ළඟ වත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට හැඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ... උඹ ඇයි නැත්තේ
පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ
බලාපොරොත්තුව
Monday, November 18, 2013
තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා
රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..
දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ ම රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා...
සුදු අසු පිට නැගලා
පවුරු වළලු බිඳ - සිංහ නාද කර
වීර විකුම් දක්වා
තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන
කුමාරයෙක් එන්නා
සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති
කුමාරයෙක් එන්නා
රම්‍ය සුරම්‍ය සුබ - නේක අනෙක විද
මැදුරු ඔහුගේ වන්නා
එවන් නොයෙක විද - සුඛ පිරි ලෝකය
නගේ නුඹට වන්නා
මිහිරි ලොවක සුබ - පැතුම් අනෙක විද
නුඹ පා සිප ගන්නා
අසෙකු පිටෙහි නැග - නුඹ කැඳවාගෙන
යන්න නගේ එන්නා..
දැනුම උගන්නට - ශිල්ප ලබන්නට
නිරතුරු වෙහෙසෙන්නා
කුසට අහර නැති - නෙතට නින්ද නැති
ලොව තුළ දින ගෙවෙණා
අකුරු අතරින් - නුඹේ ම රුව දැක
තනිකම වද දෙන්නා
වියළි දෙතොලින් - නගේ හිනැහෙන්
කුමාරයෙක් එන්නා...
Labels:
Emotional,
ආදරය,
සමාජයීය,
සාහිත්‍යමය
Subscribe to:
Posts (Atom)