Test Footer 2

Test Footer 1

Blogger Widgets

Search This Blog

ජිවිතයක් බේරා ගන්න පුංචි උදව්වක් කරනවද?

Sunday, February 12, 2012

ජීවත් වෙන්න අපි හැමෝම ආසයි... ඒ ජීවිතේ විදවන්න නැතුව විදින්නයි මේ හැමදේම කරන්නෙ.. ඒත් අපි නොහිතපු විදියට කරදර බාදා එන පුලුවන්... ඒ දේවල් නිසා අපිට පේ මේ ජීවිතේ විදවන්න වෙන්න පුලුවන්...

ඒ වගේ විදවන්න වෙන එක දෙයක් තමයි ලෙඩ රෝග හැදෙන එක... මාරාන්තික ලෙඩකින් අපි ජීවිතේ අපි හිතපු පතපු දේවල් ඔක්කොම කනපිට ගහන්න පුලුවන්...

අනාගතේ ගැන අපි මවපු හීන.. අපි ආදරේ කරන අය... අපේ අතින් ඉටුවෙන්න තියෙන යුතුකම්.. මේ හැමදේම දාල අපිට යන්න වෙන්න පුලුවන් මේ ලෙඩරෝග නිසා...

පිලිකාව කියන්නෙත් ඒවගේ මාරාන්තික ලෙඩක... පිලිකාව නිසා අපි අතරින් අකාලෙ වෙන්වෙලා ගිය එක්කෙනෙක් හෝ ගැන අපි අහල තියෙනවා... ඒ තරමට පිලිකා මාරයා දරුණුයි...

ඒත් දැන් වෛද්‍ය තාක්ෂනෙ දිවුණු නිසා මේ රුදුරු ලෙඩ රෝග බොහෝමයක් පරාජ කරන්න පුලුවන්... ඒත් අව‍ශ්‍ය එක දෙයක් තියෙනව ඒ.. මුදල්...

හැමෝටම ඒවගේ අවස්තාවකට මුහුණ දෙන්න ප්‍රමානවත් ආර්ථික ශක්තියක නැති වෙන්න පුලුවන්

අන්න ඒවගේ අවස්ථාවකට මුහුණදීල ඉන්න සහෝදරියක් තමයි මදුෂාණි

ඇයගෙ ජීවිතේ නැවත් ලබාගන්න අවශ්‍ය වන්නෙ රුපියල් දෙලක්ෂ විසිදාහක් වගේ මුදලක්....


අපේ ආදරනීයෙකුගෙ ජීවිතේ වටිනාමකම ඇහුවොතින් ඔබට මුදල් වලින් ඒක මනින්න පුලුවන්ද... ??

ඇයත් ඒ වගේම ආදරණීය හෝදරියක් , යෙහෙලියක් , දියණියක් ......

ඒත් ඇයගෙ ජීවිතය මිල වෙලා තියෙන්නෙ දෙලක්ෂ විසිදාහක් වගේ මුදලකට..රු 100ක් බැගින් පරිත්‍යාග කලත් 2200 දෙනෙක්ට මේ අහිංසක ජීවිතය බේරාගන්න පුලුවන්...

අපි පරිත්‍යාග කරන සුළු මුදලට ජීවිතයක් බේරගන්න වගේම ගොඩක් දෙනෙක්ගෙ ඇස්වල කදුළුත් නවත්තන්න පුලුවන්...

ඒවගේම ඒ බේරාගනුපු ජීවිතය හිනාවෙන සැරයක් සැරයක් පාසා අපිටත් හිනාවෙන්න පුලුවන්..

ඇගේ රෝගී තත්තය පිලිබද වාර්ථා හ වැඩිදුර තොරතුරු දේව්ගේ අඩවියෙන් බලාගන්න පුලුවන්...

ඔබටත් ඇයගේ ජීවිතය බේරගන්න හැකි පමණින් උදවු දෙන්න මෙන්න මේ විදිවලින් පුලුවන්....

නම : පතිරණ කංකානම්ගේ ලක්ෂිකා තිළිණි මධුෂාණී

ඔබේ පරිත්‍යාගය යොමු කළ හැකි ආකාරයන් ..

·බැංකු ගිණුම : ජාතික ඉතිරි කිරීමේ බැංකුව , කරාපිටිය ශාඛාව
o ගිණූම් අංකය : 1-0121-80-0775-6

· වෙස්ටර් යූනියන් මුදල් හුවමාරුව මඟින් නම් ,(විදේශගත ඔබට)
o Receiver Name : P.K.L.THILINI MADUSHANI
o Expected payout location : Karapitiya , Galle
o Province : Southern
මෙමගින් මුදල් යවන්නේ නම් ඔබේ පරිත්‍යාගය පිළිබඳවත් ඔබේ තොරතුරුත් , එම මුදල් හුවමාරු අංකය (MTCN ) සහ වෙනත් විශේෂිත කරුණු වේ නම් පහත email ලිපිනය(cooperative.nts@gmail.com) ඔස්සේ මේ දියණියගේ පුහුණු පාසල වෙත යොමු කරන්න , එහි සම්බන්ධිකරණ නිලධාරි සුජීව ආරියනන්ද මහතා (දුරකථන අංක +94778166929) ඊට අදාල සම්බන්ධීකරණ කටයුතු කරනු ඇත.

වැඩුදුර තොරතුරු

ඇයගේ ලිපිනය : කජු ගහ වත්ත , ගනේ ගොඩ , අක්මිමන
පියා : පි.කේ අනුර
මව : පි.වි පුශ්ප කාන්ති


තව දුරටත් මේ නැගනියගේ රොගි තත්වය හා ව්ස්තර පිලිබදවත් ඔබේ පරිතයාගයන් පිලිබදවත් ෆේස් බුක් මෙම පි‍ටුව හා සම්බන්ද වි ලබා ගත් හැක ( http://www.facebook.com/cooperative.nts )


Or more details :-

M.M.Nishantha
Skype : m.m.nishantha
Gtalk: m.m.nishantha
Facebook: Blog: http://nursinglanka.blogspot.com/





මේ පොස්ට් එක ඔබේ බ්ලොග් වලත් පල කර මේ අක්කාගේ ජිවිතය බේරා ගැනිමට ගන්නා මේ උත්සහයට දායක වන්න..

6 comments

  1. sampath bank account number ekak thiyanawanam ewanna....

    ReplyDelete
    Replies
    1. වචන ටිකටත් ගොඩාක් පින් යාලුවා.. එන් එස් බි එකවුන්ට් නම්බර් එකක් විතරයි තියෙන්නේ... පුලුවන් උදව්වක් කරනවානම් ගොඩාක් වටිනවා

      ස්තුතියි ඔබටත් Najath Akram සහෝ මේ පොස්ට් එක දැම්මට

      Delete
  2. Hadisiyak wela hari O+ blood ehema ona wunoth mage blog eke contact karaganna puluwan number ekak ekkama comment ekak damanna....

    ReplyDelete
  3. මම අපේ ගෙදර මේ ගැන දැනුවත් කලා..

    ReplyDelete
  4. සල්ලිය බාගේනම් මහා ගොඩක් නැහැ දරුවෝ. ඒත් පුළුවන් උපකාරයක් කරනවා.මේක බලන දරුවන්ටත් මං කියන්නේ, මාසෙකට රුපියල් තුන් හාර දහක් ඉන්ට්නෙට් බිල ගෙවන්න වියදම් කරන එකේ ජිවිතයක් බේර ගන්න රුපියල් දාහකින් වත් දායක වෙන්න.ජීවිතය කියන්නේ අවිනිශ්චිත දෙයක්.සමහරවිට අද මදුෂානි ඉන්න තැන හෙට ඔබ ඉන්න පුළුවන්...

    ReplyDelete

 

www.arunalla.tk

www.arunalla.tk

මෙවන් ඝාතන යළි සිදු නොවේවා

. එස් එම්. නිෂ්මි
ඉංජිනේරු පීඨය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Most Reading